Saturday, December 2, 2017

මගේ වරද මිස ඔබට මා පෙම් කල..

හිමි නොවනා බව දැන දැනත්
බොහෝ කාලයක සිට
ඔබට මා පෙම් කලෙමි හදවතින්ම...
මා කෙතරම් පෙම් කලද
ඔබේ හදවත සොයයි වෙනකෙකු නිරතුරුව...
දනිමි මා අසරන බව 
ලෝකයා ඉදිරියේ හඩ නගන්නට
 මෙන්ම කදුලු සලන්නට...
දනිමි මා මිනිස් සිත නිරතුරුව අශාවන්ට ලැදි බව..
ඔබත් මිනිසෙකි ආශාවන්ට ලැදි වන මා මෙන්ම..
නැත ඔබ අත කිසිදු වරදක්..
මගේ වරද මිස ඔබට මා පෙම් කල..

No comments:

Post a Comment