උඹ ඌත් එක්ක ඉන්න පින්තූර දැක්කම
මට හිත හදාගන්න ලේසියි..
ඒ උඹ මාව රවට්ටලා කියලා දැනුනම
උඹ ගැන එන අප්පිරියාව හින්දා
ඒ පින්තූර අස්සෙ
උඹේ හැන්ගුනු කදුළු තිබුනද මම දන්නෙ නෑ
සමහර විට අපි කව්රුවත්ම නොදන්න
විදිහට උඹ විදවන්න ඇති..
ඒකත් දන්නෙ ඉතින් උඹම තමයි..
මොනව උනත් මම දන්නවා
උඹ මට ආදරේ නෑ කියලා..
එහෙමත් නැත්නම්
මම හොයන ආදරේ උඹ ළග නෑ කි යලා
මම මගේ ජීවිතේ හොයාගෙන යන්න හිතුවා..
උඹ ආයේ මාව දාලා යන්න කලින්..
මොකද ඒක මට
කොහොමවත්ම දරා ගන්න බැරි හින්දා..
මම හිතුවෙ උඹේ සතුට මම කියලා..
මම හිතුවේ උඹ කියන්නෙ ඇත්ත කියලා..
මම කරපු ලොකුම මෝඩ කම තමයි
උඹව විශ්වාස කරපු එක..
මගේ පණටත් වඩා..
ඒත් මම අමාරුවෙ වැටුණු වෙලේ
උඹෙන් සල්ලි ඉල්ලුවම උඹට දෙන්න නෑ කිව්වා..
මම තාම දන්නෙ නෑ
ඒක බොරුවක් ද නැද්ද කියලා..
මොනවා උනත්
උඹට තිව්නා මට කොහෙන් හරි
හොයලා දෙන්න වත්..
උඹට ඒකට වත් ඕනේ කමක් තිබුනේ නෑ නෙ..
මතක තියාගනින්
මට හම්බුණු ගොඩක් සන්තෝසම්
උඹට මම එව්වා කියලා..
උඹ ඒවයින් මොනව කරාද මම දන්නෙ නෑ..
ඒත් මම දුක් උනා උඹ ගැන ඉස්සර
මම දැනගෙන හිටියා
උඹ තාත්තගෙන් සල්ලි ඉල්ලන්න
කැමති නෑ කියලා..
ඒකයි මම ඒ හැම දේම කරේ උඹ වෙනුවෙන්..
මම දන්නවා
උඹට කවදා හරි අපේ ගෙදර යන්න උනොත්
උඹ දුක් වේවි ඒ ගැන...
මොනවා උනත් සතුටෙන් හිටපන්..
මම නැති ලෝකෙක,
උඹේ ලෝකෙට එළිය වැටෙයි ඉක්මණින්ම...
උඹ මට සතුටින් ඉන්න දුන්නෙත් නෑ වගේම
උඹ සතුටින් හිටියෙත් නෑ කියල මම දන්නවා
බොරුකාර හිතක අයිති කාරයෙක්
සතුටෙන් ඉන්නේ කොහොමද ?
උඹ දන්නවද...
කැප කිරීම් කරල කරල,
ඉවසල ඉවසල බැරිම තැන
මිනිහෙක් ට ඉතිරි වෙන්නෙ කලකිරීම..
කෙනෙක් ගැන කල කිරුනට පස්සේ
මොනව උනත්
ඒ මනුස්සයට ගානක් නැති වෙනවා.
ඒ තත්වෙට පත් උනාම
උඹට ඕනේ උනත්
ඒ මිනිහා ආයේ
කවදාවත්ම එන්නෙ නැති වෙන්න පුලුවන්..
සමහර විට ඒ වෙද්දි උඹ
පරක්කු වැඩි වෙන්නත් පුලුවන්..
පරිස්සමින් ඒ නිසා...
Saturday, April 7, 2018
මොනවා උනත් සතුටෙන් හිටපන්...
Saturday, December 23, 2017
පොඩ්ඩොන්ගේ භාෂාව...
දවසක් අපි අපේ ඉස්කෝලේ ප්‍රධාන ශාලාවේ වේදිකාව උඩ පෙර පුහුණුවීමක් කර කර හිටියා. එතකොටම අපේ එක වසරේ හෝ දෙක වසරේ පන්තිවල පොඩ්ඩෝ ගොඩාක් ප්‍රධාන ශාලාවට ඇතුල් වුණා. හැමෝම කතා කරනවා. පොඩ්ඩෝ 300 ක් විතර එතන හිටියා. ප්‍රධාන ශාලාවේ සිවිලිම බිමට වැටෙන තරම් සද්දයක්. අපිට අපි කියන දෙයක් වත් ඇහුනේ නෑ.
මේ සද්දෙත් එක්ක අපේ වැඩේ අපිට කරගන්න බැරි නිසා ශිෂ්‍ය නායිකාවක් ගිහින් හයියෙන් කෑ ගහලා කිව්වා නිශ්ෂබ්ද වෙන්න කියලා.
මොන. ඒ සද්දේ පොඩ්ඩොන් ට ඇහුනේ වත් නැතුව ඇති. ඒක නිකන් මුහුදු වෙරළේ ඇල් පෙන්තක් බිමට වැටෙන සද්දයක් වගේ හුළගේ පා වෙලා ගියා.
පොඩ්ඩෝ පොඩ්ඩොන්ගේ කතා. ඊට පස්සේ අපේ දෙතුන් දෙනෙක්ම ගිහිං මහා හයියෙන් සද්දයක් දැම්මා නිශ්ෂබ්ද වෙන්න කියලා. ඒත් කලින් වගේ මයි. පොඩ්ඩොන්ට ගාණක් වත් නෑ. අපිට තේරුණා පොඩ්ඩොන් ට එහෙම කියන එක පලක් නැති වැඩක් කියලා.
අපි දැක්කා එක වසරේ මිස් ලා ටික මොකක් හරි සාකච්ඡාවක් කරනවා. අපිටත් අපේ වැඩේ කරන්න බැරි හින්දා අපිත් පොඩ්ඩක් බලන් හිටියා මොකද්ද වෙන්නේ කියලා. ඒ අතරේ අපි දිගටම උත්සාහ කරා පොඩ්ඩොන්ගේ සද්දේ නවත්තන්න නිශ්ෂබ්ද වෙන්න කියලා හයියෙන් කෑ ගහලා. ඒත් වැඩක් වුණේ නැහැ.
ටික වෙලාවකින් සාකච්ඡාව ඉවර කරපු එක වසර පන්ති භාර මිස් කෙනෙක් නැග්ගා වේදිකාව උඩට. අපිත් බලන් හිටියා දැන් අපි මෙච්චර කෑ ගහලා කරන්න බැරි වුණු එක මිස් කොහොමද කරන්නේ කියලා. මොකද අපි පස් හය දෙනෙක් ම මහා හයියෙන් කෑ ගහලා එපා වෙලා හිටපු නිසා.
මිස් ආවා. එක සැරේටම "ළමයි..... අත් උස්සන්න.. අත් පහත දාන්න" කිව්වා විතරයි ඔක්කොම ඒක කරන්න ගත්තා.. "අත් උස්සන්න.. අත් පහත දාන්න.." කියල තුන් සැරයයි කිව්වේ. කට්ටියම මීයට පිම්බා වගේ. ඊට පස්සේ මිස් ඒක නවත්තලා නිවේදන කීපයක් කරා. කිසිම සද්දයක් නැහැ.
අනේ ඉතිං අපිට හොඳටම හිනා. අපි නිශ්ෂබ්ද කරන්න හදපු විදිහ පොඩ්ඩන්ට ගැලපුනේ නෑ. එදයි අපිට තේරුනේ පොඩ්ඩොන් ට කතා කරන්න වෙනම භාෂාවක් තියෙනවා කියලා. අපිත් පොඩි කාලෙ ඔය අත් උස් පහත් කරන වැඩේ කරාට මම දැනගෙන හිටියේ නැ ඒ කරන්නේ ළමයින්ව නිශ්ෂබ්ද කරන්න කියලා.
Saturday, December 2, 2017
මගේ වරද මිස ඔබට මා පෙම් කල..
හිමි නොවනා බව දැන දැනත්
බොහෝ කාලයක සිට
ඔබට මා පෙම් කලෙමි හදවතින්ම...
මා කෙතරම් පෙම් කලද
ඔබේ හදවත සොයයි වෙනකෙකු නිරතුරුව...
දනිමි මා අසරන බව
ලෝකයා ඉදිරියේ හඩ නගන්නට
මෙන්ම කදුලු සලන්නට...
දනිමි මා මිනිස් සිත නිරතුරුව අශාවන්ට ලැදි බව..
ඔබත් මිනිසෙකි ආශාවන්ට ලැදි වන මා මෙන්ම..
නැත ඔබ අත කිසිදු වරදක්..
මගේ වරද මිස ඔබට මා පෙම් කල..
බොහෝ කාලයක සිට
ඔබට මා පෙම් කලෙමි හදවතින්ම...
මා කෙතරම් පෙම් කලද
ඔබේ හදවත සොයයි වෙනකෙකු නිරතුරුව...
දනිමි මා අසරන බව
ලෝකයා ඉදිරියේ හඩ නගන්නට
මෙන්ම කදුලු සලන්නට...
දනිමි මා මිනිස් සිත නිරතුරුව අශාවන්ට ලැදි බව..
ඔබත් මිනිසෙකි ආශාවන්ට ලැදි වන මා මෙන්ම..
නැත ඔබ අත කිසිදු වරදක්..
මගේ වරද මිස ඔබට මා පෙම් කල..
Saturday, May 20, 2017
Sunday, May 14, 2017
Saturday, April 1, 2017
යන්න තියෙනවා හෙට ඉස්කෝලේ...
යන්න තියෙනවා හෙට ඉස්කෝලේ...
ඉක්මනට රෑට කාලා,
ඉක්මනටම නිදා ගන්න ඕනේ...
ඒත් නින්ද යයිද දන්නෙත් නෑ...
හෙට පරණ යාළුවො ටික
ඔක්කොම හම්බවෙනවා...
පරණ මිස්ලා ටිකත් ඒවී මං හිතන්නේ..
අවුරුදු 13 ක් ම හිටපු අපේ ගෙදර..
කොච්චර මතක ගස් අස්සේ හැංගිලා ඇති ද...
කරපු කතා, අහපු බැනුම්...
ගොඩාක් හිනා හඩවල්,
තාම බිත්තිවල ලියවිලා ඇති..
පිට්ටනියේ දුවන්න,
පරණ පන්තියේ
ඩෙස් පුටු වල වාඩි වෙන්න...
ආයෙත් කවදාවත් යන්න බැරි
අතීතයේ දවසකට..
එක දවසකට හරි හෙට මම යනවා..
ඔයාලත් එනවා නේද ?
රුක්ෂිකා මදුෂානි
ඉක්මනට රෑට කාලා,
ඉක්මනටම නිදා ගන්න ඕනේ...
ඒත් නින්ද යයිද දන්නෙත් නෑ...
හෙට පරණ යාළුවො ටික
ඔක්කොම හම්බවෙනවා...
පරණ මිස්ලා ටිකත් ඒවී මං හිතන්නේ..
අවුරුදු 13 ක් ම හිටපු අපේ ගෙදර..
කොච්චර මතක ගස් අස්සේ හැංගිලා ඇති ද...
කරපු කතා, අහපු බැනුම්...
ගොඩාක් හිනා හඩවල්,
තාම බිත්තිවල ලියවිලා ඇති..
පිට්ටනියේ දුවන්න,
පරණ පන්තියේ
ඩෙස් පුටු වල වාඩි වෙන්න...
ආයෙත් කවදාවත් යන්න බැරි
අතීතයේ දවසකට..
එක දවසකට හරි හෙට මම යනවා..
ඔයාලත් එනවා නේද ?
රුක්ෂිකා මදුෂානි
Friday, January 6, 2017
සැදැහ සිතින් සුභ පතන්නෙමි....
ආදරය කලෙමි ඔබේ නිහඩ බවට....
සවන් දුනෙමි ඔබේ නිවුණු අදහස් වලට....
දුටුවෙමි ඔබ කල සුන්දර දේවල්...
උත්සාහ කලෙමි වටහා ගන්නට
ඔබේ සිතුවිලි...
සතුටු වුනෙමි ඔබේ යහගුණ දැක..
සිත් ගත්තේය ඔබේ විනීත බව...
රස වින්දෙමි ඔබේ තාල...
දුරින් ඉඳ රස වින්දෙමි
සිතිජයේ ඉම...
එනමුත්,
නවතාලමි මෙතුවක්
සිතින් බැඳි සෙනෙහස..
සැදැහ සිතින් සුභ පතන්නෙමි...
හෙට දිනයේ
ඔබේ අභිනික්මනට...
Subscribe to:
Posts (Atom)































