Sunday, February 21, 2016

දවසක් දා....



ඔන්න දවසක් මම ගෙදර යනකොට හිතුණා කොහේ හරි trip එකක් යන්න ඕනේ කියලා කාලෙකින් ගියේ නැති නිසා. මම කල්පනා කරලා බැලුවා කොහේද යන්න හොඳ කියල. මට මතක් උනා අනස් ලගදි දවසක මී මුරේ ගියා නේද යාළුවොත් එක්ක කියලා. ඉතින් මම අනස්ට ඒ වෙලාවේම කතා කරලා කිව්වේ එක්කන් යන්න අපිවත් කියලා. තමාලිටත් මම කතා කරලා ඇහුවා යමුද කියලා. එයා කිව්වේ කොච්චර දවසක් ඉදන් කියනවද එක්කන් යන්නේ නෑ කියලා. ඒත් අනස් කොහොම හරි අපිවත් එක්කන් යන්න කැමති උනා. යන්න කට්ටිය හොයාගන්න එක තමයි ඊලගට තිව්න ලොකුම අමාරු වැඩේ. එක එක්කෙනාගෙන් අහල බැලුවා. මම තමාලි තාරායි අනසුයි විතරයි හිටියේ. අන්තිමට කොහොම හරි අනස් (යසිරු)රිටා ව කැමති කරගෙන තිව්නා එයා marry කරන්න ඉන්න කෙනත් එක්කම. අපි fb එකේ post එකක් දාලා අහල බැලුව යන්න කැමති කට්ටිය. තාරාටත් අන්තිම මොහොතේ යන්න බැරි උනා office එකේ හදිස්සි වැඩක් වැටුන නිසා. ඒකට නම් ගොඩක් අවුල් මටයි තමාලිටයි. කොහොම හරි (රුසිරු)පිටායි, නිශාදියිත් එනවා කිව්වා යන්න.

අපේ අදහස උනේ රෑ කැලේ නැවතිලා camp එකක් කරන්න.අනස් කලින් ගිහින් තිව්න නිසා බයක් තිබුනෙ නෑ. ඉතින් මමයි අනසුයි ගෙනියන්න ඕනේ බඩු ගැන කතා කරලා අනිත් අයටත් ගෙන්න ඕනේ දේවල් බෙදලා දුන්නා.කොහොම හරි එදාට කලින් දවසේ අනස්ගේ යාළුවා එන්නේ නෑ කියපු නිසා අපේ office එකේ ක්‍රිශාන්ටත් එන්න කිව්වා. 3 ට විතර තමයි කොට්ටාවෙන් යන්න පිටත් උනෙ. මමත් තමාලිලයි ගෙදර ගිහින් අපි දෙන්නම ත්‍රීවීල් එකක ආවා කොට්ටාවට. ක්‍රිශානුත් යාලුවෙක්ගෙ ගෙදර ඉදන් එතනට ආවෙ හැබයි විනාඩි 10 ක් විතර පරක්කු වෙලා. ඉතින් රිටා මග දිගට බැන බැන යනවා වෙලාව වැරදුනා කියලා. මටයි තමාලිටයි හිනා.

අපි මීගමුවට ගිහින් අනසුයි, චතුයි, නිශියි, දාගෙන වේයන්ගොඩ පැත්තෙන් පිටාත් දාගෙන නුවර පාරෙන් හුන්නස්ගිරියට යන්න පිටත් උනා. කඩුගන්නාව කිට්ටුවදි උදේට තේ බිව්වා. අපේ අදහස උනේ දවල් 1.30 වෙද්දි මී මුරේ ට යන්න. දවල්ට කන්න කොහේවත් නවත්තන්නෙ නැතුව යන්න ඕනෙ නිසා අපි දවල්ට කන්න රොටි ගත්තා හුන්නස්ගිරියෙන්. පොල් රොටියි කොච්චි සම්බලුයි. වෙලාවෙ හැටියට ඔක්කොම පොර කකා කෑවා අනස් ඇරෙන්න. අනස් කෑවෙ මිරිස් සැර වැඩි වෙයි කියලා බයෙන් බයෙන්.

හුන්නස්ගිරියෙ ඉදන් මී මුරේ ට යන්න තිව්නෙ බොහොම දුශ්කර පාරක්. වාහන දෙකක් මාරු වෙන්න හරිම අමාරුයි. ඒ වගේම ලොකු වලවල්. ගොඩක් වෙලාවට අනසුයි ක්‍රිශානුයි බැහල ගිහින් පාර බලනවා. බොහොම පරිස්සමෙන් තමයි ඒ ටික ගියේ.













කොහොම හරි එක අන්තිමට phones වලට සිග්නල් තියෙන තැනින් බැහැලා ගෙවල් වලට කතා කරා. ආයෙත් තේ බොන්න, ඒ ගමේ තිව්න පොඩි කඩයක් ගාවින් නැවැත්තුවා.එතනින් තේ බීලා එහෙම ආයෙත් යන්න පටන් ගත්තා. අපි හවස 2.30 වගෙ වෙද්දි අපේ ගමනාන්තයට ආවා.














ගමනාන්තය කිව්වට වාහනේක යන්න පුලුවන් දුර ඉවර කරා. අනස් කලින් ගිහින් තිව්න නිසා ගමේ ගෙදරක් අදුරනවා. එහෙන් අපේ වෑන් එක දාලා අපිට අවශ්‍ය බඩු මලුත් උස්සන් ලකේගල කන්ද නගින්න පටන් ගත්තා.








හැමෝම ගාව බඩු ගොඩයි. බුමිතෙල් ලිප, tent දෙක, කන බොන දේවල්, ලණු, ඇදුම්, පොල් කටු වගේ ගොඩක් දේවල්. අපිට අපේ වාහනේ ළග ඉදන් 2 km වගේ යන්න තිබුනා කන්ද පාමුලට. එතන ඉදන් වතුර පාරවල් දිගේ, ගස් වැල් අස්සෙන් රිංග රිංග තමයි යන්න තිව්නෙ. එදා එහෙට වැස්ස නෑ. ඒ නිසා අපිට තිව්න ලොකුම හිසරදයක් අඩු උනා. කැලේ ඇතුලට යද්දී කූඩැල්ලො දෙතුන් දෙනා එල්ලුනා. කූඩැල්ලොත් අයින් කර කර ඉතින් හෙමින් හෙමින් කන්ද නැග්ගා. හෙමින් කිව්වට හෙමින්ම නෙවෙයි අපි පැය 2ක් ඇතුලත කුඩාරම් ගහන්න තැනක් හොයාගන්න ඕනේ නිසා ටිකක් වේගෙන් ගියා. ඔහොම යද්දී මගේ bag එක බර වැඩි නිසාද මන්දා මට ගොඩක් මහන්සි උනා. තව නම් අඩියක් වත් යාගන්න හයියක් තිව්නෙ නෑ. පිටා මගේ අතේ තිව්න කැමරාව අතට ගත්තා. අනස් එයාගේ බර bag එකත් එක්කම මගේ බර bag එකත් උස්සගත්තා. තමාලි අනස් අතේ තිබුණ බුමිතෙල් ලිප අතට ගත්තා. ටික දුරක් යනකං මම අතේ මුකුත් නැතුව නැග්ගා ඒ කට්ටියට පින් සිද්ද වෙන්න. ඒකෙන් ටිකක් හයිය ඇවිත් ආයෙත් bag එක අතට ගත්තා. කැමරාවට මොනවා උනාද කියලා මතක නෑ. නැවතුන තැන නම් ඒක තිබුණා.









අපි වතුර පාරක් ගලාගෙන යන තැනක කණ්ඩියක් උඩට වෙන්න අපේ කුඩාරම් ටික ගහන්න තෝරාගත්තා රෑ වෙන්න කලින්. එතන ටිකක් සුද්ද කරලා පොළව සමතලා කරගත්තා. පිරිමි ළමයි ටික tent ටික ගහන කම් ගැහැණු ළමයි දර හොයන්න ගත්තා ගිනි මැලයක් ගහන්න කළුවර වැටෙන්න කලින්.





දර හොයල ඉවර වෙලා රෑට කෑම හදන්න එළවලු කැපුවා. අපිට ලොකුම ප්‍රශ්නේ උනේ තෙත දර වලින් ගිනි මැලය පත්තු කරගන්න එක. බුමිතෙල් තිබුණත් දර ඇවිලෙන්න ගොඩක් වෙලා ගියා. එත් කොහොම හරි කළුවර වැටෙන්න කලින් ගිනි මැලය අවුළුවා ගන්න අපිට පුළුවන් උනා.














බූමිතෙල් ලිප අරන් ගිය නිසා උයන්න අමාරුවක් උනේ නැහැ. අපි එළවලු දාලා නුඩ්ල්ස් හැදුවා. තව ඇපල්, පිපිඤ්ඤා කපලා ගත්තා. අනස් මස් හැදුවා. ඔක්කොම ලේස්ති කරලා අපි ඇඟ සෝද ගත්තේ අයිස් වගේ සීතල වතුරෙන්. ඒ වෙලාවේ හැටියට පුදුමාකාර බඩගින්නක් තිබුනේ හොදටම මහන්සි වෙලා හිටපු නිසා. කට්ටියම බඩ පිරෙන්න කෑවා. ඒ අස්සේ පිටාට පුෂ් ගාන සද්දෙකුත් ඇහුණා ;). ගැහැණු ළමයි ටික කලින්ම තෝර ගත්තු කුඩාරමට ගිහිං හොඳට නිදාගෙන ඇහැරෙද්දී ටිකක් එළිය වැටිලා.

උදේට කන්න හදන්න තිබුනේ මඤ්ඤාක්කා. අපි ඉතිං වතුර පාර ගාවට ගිහිං මඤ්ඤාක්කා සුද්ද කරා. ඒ අතරෙදි ක්‍රිෂාන් තේ හැදුවා. මමයි පිටයි ඡයාරූප පාඩමක් කරා ;). අපි ළූණු එක්ක චිලි පේස්ට් එකතු කරලා සම්බලක් හැදුවා මඤ්ඤාක්කා කන්න.






















මොනවා උනත් කට්ටියගෙන් ඉහලම ප්‍රතිචාර ලැබුණා ඒ කෑම වේලට. අනස් සීනී දාගෙන ගොඩාක් සැරට කෑවා ;).








ඊට පස්සේ අපි ගඟ උඩට ගියා නාන්න පුළුවන් තැනක් හොයාගන්න. ඇත්තටම අපේ ඇස් අදහා ගන්න බැරි උනා ඒ ලස්සන දැකලා. අපි ගල් උඩින් පැන පැන ටිකක් උඩටම ගියා. ගොඩාක් නිස්කලංක ගොඩක් ලස්සන තැනක්. ඒ හරිය එච්චරටම ලස්සන වෙලා ඇත්තේ මිනුස්සු වැඩිය ඇ පැත්තේ නොයන නිසා වෙන්න ඇති. තාම මිනිස් පුළුටක් නොගැටිච්ච මීටත් වඩා ලස්සන තැන් ලංකාවේ තව කොච්චර ඇත්ද කියලයි මට හිතුනේ.

















අපි හිතේ හැටියට නා ගත්තා. ඒ හරියේ විශේෂත්වය උනේ පුංචි උසකින් වැටෙන දියපාරවල්. ඒ නිසා ගිලෙයි කියලා බයක් නැහැ. දණහිස මට්ටම වගේ තමයි වතුර. ඒත් ගල් නිසා අපේ කව්රුවත් වැඩිය ඈතට ගියේ නැහැ. බොහොම පරිස්සමින් තමයි අපි සතුටු උනේ.














අපි ආයෙත් කුඩාරම් තිබුණු තැනට ඇවිත් ඔක්කොම අස් පස් කරලා ආපහු යන්න ලේස්ති උනා. ඒ වෙද්දී කාගේත් හිතේ තිබුණේ අයියෝ අපි ආයෙත් ඝෝෂාවෙන් පිරිලා ඉතිරිලා ගිය,කලබලෙන් එහෙට මෙහෙට දුවන්න වෙන ලෝකයට යන්න අකමැත්තක්. ඒත් අපේ ජීවිතය ඒක නිසා ආයේ එන්න උනා. එන්න කලින් අපි හිටපු තැන, අපි එන්න කලින් තිබුණ විදිහටම අපි හැදුවා. අඩුමගානේ එක කඩදාසි කොලයක් වත් එතන දාලා නොඑන්න අපි වග බලාගත්තා.















ඉතිං අනස් ඇරෙන්න ගියපු හැමෝගේම ජීවිතේටම විඳලා නොතිබුණ අත්දැකීමක් විඳගන්න ලැබුණේ අනස් නිසා. ගියපු හැමෝම අනස්ට ස්තූති කරා මේ වගේ දෙයක් plan කරාට. ඒ වගේම රීටා අපිව පරිස්සමින් එක්කන් ගිහිං ආයෙත් පරිස්සමින් එක්කන් ආවා. එච්චර දුරක් වාහනයක් අරන් ගිහිං ඒ මහන්සියත් එක්කම එක දිගටම වාහනයක් පදින එක ලේසි නෑ. ඒ ඇරෙන්න ගියපු හැමෝම එක එක්කෙනාට උදව් කරගෙන සහයෝගෙන් වැඩ කරපු නිසා කාටවත් කිසිම කරදරයක් නොවී ආපහු එන්න පුළුවන් උනා. කූඩැල්ලො කාපු ඒවා නම් තාම රිදෙනව

අපි ආපහු එනකන් කිය කිය ආවේ "ජීවිතය ඉතිං අපේ සිහිනයාක් නොවේ. හෙට උදේම අවදි වී යා යුතුව තිබේ..." සිංදුව ;)
ආ.. අනස් එන ගමනේදී සංගීත ප්‍රසංගයකුත් පැවැත්තුවා."ස්තුතියි..තියි තියි..තියි.., මීලගට ට ට..ට.. සුනිල් ටී ටී..ටී..." ;)




අපිත් එක්ක යන්න එන්න අහපු උපේක්ශ්‍යා, උත්පලාවී දෙන්නට එන්න ඉඩක් නොතිබුණු එකට ගොඩක් කණගාටු වෙනවා. ඒ වගේම තාරා. ඒත් අපිට වෙන කරන්න දෙඅක් තිබුනේ නෑ කණ්ඩායමක් විදිහට පටන් ගත්තු වැඩේ ඉවර කරනවා මිසක. ඉතිං අපි දැකපු දේවල් බොහොමයි. ඒක වචන වලින් විස්තර කරන්න ගොඩාක් අමාරුයි. ආයෙත් ගොඩක් අයත් එකතු කරන් මේ වගේ සුන්දර ගමනක් යන්න අපි හැමෝටම ඉඩ ලැබෙන්නත් මේ සහෝදරකම් හැමදාම එක විදිහටම තියෙන්න කියලත් මම හදවතින්ම පාර්ථනා කරනවා.

ඡයාරූප අනුග්‍රහය පිටා සහ මගෙන්..






මේක ලැබුණේ අනස්ගෙන්...



9 comments:

  1. Kiyanna wachana na habavinma lassanai.ati sundarai.kandayamak hatiyata yaluwo hatiya karapu e hama deyakma attama agei.sattakinma erisiya hitenava.aaa mage ketiyi ya yutu maga bohoi kalabala karai jivitha gamne sudara uuu nimeshayaka sobadam mathavage asiriya vida apa ha beda gattata oya hamadenatama thuti.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි අයියේ...

      Delete
  2. Lassana post ekak...thawa yanna asa ayatath projanayak wei... keep this good work... :)

    ReplyDelete
  3. hey nice work Ruk.... and nice team.... wanna go again :)

    ReplyDelete
  4. හදවතට දැනුනු චාරිකාවක හදවතට දැනෙන අවස්ථා.. ලස්සනයි.. නැවත නොඑන හෝරාවන්... ස්තුතියි!!!

    ReplyDelete
  5. නැවත යනවා නේ...

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete