Sunday, September 18, 2016

හැඟෙයි මට දැන් නම් සක්සුදක් සේම...

මිනිසා දුවයි දුක පසු පසම 
හිමිදිරියේ සිටන් රෑ බෝ වෙනතෙක්ම...
අද නොවේ හෙටයි 
මගේ සැනසීම යයි සිතමින්...
එකිනෙකා පරයා නැගෙමින්..
හෙලමින් අනෙකා වලෙහි..
දුවයි මිනිසා සදා නොමියෙන සේ..
නොදැනෙයි නොහැගෙයි
මරණය කරා යන බව අපි සැවොම..
අමතක කරයි දහම
එකතු කරන්නට ජීවිතය..
කුමක්ද ඉතිරිය ගෙනියන්න අවසන් ගමන..
වට කරගෙන සිටියත් නෑදෑ හිත මිතුරන්
කෙතරම් පෝෂණය කරත් අඹු දරුවන්
යායුතුය අවසන් ගමන තනිවම...
ධනය වැඩි වෙන අතර තුර
ගුණ දහම් යයි විසිරී සැමතැනම..
සපමි සපමි කිසිදු රසක් නැති
පරණ වූ මස් කටුවක්
ලේ රස දැනෙන තුරු දිවට...
ගලන්නේ අපේ රුධිරය වුවත් 
නොහැඟෙයි එය අපේ රුධිරය ලෙස...
සැපයි සැපයි කියමින්
මිනිසා විදියි දුකම ඒ ලෙසින් සැමදාම
නැත මෙහි කෙළවරක් 
සංසාරයේ යන තුරුම..
කණ කැස්බෑවෙක් විය සිදුරෙන් 
අහස දකින්නාක් මෙන්...
නිවන දුර්ලභ බව
හැඟෙයි මට දැන් නම්
සක්සුදක් සේම...



No comments:

Post a Comment