Sunday, March 27, 2016

කුමුදුනිය ඔබයි මගේ ...



කාලෙකට පස්සේ ඇහුනා අහම්බෙන්. ආදරය... වචන වලින් කවදාවත් කියලා ඉවර කරන්න බැරි හදවතට විතරක් දැනෙන දෙයක්. ලෝකේ තියෙන සුන්දරම දෙයක්. ඒත් ලෝකේ තියෙන භයානකම දේත් ඒක. ආදරය දෙන්න දෙන්න වටිනාකම වැඩි වෙනවා. ලබන්න ලබන්න වටිනාකම අඩු වෙනවා. ජීවිතයක් එළිය කරන්න වගේම අඳුරු කරන්නත් ආදරයකට පුළුවන්. ආදරයේ වටිනාකම වැඩි කරන්නේ විශ්වාසය. එක සැරයක් බිදුනොත් ආයේ හදන්න ගොඩක් අමාරුයි...

සමහරු ආදරය කරනවා. ඒත් ලබන්න පින නෑ. සමහරු ආදරය ලබනවා කරන්න පින නෑ. ජීවිතය එහෙමයි. ආදරය නිසා ජීවිතත් නැති වෙනවා. ආදරයද වටින්නේ ජීවිතයද වටින්නේ ඇහුවොත් ඒ අය කියාවි, ආදරය තමයි ජීවිතය කියලා. මොනා උනත් ආදරය අදුරන්නේ බොහොම ටික දෙනයි. ආදරය අඳුරන හදවතට දැනෙන ගීතයක්....


කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එලිය වගේ
සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ...

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවි ගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ

ගායනය - ඉන්දු අමරනාත්
සංගීතය - රංග දසනායක
ගී පද - කසුන් ගුණතිලක


Monday, March 7, 2016

සමාවෙයන් මට ඔබ අත් හැරියට එක මිනිත්තුවකට...


මට කවි ලියන්න බෑ. ඒත් මේක ලියන්න ඕනේ කියලා හිතුනා. මම අහපු ඇත්තම කතාවක්. කවියක්ද මොකද්ද නම් මම දන්නේ නෑ..


බඩගිනියි මහන්සියි මට හොදටම
ඉක්මන්ට එන්න කිව්වත් ආවේ නෑ ඔබ තවම..
දඩු මොනරෙ උඩ මම
තරහෙන් පිපිරි පිපිරි උන්නා මග බලාන..
ඔබෙ ඡායව දුටු සැනින් හිත පිරුනා සොම්නසින්
ඉක්මන්ට නගින්න මම කිව්වෙ නොඉවසිල්ලෙන්
වෙනදා නැති කොල එළි මග දිගටම..
මමත් සතුටින් ඉගිල්ලුනා ඒ අතරින් ඔබ එක්කම..
එසැනින් දැනුනි මට ලොකු අඩුවක්
හැගුනා නොසිටින බව ඔබ පිටුපසින්
ඒ මොහොතෙම මම පෙරලුනා වගේ කන්දකින්
ගිනිගත්ත මුලු ඇගම
කදුලු පිරුණා මගෙ දෑසට..
දහසක් සිතුවම් හිතෙ ඇදෙද්දි ආපසු හැරුනි විදුලි වේගෙන්
මට මොනව උනත් මට කම් නැත දැන් නම් ඔබ මොහොතක් දැක..
කදුළු අතරින් මම දුටුව ඔබේ රුව බස් නැවතුම ඉදිරිපිට..
දැනුනෙ මට වෙන කවදාවත් නැති සහනයක් සැනසුමක්.
නගින්න පෙර ඉගිල්ලුනාලු මගේ කලබලයට..
ඔබත් හඩයි මාත් හඩයි
සමාවෙයන් මට ඔබ අත් හැරියට එක මිනිත්තුවකට...

Thursday, March 3, 2016

ඉස්කොලේ යන්න ආසයි මමත්..



ඉස්කොලේ යන්න ආසයි මමත්..
අප්පච්චි නැති නිසා අම්මව බලාගන්න ඕනෙත් මම..
වෙන ළමයි ඉස්කෝලේ යනකොට
අපේ අම්ම අඩනවා මම බලාන..
අම්මට ඉන්නෙත් මම විතරයි..
මම වෙනුවෙන් ගමත් එක්ක සටන් කරපු අම්මව
බලාගන්න ඕනේ මම හොදට..
ගමේ අය මම ඉස්කෝලේ එනවට අකමැති උනාට
කොහොම හරි හොදට ඉගෙන ගෙන
දොස්තර කෙනෙක් වෙලා
එනවා ගමේ අයගේ දුක සැප හොයන්න...
මට AIDS නැති උනාට
ඒ අසනීපෙ තියෙන අය විදින දුක
මට තේරෙනවා දැන් හොදටම..
කවදා හරි මමත් ලොකු වෙලා
උදව් කරනවා මම වගේ අසරණ වෙන අයට...