Sunday, July 6, 2025

Gift of Shelter [“Turning generosity into a shelter”]

 

මේක ටිකක් දිග කතාවක්. හැමදේම පටන් ගත්තෙ මෙහෙමයි…


අපේ අක්කගේ යාළුවෙක්ට ඕන උනා බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට මොනවා හරි උදව්වක් කරන්න. ඉතින් ඒකට අපේ අක්කා ගමේ Midwife කියපු ගෙදරකට කෑම බීම බඩු අරගෙන ගියා.

ඒ වෙලාවේ, ඒ Midwife ඉල්ලීමක් කරලා තිබ්බා පුළුවන් නම් මේ ගෙදර හදන්න උදව්වක් කරන්න කියලා. අපේ අක්කලටත් ගොඩක් දුක හිතලා තිබුණා ඒ ගෙදර ළමයි තුන්දෙනා ඉන්න විදිහ දැකලා. මටත් ඕන වෙලා තිබ්බා පොඩි ගෙදරක් හදන්න උදව් කරන්න. මං කොයි ගොන් වැඩේ කරත් ළඟින් ඉන්න දිනූෂි අක්කයි අමල් අයියයි දෙන්නා දෙන්නත් වැඩේ කරන්න කියලා මාව උනන්දු කරා. ඒ නිසා මං මගේ යාළුවොන්ටත් කියලා ගෙදර හදන වැඩේ පටන් ගත්තා. මොන වැඩේ කරත්, නෑ බෑ නොකියා උදව් කරන මගේ යාළුවෝ හැමෝම වගේ “හා කරමු” කියලා කිව්වා.


මේ එදා තිබ්බ විදහ





“Many hands working together can accomplish what one
cannot alone..”


ඉතින් ඊට පස්සේ..


මං දන්න architect අක්ක කෙනෙක්ට කියලා ප්ලෑන් එකක කටු සටහනක් ඇඳගත්ත අපිට ලක්ෂ දහයකින් විතර ඉවර කරන්න පුළුවන් විදියට. ඊට පස්සේ අපේ අක්කා දන්න අයියා කෙනෙක්ට කියලා ඒ plan එක හොඳට ඇඳ ගත්තා. අපේ අක්කගේ මහත්තයා (බන්දු අයියා) ඒක හදන්න ඕන බඩු බාසුන්නැහේ කෙනෙක්ගෙන් අහගෙන අඩිතාලමට අවශ්‍ය බඩු ටික ගෙනහින් දැම්මා. ගෙදර අයට කියලා වෙලාවක් බලලා මුල්ගල තිබ්බා. දවස් දෙකකින් වගේ අඩිතාලම දාලා ඉවර වුණා.


   

ඒ තිබ්බගේ කඩලා තමයි අලුත් ගෙදර හදන්න පටන් ගත්තේ. ඒ නිසා ඒ ගෙදර අය පොඩි ගෙදරක් ලී වලින් හදාගෙන තිබ්බ.


ඊට පස්සේ ටික ටික..


ඊට පස්සේ ටික ටික බිත්ති බඳින්න පටන් ගත්තා.  බාස්ල හොයලා බඩු ඕන දේවල් අහගෙන, බඩු අරගෙන ගිහිල්ලා, බඩු ලාභ තැන් හොයලා, ඒ බඩු ගෙනැල්ලා, ඒ හැමදේම මට වාර්තා කරලා තමන්ගේ වැඩත් පාඩු කරගෙන දේටම දුවලා පැනලා කරේ අපේ බන්දුල අයියා.  ඒ උදව් කරන බාස්ල වගේම හාඩ්වයර් වලින් සෑහෙන්න උදව් කරල තිබ්බා.  Market එකේ තියෙන ගානට වඩා අඩුවෙන් තමයි හැමදේටම  සල්ලි අරන් තිබ්බේ අපේ Fund එකට ලක්ෂ එකොළහක් මේ වෙද්දී හම්බෙලා තිබ්බා. 


“Unity is the foundation of strength; just as a bundle of sticks is hard to break.”


ඊළඟට තිබ්බේ…


ඊළඟට තිබ්බේ වහල ගහන වැඩේ. ඒකට ඕන ලී අරගෙන පාට ගාලා වේලෙන්න තිබ්බා. අපිට වැස්සෙන් ගොඩක් බාධා ආවා. කොහොමහරි කොහොමහරි වහල ගහන වැඩෙත් පටන් අරගෙන ඉවර කරා.


“When hands join together, even the heaviest roof can rise.”


ඉතින් ඉතින්…


දැන් ඒ ගෙදර මූලික කොටස් ඉවරයි. දැන් තියෙන්නේ ලස්සන කරන වැඩ ටික. ගෙදර කපරාරු කරන්න කලින් වයරින් කරලා පොළවට කොන්ක්‍රීට් දැම්මා. ඒ අතරේ අයියා ජනෙල් දොරවල් හදන්න දීල තිබ්බා.

 

ඊට පස්සෙ පොළොවට සිමෙන්ති දැම්මා.


With heartfelt gratitude, we sincerely appreciate the generous contributions from the following kind-hearted individuals.
Your support made a big difference.


මේ උදව් කරපු අය…


Priyani Akka Meenu
Dinushi Akka Ajanee Akka
Geethi Himali Akka
Hasara Devmali Akka
Kosala Asith Ayya
Piyumi Akka Waruni
Warunika Thathsarani


මීට අමතරව අපේ අක්කටයි, බන්ධුල අයියටයි, අපේ තාත්තටයි, මේකට මහන්සි වෙච්ච හැමෝමයි, වචනෙකින් හරි උදව් කරපු, අහලා සතුටු වෙච්ච හැම දෙනෙක්ටමයි ගොඩාක් පින්.


මේ ගියපු වියදම්:

Description Amount (LKR)                      
Foundation                               231,820
Door frames77,000
Walls307,599
Roof253,872
Setup electricity50,441
Doors and windows105,806
Lay concrete on the floor49,900
Change electricity meter8,850
Lay Cement on the floor42,000
Total1,127,288


ඉතින් අපිට මේ වෙලාවෙ සම්පූර්ණ කරන්න වුණේ මෙච්චරයි. අපිට තව කපරාරුව, ඒ වගේම ජනෙල් වල ග්‍රිල් දාන්න තියෙනව. ඒත් මේ වෙලාවෙ ඒක කරන්න බැරි නිසා ඒ ගෙදර අය ගෙට 2025 ජූලි 06 වෙනිදා ගෙවදුනා. ඉතින් දැන් ඉදන් ඒ ගෙදර ළමයි හතර දෙනාට තෙමෙන්නෙ නැතුව පහසුවෙන් ඉන්න පුළුවන්. 😊

No comments:

Post a Comment