Netherlands එන්න එන්න එන්න කියලා මගෙන් කනක් ඇහෙන්නේ නැති තැන කෝසලා අන්තිමේ Netherlands එන්න වීසා apply කරා. වීසා approve උනාට පස්සේ, අපි ප්ලෑන් කරා Netherlands ඉදන් කෝච්චියේ පැරිස් යන්න. ගිහිල්ලා දවස් දෙකක් විතර ඉඳලා එතනින් ස්විට්සර්ලන්තයට යන්න. අපිට යන්න ඕන තැන් වල ලිස්ට් එකක් හදලා , අපි යන විදිහ ප්ලෑන් කරා. ඒකට ගොඩක් උදව් කරේ විශ්ව අයියයි, අජානී අක්කයි, පියුමි අක්කායි, Switzerland ඉන්න කෝසලාගේ ඉස්කෝලෙ යාළුවෙක් වුණු කාංචනා අක්කයි. අපි නවතින තැන් book කරලා, train tickets book කරා. වෙනද වගේම අපේ නවතින තැන් වලට උපදෙස් දුන්නේ දිනූෂි අක්කා. ඒ අතරේ කාංචනා අක්ක Switzerland වල day saver pass එකක් දවස් දෙකකට අරන් දුන්නා. මගේ Office එකේ team matesලාත් inputs දුන්නා. කොහොම හරි අන්තිමේ මැයි දහවෙනිදා Schipol airport එකෙන් කෝසලා Netherlands වලට පය තිබ්බා.

මේක දැනගත්තු අපේ එහා ගෙදර aunty එයාගේ birthday party එකට අපි දෙන්නටම invite කරා. ඉතිං අපි දෙන්නා ඊළඟ දවසේ Rotterdam Blaak වල පොඩ්ඩක් ඇවිද්දා. Market hall එකේ ඇවිදලා කඩචෝරු කෑවා. ඊළඟට Spalsh bus එකේ ගිහිල්ලා, water taxi එකක් අරගෙන ආපහු Blaak station එකට ඇවිල්ලා හවස තුනට විතර එහා ගෙදර auntyගේ පාටි එකට ගියා. එයාගේ මුනුබුරු මිණිපිරියෝ නලවලා කේක් කාලා තේ බීලා, ඊළඟ දවසේ අපිට උදෙන්ම කෝච්චිය අල්ලගන්න තියෙන නිසා අපි ඉක්මනට ආවා. ඒ උනාට අපි ටිකක් අපේ ගමේ ඇවිද්දා.
ඊළඟ දවසේ අපි උදේම Rotterdam central station එකට ගියා. අපි Paris යන්න book කරේ EuroStar train එක. අපි EuroStar train tickets book කරේ මේ https://www.eurostar.com/ සයිට් එකෙන්. Eurostar trains හැමතිස්සෙම නවත්තන්නේ Rotterdam central station එකේ දෙවෙනි platform එකේ. පැරිස් යන්න පාස්පෝට් කොන්ට්‍රෝල් එකක් නැති උනත් train එකේ ලන්ඩන් යන්න පාස්පෝට් කොන්ට්‍රෝල් එකක් තියෙනවා. අපි පැය තුනකින් වගේ පැරිස්වලට ගියා. කෝච්චියේ ගමන හරිම සුව පහසුයි. බෑග්ස්වල බර බලන්නේ නැති නිසා ඒකත් පහසුයි.
පැරිස් වල Gare de Lyon station (Netherlands පැත්තේ ඉඳන් යන trains නවත්තන්නෙ මේ station එකේ) එකෙන් බැහැල Metro Station එක පැත්තට ගිහින් අපි Navigo transport cards(2 euro) (How to buy) ගත්තා. Navigo cards කියන්නේ, පැරිස් වල public transport යන්න තියෙන transport card එක. ඒ කාඩ් එකට අපිට Day passes දාගන්න පුළුවන්. ඒ කාඩ් එකට සල්ලි දාලා රීචාර්ජ් කරලා අපිට public transport වල යන්න පුළුවන්. ඊට අමතරව අපිට ටිකට්ස් ගන්නත් පුළුවන්. පැරිස් වල මෙට්‍රෝ ස්ටේෂන්ස් වල ගොඩක් පඩිපෙල් තමයි තියෙන්නේ. ගොඩක් ඇවිදින්න ඕනේ.
එදා දවසේ අපිට ගොඩක් තැන්වල යන්න තිබුන නිසා අපි Day pass(12.5 Euro) එකක් අපේ ට්‍රාන්ස්පෝට් කාඩ් එකට දාගත්තා. ඊට පස්සේ අපි අපේ නවතින හොටෙල් එකට ගියා. එතන Check in වෙන්න තව වෙලා තිබුන නිසා අපි early check in වෙලා අපේ luggages තියලා දවල්ට කෑම කන්න එලියට ගියා.
Check in time එකට යන්න ගොඩක් වේලාව තිබ්බෙ නැති නිසා අපි ළඟ තියෙන restaurant එකකින් pizza කෑවා. ඊට පස්සේ අපි ආපහු hotel එකට ගිහිල්ලා අපේ බෑග්ස් තියලා පොඩි bags ටිකක් අරගෙන එලියට බැස්සා. පැරිස් වල ගොඩක් bags හොරකම් කරන, පොකට් ගහන අය ඉන්න නිසා අපි ගොඩක් පරිස්සම් වුනා.
අපි මුලින්ම ගියේ Arc de triomphe බලන්න. එළියේ ඉඳන් බැලුව මිසක් ඇතුලට යන්න ටිකට් ගත්තේ නැහැ.
පැරිසියේ ගෙවල් වල balcony ටික සහ දෙපැත්තෙ ගස් පිරුණු පාරවල් ටිකට අපේ හිත් ගියා. අපිට day passes තිබුන නිසා අපි බස් එකේ තමයි එහාට මෙහාට ගියේ මොකද එතකොට වටපිට පේන නිසා. ඊට පස්සේ අපි ගියේ Basilique du Sacré-Cœur de Montmartre බලන්න. එතන ගොඩක් උස තැනක්. එතෙන්ට Eiffel tower එක නම් පෙනුනෙ නෑ. අපි ඇතුළට ගිහිල්ලා Jesus ගේ රූප දිහා බලාගෙන වාඩිවෙලා හිටියා.
අපි එතනින් එද්දි Nutella crapes රස බලන්න අමතක කරේ නැහැ. ඊට පස්සේ අපි මෙට්‍රෝ එකේ Eiffel tower බලන්න ගියා. ඊට පස්සේ Seine ගඟේ Sightseeing Cruise එකක ගියා.
අපේ හොටෙල් එක තිබුනේ Eiffel tower එක කිට්ටුව නිසා අපි හොටෙල් එකට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන ආයෙත් එකොළහට විතර Eiffel tower එක ගාවට ආවේ sparkling Eiffel tower බලන්න. Eiffel tower එක, රෑ වුණාට පස්සේ හැම පැයකට සැරයක්ම විනාඩි පහක් දිලිසෙන්න ගන්නවා. ඊළඟ දවසේ උදේම අපිට louver museum එකට යන්න තිබුන නිසා අපි ඉක්මනට නිදා ගත්තා.අපි උදේ hotel එකේ buffet එකෙන් උදේට හොඳට බඩ පිරෙන්න කාලා louver museum බලන්න පිටත් වුනා.
එදා සතියේ දවසක් නිසා metro එකේ ගොඩාක් සෙනග. අපිට ටිකක් වෙලා ඉන්න වුණා metro එකකට නැග ගන්න. එදත් අපි day pass එක ගත්තා. මොකද අපිට tickets ගැන හිත හිත ඉන්න ඕනි නැති නිසා සහ ඕන බස් එකක, මෙට්‍රෝ එකක යන්න පුළුවන් නිසා. අපි යනකොට museum entrance එක ගාව ගොඩක් මිනිස්සු පිරිල. අපි ඇතුළට ගිහිල්ලා pyramid glass entrance එක ගාව photos ගත්තා.
ඊට පස්සේ අපේ වෙලාව අනුව ඇතුලට යන්න පෝලිමට ගියා. අපිට ඇතුල් වෙන්න තිබ්බෙ 9.30 ට උනාට අපි නමය විතර ඉඳන් දහය වෙනකම් පෝලිමේ හිටිය. queue එකෙන් ඇතුලට ආවාට පස්සේ museum towers ඇතුලට යද්දි අපේ ටිකට්ස් ස්කෑන් කරනවා. අපි මුලින්ම කරේ මොනාලිසා හොයාගෙන ගිය එක. එතන ගොඩක් මිනිස්සු හිටිය. අපි කොහොම හරි ළඟටම ගිහිල්ලා මොනාලිසා හම්බුනා. ආ ගිය විස්තර කතා කරලා අනිත් චිත්‍ර ටික බලන්න ගියා.
එතැන ඩාවින්චි ගේ තව චිත්‍ර තිබුණා.
අනිත් තිබ්බ exhibits නම් මට එච්චරම interest වුනේ නැහැ . ඒත් මයිකල් ආන්ජලෝගේ ප්‍රදර්ශනයක් පහල තිබ්බා. පොඩි කාලේ ඉගෙන ගත්ත ඒවා ඇත්තටම දකිද්දි හරිම සතුටුයි. ඒත් ප්‍රදර්ශනය තියෙන්නේ museum එකේම පහල වෙනත් කොටසක එතනින් එළියේ. අපිට එකම ටිකට් එකෙන් තුන් පාරක් එලියට ඇවිත් ඇතුළට යන්න පුළුවන්. එලියට ඇවිත්, ආයෙ ඇතුලට යන්න ටිකට් ස්කෑන් කරන්න පෝලිමේ ඉන්න ඕන නිසා, අපි ඇතුලේ ඒවා බලලමයි එළියට ආවේ. museum එකෙන් එළියට යන්න පාර හොයාගන්න බැරුව ගොඩක් වෙලා හිටියා. කොහොම හරි අපි පාර හොයාගෙන එලියට ආව. අපි museum එකේ shop එකකින් සැන්විච් එකක් කාලා ම එළියට ආවා. අපි audio guides ගත්තත් ඒවා එච්චරම වැඩක් උනේ නැහැ. British museum එකත් එක්ක බලද්දි එච්චරම බලන්න දේවල් නැහැ.
ඊට පස්සේ අපි ගියේ museum එක යට තියෙන shopping mall එකට. එතනින් කෝසලාව ගලවා ගන්න ටිකක් අමාරු වුනා. ගෙදරින් එද්දි watch එක ගේන්න බැරි උනා කියලා නාහෙන් අඬ අඬ හිටපු මනුස්සයා එතනින් Swatch watch එකක් ගත්තා. එතකොට තමයි තේරුනේ watch එක ගෙදර දාලා එන්න හේතුව. ඊට අමතරව කෝසලා වැඩිපුරම කරේ France වල බඩු වල ගණනුයි Netherlands වල ගණනුයි compare කර කර නාහෙන් අඬපු එක. මොකද France වල බඩු ටිකක් ගණන් අඩුයි. අපිට ගොඩක් බඩු අරන් Switzerland යන්න බැරි නිසා වැඩිය මුකුත් ගන්න බැරි වුණා.
ඊට පස්සේ අපි ගියේ Notre-Dame Cathedral of Paris එකට. ලංකාවේ පාස්කු බෝම්බය දවස්වලම මේ පල්ලියත් ගිනි ගත්ත නිසා ටිකක් ප්‍රසිද්ධයි. ජීසස්ගේ කටු ඔටුන්න තියෙනවා කියන්නේ එහේ.
ඊට පස්සේ අපිට ඕන උනා පැරිස් වල hot chocolate රස බලන්න. ඒකට අපි ගියා Angelina කියලා restaurant එකකට. මේක හොයාගෙන තිබ්බේ කෝසලා. ඇත්තටම ඒක රසයි. ඒක මාරයි. Staff එකත් හරිම හොඳයි. කඩියෝ වගේ වැඩ. පැරිස් ගියොත් යන්නම ඕනෙ තැනක්.
ඊළඟ දවසේ උදෙන්ම යන්න තියෙන නිසා අපි ආපහු hotel එකට ගියා. යන ගමන් අපි Super market එකකට ගියා වතුර සහ කන්න මොනවහරි ගන්න. ඒකෙදි කෝසලා Europe ආපු දවසෙ ඉඳන් හොය හොය හිටපු cherry මං අහම්බෙන් දැක්කා. ඒක දැක්ක ගමන් කෝසලාට උන් හිටි තැන් අමතක වුනා. (කෝසලා Photo එක delete කරලා blog එකේ දාන්න කලින්. යන්තම් හොයල දුන්නා)
ඊළඟ දවසේ උදේම Switzerland යන්න තිබුණ නිසා අපි luggages හදලා තියලා නිදාගත්තා. නිදාගන්න කලින් අපි ඊළඟ දවසේ station එකට යන්න tickets ගත්තා. එතැනදී මට පොඩි වැරැද්දක් වුණා. (Île-de-France Mobilités (IDF Mobilités) is the governmental authority that controls and coordinates all public transportation in the Paris region (Île-de-France)) App එකේ හැටියට ටිකට්ස් දෙකක් එකම iphone එකකින් දෙන්නෙක්ට ගන්න බැහැ. ඊට පස්සේ අපි උදේ metro ස්ටේෂන් එකට ගිහිල්ලා navigo මැෂින් එකෙන් ටිකට් එක ගත්තා. App එකෙන් ගන්නවට වඩා එක ලේසියි. Louver musuem යන දවසේ අත්දැකීම නිසා අපි හිතුවා ටිකක් උදේම යන්න. සෙනඟ අඩුවෙලාව හොයල බැලුවහම හතට කලින් යන්න කියලා Chat GPT කිව්වේ. අපි කොහොමත් හතහමාරට ස්ටේෂන් එකේ ඉන්න ඕන නිසා හය හතළිස් පහට පිටත් වුනා.
අපිට train එක ගන්න තිබුණේ Gare de Lyon ස්ටේෂන් එකෙන්. අපි, විශ්ව අයියාගේ උපදෙස් අනුව ඒ train ticket එක book කරේ මේ web site එකෙන් https://www.sncf-connect.com. Metro එකෙන් බැහැලා හරි terminal එක හොයාගන්න ඕනේ. අපි terminal එකට ගිහිල්ලා train details යන screen එකක් දිහා බලාගෙන හිටියා අපේ train එක එන platform එක. මට මගේ උදේ තේ එක නැතිව බැරි නිසා, එතකං අපි coffee එකක් බිව්වා. Digital screen එකේ platform එක display උනහම අපි platform එකට ගිහිල්ලා train එකට නැග්ගා. ටිකට් එක ස්කෑන් කරද්දි මගේ Apple pay එක on වෙලා gate එක open උනේ නැහැ. හිටපු security එයාගේ ස්කැනර් එකකින් ස්කෑන් කරලා තමයි මට ඇතුලට යන්න දුන්නේ. කොහොම හරි අපි train එකට නැගලා luggages තියලා වාඩිවුනා. එතන ඉඳන් කෝසලා කරේ Cherry කන එක විතරයි. මගේ වැඩේම බඩු supply කරන එක.
අපිට බහින්න තිබුනේ Lausanne වලින්. එතනින් බැහැලා Montreux වලට අපිට ටිකට් එක ගන්න ඕන උනා. SBB information center එකෙන් ටිකට්ස් දෙකක් ගත්තා. අපි Montreux වලින් බැහැලා අපි නවතින තැනට ඇවිදගෙන ගියා.
අපි යනකොට අපේ room එක ready වෙලා තිබුණේ. අපි check in වෙලා බෑග්ස් තියලා ඉක්මනට එලියට බැස්සා අව්ව බහින්න කලින්. අපි Montreux වල නැවතිච්ච තැනත් (B&B Guest House Du Lac) හරිම convenient. අපි Lake Geneva promenade දිගේ ඇවිදගෙන ඇවිදගෙන ගියා. අපි දවල්ට කාලා ආයෙ ඇවිද්දා. ෆොටෝ ගැහුවා එක එක විදිහට. වැස්ස පොඩ්ඩකුත් තිබුණා. සීතලත් එක්ක සිංදුවකුත් කියාගෙන ඇවිද ඇවිද හිටියා.
වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා
සරසවි බිම කඳුරැල්ලෙන් එතර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා...
මෙහෙම ඉද්දි මාව එකපාර මගේ මූන ඉදිමෙන්න, කසන්න ගත්තා. බොහොම ටික වෙලාවකින් තොල් බරියෙක් උනා. කෝසල උඩ පැන පැන හිනාවෙනවා. දෙන්න හිතුනා දෙකක් ගඟේ පාවෙන්න. අපි ටක් ගාලා නවාතැනට ගියා. ගිහිල්ලා තේකක් බිව්වහම හරි ටිකක් හරි ගියා. තනියට ගියපු එකා මගේ ෆොටෝ අරගෙන Australia වලටත් යවල ඉවරයි ඒ වෙද්දී.
ඊළඟ දවසේ උදේ Interlaken යන්න golden express train එක ගන්න Montreux ස්ටේෂන් එකට ගියා. අපි බස් එකේ ස්ටේෂන් එකට ගියේ. අපි ගාව තිබුන travel pass එක verify කරගන්න විදිහක් බස් එකේ තිබුණෙ නැහැ. ඒ වුණාට එහෙම එකක් තිබුණා නම් හොඳයි කියලා හිතුණා. මොකද අපිට එහෙනම් බිත්තර තම්බන්නෙ නැතුව යන්න තිබ්බා. Train එකට නැගලා ටිකක් දුර ගියහම තමයි checker කෙනෙක් ඇවිල්ල අපේ ටිකට් චෙක් කරේ. එතනදි කෝසලා මුලින්ම පෙන්නුවෙ ඊළඟ දවසේ ටිකට් එක. Checker අන්දුන් කුන්දුන්. බොහොම සන්සුන් විදිහට කිව්වා මේ පාස් එක හෙට කියලා. අපි දෙන්නටම හික් ගෑවුනා තත්පරේකට. පස්සෙ සිහි එළවාගෙන හරි දවසෙ එක පෙන්නුවා. කනවා ඉතින් තව පොඩ්ඩෙන් මගෙන්. Travel pass එක තිබුණත් අපි golden express train එකේ seats book කරන්න ඕනේ. ඒක කරේ මේ https://expressbooking.ch/resources/goldenpass-express/ website එකෙන්. Montreux ඉඳන් Interlaken යනවනම් දකුණු අත පැත්තේ සීට්ස් බුක් කරන්න අමතක කරන්න එපා. කොහොම හරි අපි Golden express train එකේ කඳු හෙල් තැනිතලා හිම කඳු මැද්දෙන් Interlaken වලට ආවා.


අපි ස්ටේෂන් එකේ lockers වල අපේ luggages දාලා දවල්ට කෑවා. ස්ටේෂන් එකේ luggage lockers සීයක් විතර තියෙනවා. එක ලොකු එකක අපේ hand luggage දෙකයි back pack දෙකයි හතරම දාන්න පුළුවන් උනා. පැය අටකට CHF 10 යි.
ඊට පස්සේ අපිට ඕන උනේ Breinz ගඟ පැත්තට යන්න. අපිට travel පාස් එක තිබුන නිසා අපි එතැනින් cruise එක ගත්තා. Breinz ගඟේ පාට හරිම ලස්සනයි. අමුතු කොලපාටක්. එහෙම වෙන්නේ ග්ලැසියර් වලින් දියවෙලා එන අයිස් කැට හින්දා කියලා අපි දැන ගත්තා. Giessbach Waterfalls එක ළඟ තිබුණත් අපි ඒකට බැහැල ගියේ නැහැ. . Cruise එකේ යන ගමන් ඒක හොඳට පේනවා.
අපි Breinz වලින් බැහැලා ගඟ දිගේ ඇවිද්දා. එදා කාලගුණය නම් එච්චර හොඳ නැහැ. Alps ටික හරියට පෙනුනෙත් නැහැ. රවී අපිත් එක්ක තරහා වෙලා. ගඟ දිගේ ඇවිදිද්දි වැස්සත් එක්ක අපිව හොඳටම සීතල වුණා. ළඟ තිබ්බ කඩේකට දිව්වා coffee එකක් බොන්න හිතාගෙන. කඩේට ගිහිල්ලා coffee ඉල්ලන්න වචන ආවෙත් නැහැ. අමාරුවෙන් හොට් චොක්ලට් එකයි Cappuccino එකයි කියලා කියාගත්තා. කඩේ අයිතිකාරයට හොඳටම හිනා. අපිට වාඩිවෙන්නෙ කියල කිව්වා ඇතුලෙන්. ටිකක් වෙලා හිටියහම අපේ සීතල ගතිය අඩු වුණා. Shop owner ට ස්තුති කරලා වචන තුන හතරක් කතා කරපු අපි ආපහු එළියට බැස්සා.
මම එකේ වතුර බෝතලේ දාලා ඇවිත්. ඒ නිසා අපි super market එකකට ගිහින් වතුර බෝතලයක් ගත්තා. එක්කෙනෙක් මන් කියන දේ අහන්නෙ නැතුව ගත්ත sparkling වතුර බෝතලයක්. මූණ ඇඹුල් කරගෙන බිව්වා ඉතින්. හොඳ වැඩේ හොඳම වැඩේ.
ගමේ ටිකක් ඇවිදලා ආපහු Internlaken වලට train එකේ ගියා.
එදා අපි නවතින්න හිටියෙ කාංචනා අක්කලාගේ ගෙදර. Zurich වලට ගිහිල්ලා අපි Steinmaur වලට train එක ගත්තා. Switzerland වල trains හරිම ලස්සනයි.
අපිව ගන්න කාංචනා අක්කා Steinmaur station එකට ආවා.
කාන්චනා අක්කා කෝසලාගේ ඉස්කෝලෙ යාලුවෙක්. ඒ දෙන්නා හම්බෙන්නේ අවුරුදු දහයකට විතර පස්සෙලු. ඉතින් කතා කරන්න මතක් කරන්න දේවල් ගොඩයි. ඒ දෙන්නා කතා කරන අතරේ මම අක්කගේ පුංචි පුතා එක්ක හිටියා. එයාගේ නම Diyon. හැබැයි එයාට කතා කරන්නේ Di කියල. එයාගේ වයස හතයි. ඔහොම ඉන්න අතරේ Di කෝසලගේ ෆෝන් එක මගේ ගාවට අරන් ඇවිල්ලා open කරලා දෙන්න කිව්වා. මං කිව්වා මගේ නෙවෙයි කියලා ඒ ෆෝන් එක. ටිකක් වෙලා කල්පනා කරපු Di රූං ගාලා අපේ කාමරයට ගිහිල්ලා මගේ ෆෝන් එක අරගෙන ආවා. මට හොඳටම හිනා වැඩේට. කොහොමහරි phones අරන් ආපු Di අපිට photos වලට කරන්න වැඩ කෑලි ටිකක් කියල දුන්නා.
කාංචනා අක්කා හදලා තිබු සැර චිකන් curry එකත් එක්ක අපි බඩ පිරෙන්න රෑට කෑවා. සීතල, සැර නැති කෑම කකා හිටපු අපිට ඒක දිව්‍ය භෝජනයක් වගෙයි. Switzerland වලදී ලංකාවේ කෑම කන්න ලැබෙන එක එසේ මෙසේ වාසනාවක් නෙවෙයි.
කාංචනා අක්කගේ හබී, නුවන් අයියා අපිට itinerary එකක් හදල දුන්නා අපිට ඊළඟ දවසේ Rigi යන විදිහ. SBB app එකෙන් තමා ඔක්කොම කරේ. ඊට පස්සේ අපි කරේ සිංදු ගැන කතා කරන එකයි අහන එකයි.
ඊළඟ දවසේ උදේම නැගිටලා අපි යන්න පිටත් උනා. කාංචනා අක්කා අපිව ස්ටේෂන් එකට ගිහින් දැම්මා. අපි cogwheel train එකෙන් Rigi කන්ද උඩටම ගියා. මෙතනින් cogwheel trains යන time tables බලාගන්න පුලුවන්. කන්ද උඩට යද්දි, මිනිස්සු එළදෙන්නු ගොඩක් කන්ද උඩට අරන් යනවා අපි දැක්කා. Rigi වල එදා හොඳටම හිම. කාංචනා අක්කා අපිට එතැන tower එකක් තියෙනවා කිව්වත් අපිට එහෙම එකක් පෙනුනෙ නෑ. ටික වෙලාවක් යද්දි මීදුම එහාට මෙහාට වෙද්දි තමා එහෙම එකක් දැක්කෙ.
එතන ටිකක් වෙලා හිටපු අපි, Lucern වලට යන්න cogwheel train එකේම Vitznau පැත්තට පහළට බැස්සා. ඒ පැත්තේ weather එක හොඳටම හොඳයි. අපි Vitznau වලින් ferry එක ගත්තා Lucern යන්න. ඒ පැත්තත් හරිම ලස්සනයි.
අපි Lucern වලින් බැහැලා, එහේ ප්‍රසිද්ධ පාලම බැලුවා
අපි ඊට පස්සේ Lauterbrunnen පැත්තට යන්න පිටත් උනා. කලින් දවසේ අපිට ආඩම්බර පෙන්නපු alps හොඳටම එළියට ඇවිල්ලා හිටියා. Lucern ඉඳන් Internlaken යන පාරත් Golden express train එක යන පාරක්. ඒ පැත්තත් හරිම ලස්සනයි.
අපි Lauterbrunnen ගොඩක් වෙලා ඇවිද්දා. අපි දැකපු විශේෂත්වය තමයි කොච්චර විදේශිකයො ආවත් ඒ පරිසරයට සහ ඒ ගමේ සාමන්‍ය ජීවිතයට කිසිම හානියක් වෙන කිසිම building එකක් හදලා නැහැ.
අපි Lauterbrunnen ගොඩක් වෙලා ඇවිදලා ආපහු Steinmaur ආවා. Steinmaur වලින් bus එක ගන්න ගිහින් තව පොඩ්ඩෙන් එක්කෙනෙක් bus එකට අඩ තියනවා. එදා රෑට කන්නෙ මොනවද කිය කිය කාංචනා අක්ක අහද්දි, මං කෝසලාට කිව්වා චිකන් curry එක නැද්ද කියලා අහන්න කියලා එච්චරට රසයි ඒක. එදා අපිට රෑට කාංචනා අක්කා Swiss raclette cheese කන්න ලෑස්ති කරලා තිබුණා. ඒ චීස් වලට අපි හරි ආස වුනා. ඒත් මන් චිකන් හොදිත් එක්ක පාන් කෑල්ලකුත් කෑවා. කෝසලා නම් ඉතින් අහන්න දෙයක් නෑ, හැමදේම නෑ බෑ නොකිය ට්‍රයි කරා. අපි කද්දි Di වටේ දැවටි දැවටි හිටියා. අතරින් පතර hand fightsනුත් ගියා. ටික වෙලාවකින් බැලුවහම Di අතේ ෆෝන් එකක්. අම්මට සිරි. ඒ මගේ ෆෝන් එකනේ.
ඊළඟ දවසේ උදේ අපි නැගිටිද්දී Di අපේ දොර ළඟ. උදේ පහේ ඉඳන් නැගිටගෙන අම්මගෙන් ගුටිත් කාලා තමයි එතන ඉඳලා තියෙන්නේ අපි නැගිටිනකම්. කාංචනා අක්කා උදේම නැගිටලා කිරිබත් හදලා. උදේට කිරි බතුයි, කට්ට සම්බලුයි, සැරම සැර චිකන් curry එකකුයි. අරේ වා ! (චිකන් currt එකට කොච්චර හිත වැටුණද කිව්වොත් කාංචනා අක්ක එයාගෙ තුනපහ බෝතලේකුත් මට දුන්නා) උදේටත් හොඳට සප්පායම් වෙච්ච අපි, Rhine falls ට බලන්න යන්න පිටත් වුනා.
කාංචනා අක්කා තමයි නඩේ ගුරා. ගෝලයා තමයි Di. සිංදු දාන්නේ, phone charge කරන්නේ Di. එදා හොඳටම අව්ව දවසක්. අපි Rhine falls ළඟටම ගියා. අර පැත්තට මේ පැත්තට බිත්තිය පැත්තටම උඩට යටට හැම පැත්තටම ෆොටෝස් ගැහුවා. දිය ඇල්ල ළඟටම යනවනම් වෙනම ටිකට් ගන්න ඕනේ. අපේ දිය ඇල්ල යටටම ගියත් බෝට් එකේ ගියේ නැහැ. යන්න වෙලාව තිබුනේ නැහැ. අපි ආපහු වාහනයට නඟින්න එද්දී Crêpes අරගෙන කකා ආවා. Di ට අපි VIP service දෙනවා කියලා කාංචනා අක්කා බැන බැන ආවා.
අපිට හවස Lindt museum යන්න තිබුන නිසා අපි ආපහු Steinmaur වලින් Zurich වලට ට්‍රේන් එක ගත්තා. අපි ට්‍රේන් එකට නගිද්දී Diට හොඳටම නින්ද ගිහින්. එදාට අපිට ට්‍රැවල් පාස් තිබුනෙ නැති නිසා අපිට train ටිකට් එක ගන්න වුණා. ටිකට් එක ගත්තෙ SBB app එකෙන්. Lindt museum එක හොයාගන්න අමාරු උනේ නැහැ. යන පාර දිගටම මේ signs තිබුණා.
Lindt musuem එකේ හිතපු තරම් දෙයක් බලන්න කියවන්න තිබුණෙ නැහැ. චොක්ලට් ඕනේ තරම් රස බලන්න නම් තිබුණා. Lindt museum එකට ටිකට් ගත්තෙ මේ සයිට් එකෙන් https://www.lindt-home-of-chocolate.com/en/tickets-and-prices. අපි musuem එක බලලා ආපහු Zurich පැත්තට යන්න එළියට බැස්සා. අපි පැය විසිහතරටම ටිකට් එක අරගෙන තිබුණ නිසා Zurich යන්න අපි Ferry එකට නැග්ගා. ඊළඟ දවසේ කාලගුණය කොහොම වෙයිද දන්නෙ නැති නිසා Ferry එකෙන් බැහැලා Zurich lake ගාව අපි ගොඩක් වෙලා වාඩිවෙලා හංසයෝ දිහා බලාගෙන හිටියා.
ඊලඟ දවසේ shopping වලට ලේසි වෙන්නයි, airport යන්න ලේසි වෙන්නයි, අපි Zurich වල hotel එකක් book කරලා තිබ්බේ. කාංචනා අක්කා අපේ බෑග්ස් ටික hotel එක ළඟටම ගෙනත් දුන්නා. අක්කා අපිට රෑට කන්න කෑමත් හදල ගෙනැල්ලා තිබුණා. Di ත් ඇවිල්ල හිටිය නිසා අපිට හරියටම bye කියන්න හම්බුනා.
ඊළඟ දවසේ උදේම අපි අපේ bags ටික හදලා check out වෙලා bags ටික hotel එකේම තියලා shopping යන්න පිටත් වුනා. අපි ඊළඟට හොයාගෙන ගියේ Läderach චොකලට්. ආ ඒ යද්දි අපි අපේ train tickets check කරා. බැලින්නම් අපේ tickets ඒ route එකට valid නෑ කිව්වා. තව පොඩ්ඩෙන් 125 CHF fine එකක් ගහනවා. හොඳ වෙලාවට ට අපි අපිට ticket එකක් අරගන්න help එකක් දුන්නා.
Zurich HB station එකේ chocolate shop එකක් තිබුනා. අපි ඒකට ගිහිල්ලා ගණන් බල බල හිටියා. අපිට මොන chocolate එක ද ගන්නේ කියලා තෝරගන්න බැරි නිසා අපි එහාට මෙහාට ඇඹරී ඇඹරී හිටියා. shop එකේ හිටපු lady අපිට රස බලන්න පොඩි chocolate කෑලි දුන්නා. අපේ රස බලලා chocolate තෝරලා ගත්තා. අපි එයත් එක්ක පොඩි වෙලාවක් කතා කරා. එයාගේ ජොබ් එක ගැන.
එයා happy කිව්වා එයාගේ ජොබ් එක ගැන. අපි ඊට පස්සේ Zurich old town එක පැත්තෙ ඇවිදින්න ගියා. Souvenir shop එකකුත් හොය හොය. ඊට පස්සේ අපි ට හොඳ කඩවල් ටිකක් තියෙන bahnhofstrasse street එකේ ඇවිද්දා, කඩවල් ඇතුලටත් ගියා. කෝසලා ඒකට කිව්වෙ shopping therapy කරනව කියල. shopping therapy ඉවර වෙලා අපි ආපහු hotel එකට ගියේ හවස ෆ්ලයිට් එක ගන්න airport එකට යන්න. අපි airport එකෙත් shopping therapy කරා. අන්තිමේදි අපි ආපහු Netherlands වලට ගොඩ බැස්සා.
කෝසලාගේ ඕලන්ද සංචාරය පටන් ගත්ත ඊට පස්සේ.
අපි ඊළඟ දවසේ හොඳ rest එකක් ගත්තා. අපි හවස සින්දුවක් කියලා ආතල් එකේ හිටියා. කෝසලාගෙ voice එක මාරයි. Variations තමා ලස්සනම. හරිම ආස වුණා මන් එයාගෙ voice එකට. මන් කලින් දැනගෙන හිටියෙ නැහැ එයාට සින්දු කියන්න පුළුවන් කියලා. බදාදා තනිකරම Shopping therapy Rotterdam වල. හවස අපිට Anne Frank musuem බලන්න යන්න තිබුණත්, ඊට වඩා හොඳයි කියලා shopping therapy කරා. අපි ඊළඟ දවසේ උදේම Van Gogh musuem එක බලන්න ගියා. කෝසලා මන් හිතන්නෙ Van Gogh ගෙ කතාව හොඳට කියෙව්වා. Weather එක හොඳ නිසා හවස Kasteel de Haar බලන්න ගියා. අපි හොඳ photo shoot එකක් නම් කරා. අපි ගොඩක්ම කරේ garden එකේ ටිකක් ඇවිදල වාඩිවෙලා ඉන්න එක. ඒ අතරෙ සින්දුවක් අහන්නත් අමතක කරේ නැහැ.
ආවේ කොතැනද ඉන්නේ කොතැනද
මෙහෙ කවුරුවත් නෑ අහන්න
නොසිතූ මොහොතක මිය යන්නට පෙර, මේ හමුවීමම කොයි තරම උතුම්ද
මේ මානව සුවඳේ පිනෙන්ම
මේ ඉර හඳ යට දීම ආදරේ කරන්න
ජීවිතේ දකින්න....
ඊළඟ දවසේ අපි Alkmaar cheese market එකට ගියා. එතන cheese බෝල එහාට මෙහාට ගෙනියන හැටි තමා ලස්සනම. එතනින් පස්සෙ Zaandam වලින් Zanse Schans වලට ඇවිත් බැස්සා. ලී සපත්තු හදන හැටි, Wind mills එහෙම බැලුවා. ඔක්කාරෙට එනකන්ම cheese රස බැලුවා. රෑට කන්න ප්‍රියානි අක්කලගෙ ගෙදර ගියා. එහේ games ගහලා, සින්දු කියල අපි පිටත් වෙද්දි රෑ 9 විතර වුණා. ගෙදර එද්දි රෑ 11 විතර වෙලා.
ඊළග දවසෙ Rotterdam harbour tour එක. එදා හොඳටම අව්ව තිබුණා. මහන්සි නිසාත්, ඊළඟ දවසෙ Airport යන්න තිබුණු නිසාත් අපි කලින් ගෙදර ආවා. ඇවිල්ලා අපි හොඳට සැරට උයලා බත් කෑවා. අපි කිව්වට කෝසලා තමා ඉව්වෙ.
ඊළඟ දවසේ flight එක උදේ 11 ට. බැලින්නම් අපේ ගෙදර ගාවින් එකේ උදේම bus නැහැ. ගත්ත පියුමි අක්කට call එකක්. දිලුම් අයියට කියල airport drop එකක් දාගන්න. වෙලාවට එන්නම් කිව්වා. පොඩි වෙලාවක් පරක්කු වුණත් හොඳ වෙලාවට aiport එක busy නැහැ. security එකෙයි paasport control එකෙයි පෝලිම ඉක්මණට ඉක්මණට ගිහින්. පියුමි අක්කලයි මායි හැබැයි පොඩ්ඩක් බයේ හිටියෙ වෙලාවට යන්න බැරි වෙයි කියලා. කොහොම හරි වෙලාවට හැමදේම වුණා. ඉතින් කෝසලාගේ නෙදර්ලන්ත සංචාරය ඔන්න ඔහොමයි ඉවර වුණේ.
ඉතින් මේ පුන්චි සති දෙක සතුටෙන් ගෙවා ගන්න අපිට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් පින් 🙏
Photo credits : මට, කාංචනා අක්කාට & කෝසලාට 😁