Sunday, July 31, 2016

දෙහදක කතාවක්..


ඔහු..

නුපුරුදු ඇය මගේ ලඟට විත්
පුරුදු ඔබ දුරස් විය සදහටම..
හදවත හඬා වැටුනත්
සැඟවිය යුතුය එය ලොවට..
ඔබේ හදවත හඬන බව මට ඇසුනත්
නොඇසේ අන් අයට එය..
සිනාසෙන්නට ඔබත් වෙර දරයි
දරාගෙන දුක් කදුළු මහමෙරක්..
සඟවා ගනිමි මගේ කඳුළැල්..
මවා ගනිමි මගේ සිනහව..
දරා ගනිමි සියලු දුක්
එයයි ලෝකයාගේ සතුට..
ඔබත් දනිමි මමත් දනිමි..
කුමක් කරනෙම්ද මෙයයි දෛවය..
කලයුතුය අමතක ඔබේ සෙනෙහස..
දෙන්න අවසර පිය නගන්නට
ඔබෙන් ඈතට ඇය සමඟ..


ඇය..

හිඳියි ඇය ඔබේ අභියස..
දුරස් විය යුතුය මා සදහටම..
සඟවාගෙන කඳුළැල්
සිනාසෙමි දරාගෙන..
ඔබත් දනිමි මමත් දනිමි..
කුමක් කරනෙම්ද
මෙයයි දෛවය...
පතමි ආසිරි
ඔබේ යුග දිවියට..
ඉතින් අවසරයි මගෙන්
පිය නගන්නට..
ඇය සමඟ
නැවුම් ලෝකයකට..


No comments:

Post a Comment