Wednesday, September 7, 2016

සැමියා සහ බිරිඳ..

අහම්බෙන් වගේ ඇහුණු, හිතට වැදුණු කවියක්. ගජමන් නෝනා කිවිදියත් ඇයගේ ස්වාමි පුරුෂයත් අතර ඇති වුනු දෙබසක් තමයි මේ.

සැමියා:
යන මේ ගමන් සිඳු උනි නම්           පරමාද
එන තුරු අන් දෙස නොබලන්       සිතු පෑද
අල පත පැන් වැකි විලසින්        නොව හාද
සිහිව ඉදින් ලඳේ මා දුන්                 අවවාද


බිරිඳ :
හිමි යන ගම්වල අඟනුන්            නොවසාද
එනු විගසින් එහි නොවෙමින්           පරමාද
හිමියනි ඔබ දැන් මට දුන්                අවවාද
මම ඉවසම් මඳ රඳ ඉවසුම්                  දේද



ගජමන් නෝනාගේ සැමියා වැඩට යන්න කලින් බිරිඳට අවවාදයක් දෙනවා තනියම එහෙ මෙහෙ යන්න එපා, මම එන්න පරක්කු උනාට කියලා. නෝනා කවි වලට ආස නිසා දෝ මන්දා මේ කවියත් පද බැඳලා කියනවා. බැරිවෙලාවත් මම එන්න පරක්කු උනාට හිත පහද ගෙන වෙන මිනිස්සු දිහා බලන්න එපා, නෙලුම් කොළය උඩට වතුර වැටුනට රැදෙන්නෙ නෑ වගේ වැරදි හැගීම් හිතේ රඳව ගන්න එපා මම කියපු දේවල් හිතේ තියාගෙන පරිස්සමින් ඉන්න කියලා.

ඒකට ගජමන් නෝනා දීපු උත්තරය තමයි, ඔයා යන ගම් වලත් ගැහැණු ළමයි ඉන්නවනේ, ඒ වගෙ තැන් වල පරක්කු වෙන්නෙ නැතුව ගෙදර එන්න. මොකද මම ඔයා කියපු දේවල් මතක තියන් හිටියට මල්සරා ඉවසයි ද දන්නෙ නෑ ඒ නිසා කලින් එන්න කියලා. :D


මෙතනින් ඒ ටෙලි නාට්‍යය බලන්න පුළුවන් කැමති නම්. කවි රස විදින්න කැමති අයට අපූරු කතාවක්..
http://www.rupavahini.lk/sinhala-teledrama/gajaman-nona.html

No comments:

Post a Comment