Sunday, December 12, 2021
ආදරණීය කල්පි
Saturday, September 11, 2021
අම්මාගේ කවි
පබැඳුම : මේබල් අමරසිංහ
නෑකම් යාලුකම් හිතවත් කම් ද නැත
දූ දරුවන් ද දැන් ගේ ගෙදරට එන්නේ නැත
කොරෝනාවලින් මෙය සිදුවෙලා ඇත
මොනවා කරන්නද ගෙට වී ඇත ඉඳිනු ඇත
මුළු ලොව හැම තැන ඇත මේ විනාශය
ඒවට මුහුණ දී තම වැඩ කළ යුතුය
මිනිසුන් විසින් කරනා වැඩ නුසුසුදුසුය
දෙවියන් බඹුන් ඒවට දෙනවා බැටය
කොරෝනාවේ හැම රටකම පැතිරෙනවා
ඒ හැමදෙනාම ගේ ඇතුලේ ලතවෙනවා
හදාගත්තු කැඳ එක්ක උදයට බොනවා
දහවල පරිප්පුත් එක්කල බත් කනවා
පාසල් දරුවන්ට වී ඇති විනාසෙට
දුක හිතෙනවා මේවා ගැන අසන විට
පාසල් ගියපු අපගේ මේ දරුවන්ට
මොනවා වෙයිද කියලා බැහැ හිතන්නට
එන්නත් විදිනවා ලෝකේ හැම තැනම
එමඟින් මිනිස්සුන්ට ඇත හිතේ සැනසීම
මේවා දැක දැක එය මග හැර යාම
පෙන්වයි එයින් සිංහලයගෙ මෝඩකම
Sunday, June 20, 2021
දිය ඇලි දඩයම 3
කලින් බණ්ඩාරවෙල ගිහින් බලන්න බැරි වුණ දිය ඇලි ටික බලන්න ආයෙ බදුල්ල පැත්තෙන් යන්න හිතුවා. ෂයිනිලාගේ ගෙදර නවතින්න පුළුවන් නිසා තව එක්කෙනෙක් එක්ක හරි යන්න ඉද්දි, තාරාලට එන්න බැරි වුණ නිසා තනියම හරි යනවා කියල හිතුවෙ. අපායට වුණත් තනියම යන්න දෙන්නෙ නැති තමාලි තව යාළුවෙක් එක්ක ආවා. පියුමි අක්ක නැති අඩු පාඩුව මකන්න එයාගෙ නංගි ආවා. අපි එද්දි අස් පස් කරල තියන්න ඕනෙ කියලා ෂයිනි කලින් සතියෙ ගෙදර ගියා එපාම කියද්දි. නුගේගොඩින් පියුමි අක්කගෙ නංගිව දාගෙන, කොල්ලුපිටියට ගිහින් තමාලිවයි යාළුවයි දාගෙන දවල් 12 ට විතර පටන් ගත්තු ගමන ඉවර වුණේ රෑ 8ට විතර ෂයිනිලාගේ ගෙදරින්. දවස 2020.07.11.
බහිද්දි කට්ටියටම පාන් කියාගන්න බැරි තරම් මහන්සියි. අපි බණ්ඩාරවෙලට ආපහු වෑන් එකේ ඇවිත්, බදුල්ලට බස් එකේ ආවා. ගෙදර ගියපු ගමන් කට්ටියට පැණිම පැණි රස වෙනිවැල්ගැට පානයක් ෂයිනිලාගෙ අම්මා හදලා දුන්නා. ඊළග දවසෙ උදේම පිටත් වෙන්න ඕනෙ නිසා කට්ටියම හොඳට නිදාගත්තා. එදා රෑට කෑවෙ මොනවද කියලවත් මතකයක් නෑ. එච්චරටම මහන්සියෙන් හිටියෙ.