Sunday, March 27, 2016

කුමුදුනිය ඔබයි මගේ ...



කාලෙකට පස්සේ ඇහුනා අහම්බෙන්. ආදරය... වචන වලින් කවදාවත් කියලා ඉවර කරන්න බැරි හදවතට විතරක් දැනෙන දෙයක්. ලෝකේ තියෙන සුන්දරම දෙයක්. ඒත් ලෝකේ තියෙන භයානකම දේත් ඒක. ආදරය දෙන්න දෙන්න වටිනාකම වැඩි වෙනවා. ලබන්න ලබන්න වටිනාකම අඩු වෙනවා. ජීවිතයක් එළිය කරන්න වගේම අඳුරු කරන්නත් ආදරයකට පුළුවන්. ආදරයේ වටිනාකම වැඩි කරන්නේ විශ්වාසය. එක සැරයක් බිදුනොත් ආයේ හදන්න ගොඩක් අමාරුයි...

සමහරු ආදරය කරනවා. ඒත් ලබන්න පින නෑ. සමහරු ආදරය ලබනවා කරන්න පින නෑ. ජීවිතය එහෙමයි. ආදරය නිසා ජීවිතත් නැති වෙනවා. ආදරයද වටින්නේ ජීවිතයද වටින්නේ ඇහුවොත් ඒ අය කියාවි, ආදරය තමයි ජීවිතය කියලා. මොනා උනත් ආදරය අදුරන්නේ බොහොම ටික දෙනයි. ආදරය අඳුරන හදවතට දැනෙන ගීතයක්....


කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එලිය වගේ
සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ...

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවි ගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ

ගායනය - ඉන්දු අමරනාත්
සංගීතය - රංග දසනායක
ගී පද - කසුන් ගුණතිලක


2 comments:

  1. ආදරය.. රාමුවකට කොටු නොවී ජීවිතය ගැන කියාදෙන.. විටෙක සතුටත්.. විටෙක කදුලත්.. අසීමිත සෙනෙහසත්.. අසීමිත වටිනාකමක් ගෙනත් දෙන.. අමුතුම පිස්සුවක්.. හෙන ගහපන් ආදරේ.... :D :D :D

    ReplyDelete
  2. සිරාවට බන්.. හෙනම ගහපන්..

    ReplyDelete