Friday, September 23, 2016

පුංචි කූඹියා..

කෑම ටිකක් සොයාගෙනයි ආවේ බඩගිනි       නිසා 
අම්මා ලෙඩින් නංගිලා හඬයි කුසගිනි          වෙලා 
එහෙ මෙහෙ යන ගමන් කෑමක්              සොයලා 
බැලුවෙමි සුවඳ එන පැත්තට ළං                කරලා

පෙනෙයි සුවදැති රස බොජුන් මේසය             උඩ 
දැනෙයි පැණි රස බිත්තියේ සිටින                  මට 
ආසයි ගොස් විදින්නට ඒ රස                      පහස 
ඒත් යන්න බෑනේ 
සැර බෙහෙතකින් මේසය වට කරලා             ඇත



No comments:

Post a Comment