ත්රිශාලිගෙ වෙඩින් එක දවසේ ඉඳන්ම මම බලාගෙන හිටියේ England බලන්න යන්න. Covid නිසා කාලයක් තිස්සේ ඒක මග ඇරුණා. ඊට පස්සේ මම Netherlands එන දවසේ ඉදන්ම ත්රිශාලි කිය කිය හිටියේ එහේ එන්න කියලා. ඉතින් කොහොමහරි සල්ලි ටිකක් ලෑස්ති කරගෙන මම visa apply කරා. එයින් process එක ගැන කිව්වොත් Visa apply kare https://www.gov.uk/browse/visas-immigration/tourist-short-stay-visas. Biometrics දෙන රට ඉස්සෙල්ලම අහනවා. එතනින් පස්සේ විස්තර පුරවන්න තියෙන්නෙ. Netherlands වල තැන් දෙකක biometrics දෙන්න පුළුවන්. Den Hague සහ Amsterdam වල. එතැනින් Den Hague වල තියෙන්නෙ premium service එකක්. එක ගණන් වැඩියි. හැබැයි අපිට ඕන දවස select කරගන්න පුළුවන් . Amsterdam තැන මං හිතන්නේ, ඉක්මනටම date එකක් ගන්න බැහැ. ටිකක් කල් යනවා. visa apply කරද්දී ඒක කියන්නේ නැහැ. ඒ නිසා මීට පස්සේ Amsterdam ම select කරන්ඩ ඕනේ. Visa form එක fill කරන වෙලේ ඉදන් ත්රිශාලිටයි එයාගෙ මහත්තයා විදුරටයි මං සෑහෙන්න වධ දුන්නා. documents ප්‍රින්ට් කරන්න කියලා mail එකේ තිබ්බත් එයාලා කිව්වේ Netherlands වල කොල බලන්නේ නැහැ කියලා. Documents ටික අප්ලෝඩ් කරහම ඇති කියලා කිව්වා. කොහොමහරි සති දෙකක් ඇතුළත වගේ වීසා එක ආවා.
මං කලින් හිතාගෙන හිටියේ ඔක්තෝම්බර් වල යන්න. ඒ උනාට වීසා කලින් ආව නිසා විදුර කිව්වා සැප්තැම්බර් එන්න කියලා. මොකද Buckingham palace එක සැප්තැම්බර් 24 න් පස්සේ වහනවා ලු. අලුතළුත්වැඩියා වැඩ වලට. ඊට පස්සේ අපි දවස් ටික plan කරලා ඔක්කොම ඉවර උනාට පස්සේ තමයි මම දැක්කේ මගේ වීසා එක valid වෙන්නේ ඔක්තෝම්බර් 13 හින්දා මොකද මම දැම්මේ ඔක්තෝම්බර් 13 fly කරනවා කියලා. මෙයාලා ඒක සීරියස් අරන් මගේ වීසා එක දීලා තියෙන්නේ එදා ඉදන්. ප්ලෑන් කරපු ඔක්කොම ටික කල් දාලා නිවාඩුත් cancel කරා. Reserve කරපු tickets ඔක්කොම වගේ කල් දාගන්න පුළුවන් වුණා flight ටිකට් එක ඇරෙන්න.
කොහොමහරි ඔක්තෝම්බර් 13 හවස මම Amsterdam වලින් KLM ෆ්ලයිට් එකට නැග්ගා. මම ලයිට් එකේ වාඩිවෙලා හිටියේ window seat එකේ. මගේ එහා පැත්තේ සීට් එකට ආවෙ ටිකක් මහත lady කෙනෙක් එද්දි මම එයාගෙ සීට් එක උඩ තිබ්බ seat belt එක එහාට කරලා එයාට වාඩි වාඩිවෙන්න ඉඩ හදලා දුන්නා. එතනින් පස්සේ එයයි මායි හොද යාලුවෝ වුණා. එයා මැලේෂියන් කෙනෙක්. හැබැයි England ඇවිල්ලා අවුරයි දහයකට වැඩි කිව්වා. එයා electronic engineer කෙනෙක්. බහිනකම්ම අපි දෙන්නා ගොඩාක් විස්තර කතා කරා. Birmingham වල කරන්න පුළුවන් දේවල්, කන්න පුළුවන් කෑම, culture එක ගැන, පව්ලේ විස්තර ඒ වගේ ගොඩාක් අනං මනං කතා කරා. ෆ්ලයිට් එකේ පැයම යනවා තේරුනේ නෑ. පස්සේ එයා මට හග් එකක් දීලා wish කරලා සමු අරගෙන ගියා.
මම බහිද්දි ත්රිශාලිලා ඇවිල්ලාා හිටියා එයා පෝට් එක ගාවට. මල් boquet එකකුත් අරන් ඇවිල්ලා තිබ්බා. එයා ඉතිං මගේ යාලුවනේ.
ඊට පස්සේ අපි එයාලගේ ගෙදර ගියා. මම බඩගිනියි කිය කිය කෑ ගගහ හිටපු නිසා එයා බනිස් එකකුත් අරං ඇවිල්ලා තිබ්බා. ගෙදර ගියපු ගමන් එයා හදලා තිබුණ බතුයි පරිප්පුයියි කරවලයි, පොල් සම්බල් කෑවා. අම්මෝ රස දැනුත් කටට කෙල උනනවා.
ඊළඟ දවසෙ උදේ මම උදේ පාන්දරම නැගිටලා රබර් සෙරෙප්පු දෙකක් දාගෙන එළියෙ ඇවිදින්න ගියා. ආවට පස්සෙ හොඳවයින් දෙක තුනක් අහගත්තා. Husband & wife දෙන්නම බැන්නා. එදා දවල් අපි ගියා කඳු පන්තියක් බලන්න. ඇත්තටම කිව්වොත් ඒක සානුවක්. එක සැරයක් එතනින් ගියාට හොදටම මදි. ආයෙ යන් කියලා කිව්වහම විදුර ආයෙ උඩට ගිහිල්ලා ආයෙ පහලට එක්කන් ගියා. ඒ වගේ කීප සැරයක්ම අපිව උඩට පහලට එක්ක ගියා. එක සැරයක, මම කන්ද මුදුනේ වාහනයෙන් බැස්සා. මම හැදුවේ පහලට ඇවිදගෙන යන්න. යද්දි තමා තේරුනේ ලිස්සනවා කියලා. දෙසැරයක් විතර ලිස්සුවා වහින නිසා. එතකොටම වගේ ත්රිශාලි ලා වගේ වාහනෙන් ඇවිල්ලා මාව ගත්තා.
එද්දිත් ලස්සන තැන් කීපයක්ම තිබුණා. එදා රෑ කෑමට විදුරගෙ අම්මලාගේ ගෙදර එන්න කියලා තිබ්බා. අපි හෙට යනකොට රෑ හත හමාර විතර වෙලා. විදුරගේ නංගිලත් ඇවිල්ලා හිටියා. අම්මගේ රසම රස බත් එකක් කෑවා ලංකාවේ ගිහිල්ලා වගේ.
කොහේ ගියත් හාන මම එහෙදි වතුර එකකුත් හැලුවා. ඊළඟ දවසේ ලන්ඩන් යන්න ඕන නිසා අපි ඉක්මනටම ආවා.
ඊළඟ දවසේ උදේ අට වෙද්දී අපි පිටත් වුණා. අට කිව්වට නමය වගේ වුණා. මාමා ප්ලෑන් කරගෙන හිටියේ , ලන්ඩන් වල දවස් තුනක් නවතින්න. අපි ලන්ඩන් වලට යද්දි එක වගේ වුණා. අපි plan කරගෙන හිටියේ boat ride එක ගිහිල්ලා cable car එකේ Greenwich යන්න. ඒ උනාට boat එකේ ගිහින් එද්දි ටිකක් රෑ වුණා. ඊට පස්සේ අපි යන ගමන්, කෑම අරගෙන මම නවතින තැනට ගියා. බබා මහන්සියිට ද කොහෙද හොඳටම අඬ අඬ හිටියේ. ඒ වුණත් විදුර මාත් එක්ක ඇවිල්ලා, තැනත් බලලා මාව room එකට ඇරලලා තමයි ගියේ. Cash ටිකකුයි විදුරගේ bank card එකකුයි දෙකක්ම මට දුන්නා හදිසියක් වුණොත් කියලා.
ඊළඟ දවසේ උදේම මම book කරලා තිබ්බේ Sherlock Holms Museum. මම ඒක බලන්න ගොඩක් ම ආසාවෙන් හිටියේ ඉස්සර පොත් කියවද්දී හිතේ මැවිලා තිබ්බ දේවල් ඇත්තද කියල බලන්න ගොඩක් ඕන කම තිබ්බා. ලන්ඩන් එන්නම ඕන කියල හිතුනෙ මේකට. මට එතෙන්ට යන්න තිබ්බේ 9.30 ට. මම කෝකටත් කියලා ටිකක් කලින් එළියට බැස්සා අටට වගේ. එතනම තිබ්බා Indian cafe එකක්. මටම කියල වගේ නිසා මම එතැනින් කොෆි එකකුත් ගත්තා. මට නිදාගන්න තිබුණෙ single ඇඳක්. රෑ මැද්දෙ පෙරලෙන්න ගිහින් මාව දඩෝං ගාලා බිමට වැටුණ. හොඳ වෙලාවට වැටුණේ බ්ලැන්කට් එක උඩට. නැගිටලා ඇඳට ගිහින් ආයේ නිදා ගත්තා.
මම ගියේ underground train එකේ . Tube කියලා තමයි ඒකට කියන්නේ. Netherlands වල තියෙන Metro වලට වඩා ඒවා හයියෙන් යනවා. underground නිසා වෙන්න ඇති baker street ස්ටේෂන් එකෙන් තමයි මට බහින්න තිබ්බේ. එතනින් බැහැල එලියට එද්දි මම දැක්කා පාර අයිනේ පත්තර තියෙන තියෙනවා. ඒවා ඕන කෙනෙකුට අරගෙන කියවන්න හරි අරන් යන්න හරි පුළුවන්.
මම බේකර් වීදියේ අංක 221 ගෙදර ගාවට ඇවිදගෙන ගියා. museum එක වහලා තිබ්බේ. ඒක අරින්නෙ නමේ හමාරට. මං මම ඉතින් එතන වටේ ඇවිද ඇවිද හිටියා. ගොඩක් කට්ටිය තව ඇවිල්ලා පෝලිමේ හිටිය. අපි ඇතුලට යන යනකොටම Mrs.Hudsen වගේ ඇදගත්ත ලේඩි කෙනෙක් ඉන්නවා අපිව පිළිගන්න. එයා හරිම ෂෝක්. එතන ඉන්න staff එක ඔක්කොම ඇඳගෙන ඉන්නේ පරණ විදිහට. හරියට ෂර්ලොක් හෝම්ස් පොත් වල හිටපු අය වගේ. ඇතුලේ තියෙන්නේ පොඩි ඉඩක් හැබෑ හැබැයි පොත්වල visit විස්තර කරලා තියෙනවා වගේම බඩු සේරම තියලා තියෙනවා. ෂර්ලොක් හෝම්ස්ගේ makeup box එක, doctor Watson ගේ දුම් පයිප්ප, ෂර්ලොක් හෝම්ස්ගේ ඉටිරූප, ඒ වගේම කතාවල එන නඩු භාණ්ඩ තැන්පත් කරලා තියෙනවා. එතන කෙනෙක් ඔක්කොම විස්තර කරනවා විනාඩි දහයක් වගේ. ඊට පස්සේ අපිට ඕනේ තරම් ෆොටෝ ගන්න වෙලාව දෙනවා ඇතුලේ අපිට කැමති විදියටට ඇවිදින්නත් පුළුවන්. මම 10.30 වගේ විතර වෙනකම් එතන හිටිය.
මම එතන 10:00 විතර වෙනකන් හිටියා. මට ඊලගට යන්න තිබුණේ Windsor castle. London Waterloo ඉඳන් තමයි ට Windsor castle යන train එක ගන්න තිබුණේ. Windsor & Eton Riverside එකෙන් තමයි බහින්න තිබුණේ. Waterloo station එක ටිකක් ලොකුයි. එතන කීප දෙනෙක්ගෙන්ම මම විස්තර අහගත්තා. මගේ QR code එක වැඩ කෙරේ නැහැ එක වෙලාවක. එතන හිටපු gate keeper මගේ ටිකට් එක බලලා එයාගෙ කාඩ් එකෙන් ගේට් එක open කරලා දුන්නා. අන්තිමේදී මම Windsor castle river side ස්ටේෂන් එකෙන් බැස්සා. එතනටත් කාසල් එක පේනවා. Castle entrance එකේ security point එකක් තියෙනවා. Sharp දේවල් ඇතුළට ගෙනියන්න බැහැ. ඇතුලට යන තැනින් multi multimedia guide එකක් collect කරගන්න පුළුවන්
කාසල් එක ඇතුලට ගියාම ෆොටෝ ගන්න බැහැ. ඒක ඇතුළෙ තියෙන රාජ්කීය බව නම් මම කොහෙවත් දැකලා නැහැ. හරිම ලස්සනයි. ඒත් මට හිතුනා මේවා හදලා තියෙන්නේ වෙන රටවල් වලින් බලෙන් අරන් ආපු දේවල් වලින් නේද කියලා. ඒකෙ ඇතුලෙ බලන්න දේවල් ගොඩක් තියෙනවා.
ඒක බලලා ඉවර වෙලා මම ආපහු ලන්ඩන් යන්න train එකේ නැග්ගා. මට හිතුනා ලන්ඩන් බස් එකක ආයෙේ නවතින තැනට යන්ඩ ඕන කියලා. මම waterloo වලින් බැහැලා බස් එක ගත්තා. මම නැවතිලා හිටපු තැන් තිබුණේ තව bridge එක ගාවම නිසා මට හිතුනා එතනින් බැහැල bridge එක උඩින් පයින් ඇවිදගෙන යන්න. ඔහොම යද්දි ී මට එකපාරටම සිංහලෙන් කතා කරන සද්දයක් ඇහුනා බලන් යද්දි ලංකාවේ ගෑනු ළමයෙක් ද කොහෙද සිංහලෙන් කතා ෆෝන් එකෙන් කතා කර කර යනව. මට කතා කරන්න හිතුනත් එයා කෝල් එකක නිසා මම කතා කරේ නැහැ. ඒ විදියට මගේ ලන්ඩන් වල පළවෙනි දවස ඉවර උනා.
ඊළඟ දවසේ මට තිබුණේ big bus tour එකයි sea life එකයි Shrek adventure එකයි. මම උදේම ගිහිල්ලා ළඟම තිබුණ big බස් එකට නැග්ගා. බස් එකට නගිද්දිම head set එකකුයි මැප් එකයි ගන්ඩ ඕන. උදේ පාන් පාන්දර නිසා මාර සීතලයි. මාව දන්න කවුරුත් නැති නිසා හොඳට කැප් එක දාල hoodie එකත් දාගත්තා.
මම බිග්බෙන් එක ගාවින් බැස්ස. parliament එක හරිම ලස්සනයි. මම west minister abbey එක ගාව තියෙන statues ටික බැලුවා. ඊට පස්සේ මම ගියේ Shrek adventures. මගේ ටිකට් එකේ time slot එකක් තිබුණට ඒක එයාල බැලුවේ නෑ. එකේ ගොඩක්ම තිබ්බේ Shrek එකේ චරිත රඟපාන අය එක්ක තිබ්බ activities. පොඩි ළමයින්ට තමයි ගොඩක් හොඳ. අන්තිමට Shrek හම්බුනා.
එතනම තමයි Sea life එකත්. මගේ book කරපු time slot එකට තව වෙලාව තිබුනණත් මම හිතුවා කෝකටත් ට්‍රයි කරල බලනවා කියලා මම හිතුව වගේම එයාලා time slot එක බැලුවෙ නෑ. ඒක aquarium එකක්. ඇතුලේ මාළු ගොඩක් හිටියා. හැබැයි මට හිතුණේ Singapore aquarium එක ටිකක් මේකට වඩා ලස්සනයි කියලා.
ඊට පස්සේ මම ආයෙත් big bus එකකට නැගලා uckingham palace එක ගාවට ගියා. සැප්තැම්බර් 24 න් පස්සේ ඇතුලට යන්න දෙන්නෙ නෑ. ඊට පස්සේ ආයෙත් hide park corner එකට ගියා. ඒ හරියේ දැකපු විශේෂම දේ තමයි යුද්දෙදි මැරුණ සත්තු වෙනුවෙන් ඉදිකරලා තිබුනා ස්මාරකය.
එදා හොටෙල් එකට යද්දි රෑ 8 විතර වුණා.
ඊළඟ දවසේ මම යන්න හිටියේ British museum. වෙලාව තිබුනොත් යන්න කියලා Natural history museum එකත් reserve කරලා තිබ්බා. එදා හවස තමයි මම ආපහු බර්මින් හෑම් යන්න හිටියේ. මට යන්න එක තිබ්බේ හතහමාරට. මම නගින්න ඕන ස්ට්‍රේෂන් එක නැවතිලා හිටපු තැනට වඩා දුර නිසා සහ මගේ බෑග් එක අරගෙන හැමතැනම ඇවිදින්න යන්න බැරි නිසා, මම බෑග් එක තියන්න location (https://usebounce.com/) එකක් හොයාගත්තා. පැය ගානට තමයි ඒකෙ ගෙවන්න තියෙන්නෙ. උදේම ස්ටේෂන් එකට ගිහින් බෑග් එක තියලා , Kings station, London එකට ගියා හැරී පොටර් ගේ 9 3/4 Platform එක බලන්න. එතන ෆොටෝ ගහන්න ගොඩක් පෝලිම. මගේ පිටිපස්සෙ හිටිය තැඹිලි පාට කොණ්ඩෙ තියෙන ගෑණු ළමයෙක්. අපි දෙන්නා කතා කර පෝලිමේ හිටිය. එනිසා එයාගේ ෆොටෝ එකක් මම ගත්තා, මගේ ෆොටෝ එකක් එයා ගත්තා. නැත්නම් අපේ ෆොටෝස් අපේ ෆෝන් එකෙන් ගන්න බැහැ.
ඊට පස්සේ මම ගියේ British museum එකට. ඒක ලොකුම ලොකු බිල්ඩින් එකක්. ලංකාවේ ඒ වගේ බිල්ඩින් එකක් නැහැ. පිටරට වල ගොඩාක් දේවල් ඒකෙ තැන්පත් කරලා තියෙනවා. මම ඊජිප්තුවේ , ග්‍රීසියේ දේවල් බලලා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බඩු තියෙන පැත්තට ගියා. ඉන්දියාවේ බෞද්ධ ශිෂ්ටාචාරයට අයිති ගොඩක් දේවල් තිබුණා. . ඒ අතරින් තිබ්බා විශේෂ දෙයක් තමයි බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑමෙන් පස්සේ ධාතු බෙදන කැටයමක්. ඒ අවස්ථාව මම ලංකාවෙ තියෙනවා දැකලා නෑ. වගේම අමරාවතී සම්ප්‍රදායට අයිති චෛත්‍යයකින් වටදාගේ නටබුන් එක කාමරයකින් පිළිවෙලකට තියලා තිබුණ. සිදුහත් කුමාරයා ගිහි ගේ හැර යාම , මහාමායා දේවිය ගේ සිහිනය, බුදු වීම, වගේ ගොඩක් දේවල් වල කැටයම් චෛත්‍යය වටදාගේ කෑලිවල තිබුණා. ඒ වගේම නටරාජා මූර්තියකුත් තිබුණා. ලංකාවෙන් ගෙනිච්ච ඇද්දලවලින් හදපු කැටයම් ටිකක් තිබුණා. මං හිතුවා ඊට වඩා ඇති කියලා. ඒත් තිබ්බෙ ටිකයි. හැබැයි ඉන්දියාවෙන් නම් ගොඩක් දේවල් තිබුන. ලංකාවේ අය ඉන්දියාවේ බෞද්ධ නටබුන් බලන්න ගියාට ඉතුරු ඒවා බලන්න British museum එකට යන්න ඕනේ කියල හිතුණා ගොඩක් දේවල් එහේ තමයි තියෙන්නෙ.
ඊට පස්සේ මම ගියේ natural history museum එකට. ඒකෙ ගොඩක් පරිසරයට සම්බන්ධ දේවල් තමයි තියෙන්නෙ. ගිනි කඳු ඇති වෙන්නේ කොහොමද, පාෂාණ, සත්තුන්ගේ ඇට සැකිලි වගේ ගොඩක් දේවල් ඒකෙ තිබුනා. අවුරුදු 1500 ක් වගේ පරණ ලොකු ගහක හරස්කඩක් තිබුණා.
ඊට පස්සේ මම මගේ බෑග් එකේ ගන්න Euston train station එක කිට්ටුවට ගියා. එතනින් මම බෑග් එක අරගෙන Euston train station එකේ Starbucks එකේ වාඩිවෙලා හිටිය මගේ train එක එනකං. Departure time එකට විනාඩි පහළොවක් තියලා, platform announce කරහම එතෙන්ට යන්න ඕන. ගොඩක් අය හිටගෙන තමයි එතන platform එක දානකංම් බලන් ඉන්නෙ. ඒ දවස් ටිකේම මම කිලෝමීටර් 14 ක් වගේ දවසකට ඇවිදලා.
කොහොම හරි මම train එකේ නැගලා වාඩිවෙලා හිටියා. train එක Birmingham වලට යද්දි නවය විතර වුණා මතක විදිහට. මාව ගන්න විදුර ඇවිල්ල හිටිය. ගෙදර ගිහින් හොඳට කෑවා. ඊළඟ දවසේ අපි shopping ගියා. ඉතුරු දවස් ටිකේ කළේ රෙස්ට් කරන එක බබා එක්ක සෙල්ලම් කර කර හිටිය.
මට හැරී පොටර් (Warner Bros. Studio) එක බලන්න යන්න ඕනකම තිබුණට ටිකට් තිබුණෙ නෑ. ඒත් මම නිකමට චෙක් කරල බලද්දි time slots දෙකක් තිබුණා. ඒක තියෙන්නෙ London කිට්ටුවම. එදා train ටිකට්ස් තියෙනවද කියලා බලලා ටක් ගාලා අර timeslot දෙකෙන් එකක් reserve කරා. train tickets බලද්දි නම් පිස්සු හැදුනා. හරිම අමාරුයි තෝරගන්න. විදුරගේ කාඩ් වලින් තමයි ඔක්කොම book කරේ. මගේ ඒවා වැඩ කළේ නෑ.
24 උදේ ට්‍රේන් එක තිබුණෙ හතට. විදුර මාව ස්ටේෂන් එකට ඇරලුවා. උදේ 9 වෙද්දි මම Watford Junction එකේ. ඉඳන් හැරී පොටර් studio එකට Bus service එකක් තියෙනවා. studio එකේ ටිකට් තියෙන අයට නොමිලේ බස් එකේ යන්න පුළුවන්. බස් එකේ යන අතරේ studio එකට ගිහිල්ලා කරන්න ඕන දේවල් ගැන විස්තරයක් කියන Draco Malfoy ගේ video එකක් යනවාා. ඒක හරිම Helpful.
ඇතුලට යද්දි පාස්පෝට් එකක් දෙනවා එක එක තැන් (උදාහරණයක් විදිහට Forbidden Forest, Hogwarts' Great Hall, and Diagon Alley, station) වලට ගිහිල්ලා seal එකක් ගහගන්න ඕනි.
මුලින්ම පටන් ගත්තෙ Hogwarts' Great Hall එකෙන්. ඊට පස්සේ හැරී පොටර් ෆිල්ම් එකේ තියෙන ගොඩක් locations බලාගන්න පුළුවන්. ඒ වගේම animations කරපු විදිහ, රොන් වීස්ලි ගෙදර ඇඳුම් ඉබේ මැහෙන විදිහ, ඉබේ පිඟන් හේදෙන විදිහට එහෙම මැෂින්ස් වලින් හදල තියෙන විදිහට බලාගන්න පුළුවන්. ඇත්තටම අපි දකින දේට වඩා කොච්චර දේවල් ඇතුලෙන් වෙලාද කියල හිතා ගන්නත් බැහැ. අපිට පේන්නෙ ඇත්තටම පොඩි දෙයයි ඒක පිටිපස්සේ ගොඩක් දේවල් කරලා තියෙනවා උදාහරණයක් විදිහට harry potter ගේ Gringotts Wizarding Bank එක. ඒකෙ Philosopher's Stone එක store කරල තිබුන දොර ඔක්කොම හදලා. ඒවා ඩිසයින් කරන්න කොච්චර මහන්සියක් වෙන්න ඇද්ද කියල හිතාගන්න බෑ. ඇත්තටම මායාකාරයෝ ඉඳලා තියෙන්නේ ෆිල්ම් එකෙන් පිටිපස්සේ. මම ඉතින් ඔක්කොම බලලා හවස හතරට විතර එළියට ආව. මගේ train එක තිබුණේ පහමාරට Watford Junction එකෙන්. එදා ත්රිෂාලිලට birthday part එකක්. එනිසා මාව ගන්න එන්න බැරි උනා. මම තනියම ගෙදරට ගියා. යතුර තියල ගිහිල්ල තිබුනා. මගේ කෑම එක ගෙනල්ල තිබුනා. එයාලා ආව ගමන් මං කෑවා. ඒකෙ ෆොටෝ ගන්න අමතක උනා.
ඊළඟ දවසේ අපි Sherwood forest බලන්න ගියා. ඒකටත් මට යන්න වුනේ පුංචි කාලේ රොබින්හූඩ් බලපු ආසාවට. ඒක හරියට කන්නෙලිය වගේ. අපි ඇවිදල හවස Halloween එකට pumpkin කඩන්න ගියා. තැඹිලි පාට කහපාට වට්ටක්ක ගොඩක්. අපි ඇතිවෙනකම් ෆොටෝ ගහලා හොඳ වට්ටක්ක ගෙඩි ටිකකුත් තෝර ගත්තා. අපේ summer පුංචි වට්ටක්කා ගෙඩිය තමයි cute ම. එදා රෑත් කන්න අපි විදුරගේ අම්මලගෙ ගෙදර ගියා. බඩ පිරෙන්නම කාලා ආවා. ලංකාවේ ගිහින් කනවා වගේ.
අපේ England වල ඉන්න ඉස්කෝලෙ යාලුවෝ ටික හම්බෙමු කියලා කතා කරගත්තා. මහේෂියි, සඳුපමයි දෙන්න ත්රිශාලි ලගේ ගෙදර එනවා කියලා අපි පැදුරු පාටියක් දාන්න ලේස්ති ආප්ප, වඩේ, Cutlets හැදුවා. පැදුරු පාටියට ගිටාර් එකක් හොයාගන්න try කරා. ඒ උනත් හරිගියේ නෑ. බැරිම තැන විදුර එකක් ඕඩර් කරා.
එදා උදේ ඉඳන් කෑම හැදුවා. සඳුපමා ආවත්, මහේෂිට එන්න බැරි වුණා. ත්රිශාලි ආප්ප හද හද අපට කන්න දුන්නා. හවස අපි සිංදු කියන්න පටන් ගත්තා. ඔක්කොම ඉවරවෙලා සඳුපමාලා යද්දි නමය විතර වුණා මං හිතන්නේ.
ඊළඟ දවසේ අපිට Wolverhampton යන්න හිතුවා. විදුරට වැඩ නිසා මායි ත්රිශාලි බබාව අම්මලාට බලා ගන්න දීලා ට්‍රේන් එකේ Wolverhampton ගියා. අපි shopping mall එකකට ගිහිල්ලා Shopping කරා. ඇවිදලා ඇවිදලා ෆොටෝස් ගහලා Library එක පැත්තෙත් ගියා. ගෙදර එනකොට විදුරගේ අම්මා උයලා තිබ්බා. අපි කාලා ඉවර වෙලා ගෙදර ගියා. ඊළඟ දවසේ birthday party එකට ready උනා.
අපි උදේ Shakespeare's Birthplace එකට යන්න ප්ලෑන් කරන් හිටියේ. හවස හය වෙද්දි ගෙදර එන්නත් ඕන party එකට. විදුරලා මාව Shakespeare's village එකෙන් දාලා car එක පාක් කරගෙන හිටිය බබාට සනීප නැති නිසා.
මම Shakespeare's Birthplace බලලා museum එකත් බලලා මාව ගන්න එන්න කියලා කිව්වා. අපි ඒ හරියෙම තිබ්බ lake එකක boat ride එකක් ගියා. ඒක ඉවර වෙලා අපි කෑමත් අරගෙන ගෙදර එනකොට විදුරලාගේ අම්මා නංගිලා ඇවිල්ල හිටියා. අපි කේක් කපලා සිංදු කියලා birthday එක සැමරුවා.
ඊළඟ දවසේ flight එක. අපිට සිංදුවක් record කරන්ඩ ඕන උනා. ඒ වුණාට වෙලාවක් වුණේ නැහැ. අපි හිතුවා උදේ කොහොමහරි ඒක කරන්න.විදුර setup එක හදලා දුන්නා. flight එකට යන්න ලෑස්ති වෙලා රෙකෝඩ් කරා. හවස එකට විතර මාව එයාපෝට් එකට ගෙනල්ල ඇරලුවා කට්ටියම. මම හය විතර වෙද්දි වගේ Netherlands වලට ආපහු ආවා. ඉතින් ඒක තමයි මගේ එංගලනන්ත සංචාරය.
මගේ මගේ ගමනට සෑහෙන්න මහන්සි වුණේ ත්රිශාලි සහ විදුර. මං වෙනුවෙන් ගොඩක් දේවල් කරා. කන්න බොන්න දුන්නා. තැන් තැන්වල එක්කන් ගියා. ඉතින් ඒ හැම එකටම ගොඩක් පින්.
No comments:
Post a Comment