Monday, May 25, 2026

වසන්තයේ දවසක, කෝච්චියෙන් පැරීසියට සහ ස්විට්සර්ලන්තයට

Netherlands  එන්න එන්න එන්න කියලා මගෙන් කනක් ඇහෙන්නේ නැති තැන කෝසලා අන්තිමේ Netherlands එන්න වීසා apply කරා.  වීසා approve උනාට පස්සේ, අපි ප්ලෑන් කරා Netherlands  ඉදන් කෝච්චියේ පැරිස් යන්න.  ගිහිල්ලා  දවස් දෙකක් විතර ඉඳලා  එතනින් ස්විට්සර්ලන්තයට යන්න.  අපිට යන්න ඕන තැන් වල ලිස්ට් එකක් හදලා , අපි යන විදිහ ප්ලෑන් කරා.  ඒකට ගොඩක් උදව් කරේ විශ්ව අයියයි, අජානී අක්කයි,  පියුමි අක්කායි,  Switzerland ඉන්න කෝසලාගේ ඉස්කෝලෙ යාළුවෙක් වුණු කාංචනා අක්කයි.  අපි නවතින තැන් book  කරලා,  train tickets book කරා.  වෙනද වගේම අපේ නවතින තැන් වලට උපදෙස් දුන්නේ දිනූෂි අක්කා. ඒ අතරේ කාංචනා අක්ක Switzerland වල day saver pass එකක්  දවස් දෙකකට අරන් දුන්නා. කොහොම හරි අන්තිමේ මැයි දහවෙනිදා  Schipol airport එකෙන් Netherlands වලට පය තිබ්බා. 

මේක දැනගත්තු අපේ එහා ගෙදර aunty එයාගේ  birthday party එකට අපි දෙන්නටම invite කරා. ඉතිං අපි දෙන්නා  ඊළඟ දවසේ Rotterdam  වල Spalsh bus එකේ ගිහිල්ලා හවස තුනට එහා ගෙදර auntyගේ පාටි එකට ගියා.  එයාගේ මුනුබුරු මිණිපිරියෝ නලවලා කේක් කාලා තේ බීලා, ඊළඟ දවසේ අපිට උදෙන්ම කෝච්චිය අල්ලගන්න  තියෙන නිසා  අපි ඉක්මනට ආවා.  ඒ උනාට අපි ටිකක් අපේ ගමේ ඇවිද්දා. 

ඊළඟ දවසේ අපි උදේම Rotterdam central station එකට ගියා. අපි Paris  යන්න book කරේ EuroStar train එක.  අපි EuroStar  train tickets book කරේ මේ https://www.eurostar.com/ සයිට් එකෙන්. Eurostar trains හැමතිස්සෙම නවත්තන්නේ Rotterdam central station එකේ දෙවෙනි platform එකේ. පැරිස් යන්න පාස්පෝට් කොන්ට්‍රෝල් එකක් නැති උනත් train එකේ ලන්ඩන් යන්න පාස්පෝට් කොන්ට්‍රෝල් එකක් තියෙනවා.  අපි පැය තුනකින් වගේ පැරිස්වලට ගියා. කෝච්චියේ ගමන  හරිම සුව පහසුයි. බෑග්ස්වල බර බලන්නේ නැති නිසා ඒකත් පහසුයි. 

පැරිස් වල Gare de Lyon station (Netherlands  පැත්තේ ඉඳන් යන trains නවත්තන්නෙ මේ  station එකේ) එකෙන් බැහැල Metro Station එක පැත්තට ගිහින් අපි Navigo transport cards(2 euro) (How to buy) ගත්තා. Navigo  cards කියන්නේ, පැරිස් වල public transport යන්න තියෙන transport card  එක. ඒ කාඩ් එකට අපිට Day passes  දාගන්න පුළුවන්.  ඒ කාඩ් එකට සල්ලි දාලා රීචාර්ජ් කරලා අපිට public transport  වල යන්න පුළුවන්. ඊට අමතරව අපිට ටිකට්ස් ගන්නත් පුළුවන්.  පැරිස් වල මෙට්‍රෝ ස්ටේෂන්ස් වල ගොඩක් පඩිපෙල් තමයි තියෙන්නේ.  ගොඩක් ඇවිදින්න ඕනේ.   

එදා දවසේ අපිට ගොඩක් තැන්වල යන්න තිබුන නිසා අපි Day pass(12.5 Euro) එකක්  අපේ ට්‍රාන්ස්පෝට් කාඩ් එකට දාගත්තා.  ඊට පස්සේ අපි අපේ  නවතින හොටෙල් එකට ගියා.  එතන  Check in වෙන්න තව වෙලා තිබුන නිසා  අපි early check in වෙලා අපේ luggages තියලා දවල්ට කෑම කන්න එලියට ගියා.  Check in time එකට යන්න ගොඩක් වේලාව තිබ්බෙ නැති නිසා අපි ළඟ තියෙන restaurant එකකින් pizza කෑවා. ඊට පස්සේ අපි ආපහු හෝටල් එකට ගිහිල්ලා අපේ බෑග්ස් තියලා පොඩි bags ටිකක් අරගෙන  එලියට බැස්සා.  පැරිස් වල ගොඩක්  bags හොරකම් කරන, පොකට්  ගහන අය ඉන්න නිසා  අපි ගොඩක් පරිස්සම් වුනා. 

අපි මුලින්ම ගියේ Arc de triomphe බලන්න.  එළියේ ඉඳන් බැලුව මිසක් ඇතුලට යන්න ටිකට් ගත්තේ නැහැ.  පැරිසියේ ගෙවල් වල balcony ටිකට් සහ  දෙපැත්තෙ ගස් පිරුණු පාරවල් ටිකට  අපේ හිත් ගියා. අපිට day passes  තිබුන නිසා අපි බස් එකේ තමයි එහාට මෙහාට ගියේ මොකද එතකොට වටපිට පේන නිසා.   ඊට පස්සේ  අපි ගියේ  Basilique du Sacré-Cœur de Montmartre බලන්න.  එතන ගොඩක් උස තැනක්.  එතෙන්ට Eiffel tower  එක නම් පෙනුනෙ නෑ.  අපි එතනින් එද්දි Nutella  crapes රස බලන්න අමතක කරේ නැහැ.  ඊට පස්සේ අපි මෙට්‍රෝ එකේ Eiffel tower  බලන්න ගියා.  ඊට පස්සේ  Seine   ගඟේ Sightseeing Cruise  එකක ගියා.  අපේ හොටෙල් එක තිබුනේ Eiffel tower එක කිට්ටුව නිසා අපි  හොටෙල් එකට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන ආයෙත් එකොළහට විතර Eiffel tower එක ගාවට ආවේ sparkling Eiffel tower බලන්න.  Eiffel tower එක, රෑ වුණාට පස්සේ හැම පැයකට සැරයක්ම  විනාඩි පහක්  දිලිසෙන්න ගන්නවා.  ඊළඟ දවසේ උදේම අපිට louver  museum එකට යන්න තිබුන නිසා අපි ඉක්මනට නිදා ගත්තා.

අපි උදේ hotel එකේ buffet එකෙන් උදේට හොඳට බඩ පිරෙන්න කාලා  louver  museum බලන්න පිටත් වුනා. එදා සතියේ දවසක් නිසා මෙට්‍රෝ එකේ ගොඩාක් සෙනග.  අපිට ටිකක් වෙලා ඉන්න වුණා metro  එකකට නැග ගන්න.  එදත් අපි day pass  එක ගත්තා මොකද අපිට  tikcet ගැන හිත හිත ඉන්න ඕනි නැති නිසා සහ ඕන බස් එක මෙට්‍රෝ එකක යන්න පුළුවන් නිසා. අපි යනකොට museum entrance එක ගාව ගොඩක් මිනිස්සු පිරිල.  අපි ඇතුළට ගිහිල්ලා glass  එක ගාව photos ගත්තා. .  ඊට පස්සේ අපේ වෙලාව අනුව ඇතුලට යන්න  පෝලිමට ගියා.  අපිට ඇතුල් වෙන්න තිබ්බෙ 9.30   උනාට අපි නමය විතර ඉඳන් දහය වෙනකම් පෝලිමේ හිටිය. queue  එකෙන් ඇතුලට  ආවාට පස්සේ museum towers ඇතුලට යද්දි  අපේ ටිකට්ස් ස්කෑන් කරනවා. අපි මුලින්ම කරේ මොනාලිසා හොයාගෙන ගිය එක.  එතන ගොඩක් මිනිස්සු හිටිය.  අපි කොහොම හරි ළඟටම ගිහිල්ලා  මොනාලිසා හම්බුනා. ආ ගිය විස්තර කතා කරලා  අනිත් චිත්‍ර ටික බලන්න ගියා. 
එතැන  ඩාවින්චි ගේ  තව චිත්‍ර තිබුණා. අනිත් තිබ්බ exhibits නම් මට එච්චරම interest වුනේ නැහැ . ඒත් මයිකල් ආන්ජලෝගේ  ප්‍රදර්ශනයක් පහල තිබ්බා.  පොඩි කාලේ ඉගෙන ගත්ත ඒවා ඇත්තටම දකිද්දි හරිම සතුටුයි.    ඒත් ප්‍රදර්ශනය තියෙන්නේ museum  එකේම පහල වෙනත් කොටසක එතනින්  එළියේ.   අපිට එකම ටිකට් එකෙන් තුන් පාරක් එලියට ඇවිත් ඇතුළට  යන්න පුළුවන්. එලියට ඇවිත් ආයෙ ඇතුලට යන්න ටිකට් ස්කෑන් කරන්න පෝලිමේ ඉන්න ඕන නිසා අපි ඇතුලේ ඒවා බලලමයි එළියට ආවේ.  එළියට යන්න පාර හොයාගන්න බැරුව ගොඩක් වෙලා හිටියා.  කොහොම හරි අපි පාර හොයාගෙන එලියට ආව. අපි museum   එකේ shop එකකින් සැන්විච් එකක් කාලා ම එළියට ආවා.  අපි audio guides ගත්තත් ඒවා එච්චරම වැඩක් උනේ නැහැ. British musuem එකත් එක්ක බලද්දි එච්චරම බලන්න දේවල් නැහැ. ඊට පස්සේ අපි ගියේ museum එක යට තියෙන shopping mall එකට. එතනින් කෝසලාව ගලවා ගන්න ටිකක් අමාරු වුනා. . ගෙදරින් එද්දි watch  එක ගේන්න බැරි උනා කියලා නාහෙන් අඬ අඬ හිටපු මනුස්සයා  එතනින් Swatch watch  එකක් ගත්තා.  එතකොට තමයි තේරුනේ watch  එක ගෙදර දාලා එන්න හේතුව.  ඊට අමතරව කෝසලා වැඩිය පුරම කරේ France වල  බඩු වල ගණනුයි Netherlands වල  ගණනුයි compare කර කර නාහෙන් අඬපු එක. මොකද අපිට ගොඩක් බඩු අරන් Switzerland යන්න බැරි නිසා.

ඊට පස්සේ අපි ගියේ  Notre-Dame Cathedral of Paris එකට.  ලංකාවේ පාස්කු බෝම්බය දවස්වලම මේ පල්ලියත් ගිනි ගත්ත නිසා ටිකක් ප්‍රසිද්ධයි.  ජීසස්ගේ කටු ඔටුන්න තියෙනවා කියන්නේ එහේ. අපි ඇතුළට ගිහිල්ලා Jesus ගේ රූප දිහා බලාගෙන වාඩිවෙලා හිටියා.  ඊට පස්සේ අපිට ඕන උනා  පැරිස් වල  hot  chocolate රස බලන්න.  ඒකට අපි ගියා Angelina කියලා restaurant එකකට.  මේක හොයාගෙන තිබ්බේ කෝසලා.  ඇත්තටම ඒක රසයි. ඒක මාරයි.  Staff එකත් හරිම හොඳයි.  කඩියෝ වගේ වැඩ.  පැරිස් ගියොත් යන්නම ඕනෙ තැනක්.  

ඊළඟ දවසේ උදෙන්ම යන්න තියෙන නිසා අපි ආපහු hotel එකට ගියා. යන ගමන් අපි Super market  එකකට ගියා වතුර සහ කන්න මොනවහරි ගන්න. ඒකෙදි කෝසලා Europe  ආපු දවසෙ ඉඳන් හොය හොය හිටපු cherry  මං අහම්බෙන් දැක්කා.  ඒක දැක්ක ගමන් කෝසලා  උන් හිටි තැන් අමතක වුනා.  ඊළඟ දවසේ උදේම Switzerland   යන්න තිබුණ නිසා අපි luggages හදලා   තියලා නිදාගත්තා. නිදාගන්න කලින් අපි ඊළඟ  දවසේ station  එකට යන්න tickets ගත්තා. එතැනදී මට පොඩි වැරැද්දක් වුණා.  (Île-de-France Mobilités (IDF Mobilités) is the governmental authority that controls and coordinates all public transportation in the Paris region (Île-de-France)) App එකේ හැටියට  ටිකට්ස් දෙකක් එකම iphone එකකින් දෙන්නෙක්ට ගන්න බැහැ.  ට පස්සේ අපි උදේ metro ස්ටේෂන් එකට ගිහිල්ලා navigo මැෂින් එකෙන්  ටිකට් එක ගත්තා.  App එකෙන් ගන්නවට වඩා එක ලේසියි.  Louver musuem  යන දවසේ අත්දැකීම නිසා අපි හිතුවා ටිකක් උදේම යන්න.  සෙනඟ අඩුවෙලාව හොයල බැලුවහම හතට කලින් යන්න කියලා Chat GPT  කිව්වේ.  අපි කොහොමත් හමාරට ස්ටේෂන් එකේ ඉන්න ඕන නිසා හය හතළිස් පහට පිටත් වුනා.  

අපිට train එක ගන්න තිබුණේ  Gare de Lyon ස්ටේෂන් එකෙන්.  අපි,  විශ්ව අයියාගේ උපදෙස් අනුව ඒ train ticket එක book කරේ මේ web site එකෙන් https://www.sncf-connect.com.  Metro එකෙන් බැහැලා  හරි terminal එක හොයාගන්න ඕනේ.  අපි terminal එකට ගිහිල්ලා train details යන screen එකක් දිහා බලාගෙන හිටියා අපේ train එක එන platform එක.  මට මගේ උදේ තේ එක නැතිව බැරි නිසා, එතකං අපි coffee  එකක් බිව්වා. Digital screen එකේ  platform එක display උනහම අපි platform එකට ගිහිල්ලා train එකට නැග්ගා.  ටිකට් එක ස්කෑන් කරද්දි මගේ Apple pay එක on වෙලා gate එක open උනේ නැහැ. හිටපු security එයාගේ ස්කැනර් එකකින් ස්කෑන් කරලා තමයි මට  ඇතුලට යන්න දුන්නේ.  කොහොම හරි අපි train එකට නැගලා luggages තියලා වාඩිවුනා. එතන ඉඳන් කෝසලා කරේ Cherry කන එක විතරයි.  මගේ වැඩේම බඩු supply කරන එක. 

අපිට බහින්න  තිබුනේ Lausanne වලින්.  එතනින් බැහැලා Montreux වලට අපිට ටිකට් එක ගන්න ඕන උනා.  SBB information center එකෙන් ටිකට්ස් දෙකක් ගත්තා. අපි Montreux  වලින් බැහැලා  අපි නවතින තැනට  ඇවිදගෙන ගියා. අපි යනකොට අපේ room එක ready වෙලා තිබුණේ.   අපි check in වෙලා බෑග්ස් තියලා ඉක්මනට එලියට බැස්සා අව්ව බහින්න කලින්. අපි Montreux  වල නැවතිච්ච තැනත් (B&B Guest House Du Lac) හරිම convenient. අපි Lake Geneva promenade දිගේ ඇවිදගෙන ඇවිදගෙන ගියා. අපි දවල්ට කාලා  ආයෙ ඇවිද්දා.  ෆොටෝ ගැහුවා එක එක විදිහට.  වැස්ස පොඩ්ඩකුත් තිබුණා.  සීතලත් එක්ක සිංදුවකුත් කියාගෙන ඇවිද ඇවිද  හිටියා. මෙහෙම ඉද්දි මාව එකපාර මගේ මූන ඉදිමෙන්න, කසන්න ගත්තා.   බොහොම ටික වෙලාවකින් තොල් බරියෙක් උනා.  කෝසල උඩ පැන පැන හිනාවෙනවා. දෙන්න හිතුනා  දෙකක් ගඟේ පාවෙන්න.  අපි ටක් ගාලා නවාතැනට ගියා.  ගිහිල්ලා තේකක් බිව්වහම හරි ටිකක් හරි ගියා.  තනියට ගියපු එකා මගේ ෆොටෝ අරගෙන Austrilia  වලටත් යවල ඉවරයි ඒ වෙද්දී.

ඊළඟ දවසේ උදේ Interlaken යන්න golden express train එක ගන්න ස්ටේෂන් එකට ගියා එකට ගියා.  අපි බස් එකේ ස්ටේෂන් එකට ගියේ.   අපි ගාව තිබුන travel pass එක verify කරගන්න විදිහක් බස් එකේ තිබුණෙ නැහැ.   Train එකට නැගලා ටිකක් දුර ගියහම තමයි checker කෙනෙක් ඇවිල්ල අපේ ටිකට් චෙක්  කරේ.  Travel pass එක තිබුණත් අපි ගෝල්ඩන් express train එකේ seats book  කරන්න ඕනේ. ඒක කරේ මේ  https://expressbooking.ch/resources/goldenpass-express/ website එකෙන්. Montreux  ඉඳන්  Interlaken යනවනම් දකුණු අත පැත්තේ සීට්ස් බුක් කරන්න අමතක කරන්න එපා.  කොහොම හරි අපි Golden express train එකේ කඳු හෙල් තැනිතලා හිම කඳු මැද්දෙන් Interlaken වලට ආවා. 

අපි ස්ටේෂන් එකේ lockers වල අපේ luggages දාලා දවල්ට කෑවා.  ස්ටේෂන් එකේ luggage lockers සීයක් විතර තියෙනවා.  එක ලොකු එකක අපේ hand luggage දෙකයි back pack දෙකයි  හතරම දාන්න පුළුවන් උනා.  පැය අටකට CHF 10 යි.   ඊට පස්සේ අපිට ඕන උනේ Breinz  ගඟ පැත්තට යන්න. අපිට travel  පාස් එක තිබුන නිසා අපි එතැනින් cruise එක ගත්තා. Breinz  ගඟේ පාට හරිම ලස්සනයි.  අමුතු කොලපාටක්.  එහෙම වෙන්නේ ග්ලැසියර් වලින් දියවෙලා එන අයිස් කැට හින්දා කියලා අපි දැන ගත්තා. Giessbach Waterfalls එක ළඟ තිබුණත්  අපි ඒකට බැහැල ගියේ නැහැ. . Cruise එකේ යන ගමන්  ඒක හොඳට පේනවා. 

 අපි Breinz වලින් බැහැලා ගඟ දිගේ ඇවිද්දා.  එදා කාලගුණය නම් එච්චර හොඳ නැහැ. Alps  ටික හරියට පෙනුනෙත් නැහැ.  රවී අපිත් එක්ක තරහා වෙලා. ගඟ දිගේ ඇවිදිද්දි වැස්සත් එක්ක අපිව හොඳටම සීතල වුණා.  ළඟ තිබ්බ කඩේකට දිව්වා  coffee  එකක් බොන්න හිතාගෙන.  කඩේට ගිහිල්ලා  coffee ඉල්ලන්න වචන ආවෙත් නැහැ. අමාරුවෙන් හොට් චොක්ලට් එකයි Cappuccino එකයි   කියලා කියාගත්තා. කඩේ අයිතිකාරයට හොඳටම හිනා. අපිට වාඩිවෙන්නෙ කියල කිව්වා ඇතුලෙන්. ටිකක් වෙලා හිටියහම අපේ සීතල ගතිය අඩු වුණා. Shop owner ට ස්තුති කරලා  වචන තුන හතරක් කතා කරපු අපි ආපහු එළියට බැස්සා.  ගමේ ටිකක් ඇවිදලා ආපහු Internlaken වලට train එකේ ගියා.  

එදා අපි නවතින්න හිටියෙ කාංචනා අක්කලාගේ ගෙදර. Zurich වලට ගිහිල්ලා අපි Steinmaur වලට train එක ගත්තා. Switzerland වල trains  හරිම ලස්සනයි. අපිව ගන්න කාංචනා අක්කා Steinmaur station එකට ආවා.  කාන්චනා අක්කා  කෝසලාගේ ඉස්කෝලෙ යාලුවෙක්.  ඒ දෙන්නා  හම්බෙන්නේ අවුරුදු දහයකට විතර  පස්සෙලු.  ඉතින් කතා කරන්න මතක් කරන්න දේවල් ගොඩයි.  ඒ දෙන්නා කතා කරන අතරේ මම අක්කගේ පුංචි පුතා එක්ක හිටියා. එයාගේ නම Diyon.  හැබැයි එයාට කතා කරන්නේ Di කියල.  එයාගේ වයස හතයි.  ඔහොම ඉන්න අතරේ Di කෝසලගේ ෆෝන්  එක  මගේ ගාවට අරන්  ඇවිල්ලා open කරලා දෙන්න කිව්වා.  මං කිව්වා මගේ නෙවෙයි කියලා ඒ ෆෝන් එක.  ටිකක්  වෙලා කල්පනා කරපු Di  රූං ගාලා  අපේ කාමරයට ගිහිල්ලා මගේ ෆෝන් එක අරගෙන ආවා.  මට හොඳටම හිනා වැඩේට.  කාංචනා අක්කා හදලා තිබු සැර  චිකන් curry එකත් එක්ක අපි බඩ පිරෙන්න  රෑට කෑවා. සීතල, සැර නැති කෑම කකා හිටපු අපිට ඒක දිව්‍ය භෝජනයක් වගෙයි. Switzerland  වලදී  ලංකාවේ කෑම කන්න ලැබෙන එක එසේ මෙසේ වාසනාවක් නෙවෙයි.  අයියා අපිට ඊළඟ දවසේ Rigi යන විදිහ ප්ලෑන් කරලා දුන්නා.  ඊට පස්සේ අපි කරේ  සිංදු ගැන කතා කරන එකයි අහන එකයි.

ඊළඟ දවසේ උදේම නැගිටලා අපි  යන්න පිටත්    උනා.  කාංචනා  අක්කා අපිව ස්ටේෂන් එකට ගිහින් දැම්මා. අපි cogwheel train එකෙන් Rigi කන්ද උඩටම ගියා. Rigi වල එදා හොඳටම හිම. අපි Lucern වලට යන්න cogwheel train එකේම පහළට  බැස්සා.  ඒ පැත්තේ weather එක හොඳටම හොඳයි.  අපි ඊට පස්සේ Lauterbrunnen පැත්තට යන්න පිටත් උනා.  කලින් දවසේ අපිට ආඩම්බර පෙන්නපු alps හොඳටම  එළියට ඇවිල්ලා හිටියා.  අපි Lauterbrunnen  ඇවිදලා  ආපහු Steinmaur ආවා. රෑට කන්නෙ මොනවද කිය කියේ  අක්ක අහද්දි  මං කෝසලාට කිව්වා චිකන් curry එක නැද්ද කියලා අහන්න කියලා එච්චරට රසයි ඒක. එදා අපිට රෑට කාංචනා  අක්කා Swiss raclette cheese කන්න ලෑස්ති කරලා තිබුණා.  ඒ චීස් වලට අපි හරි ආස වුනා. කෝසලා නම්  ඉතින් අහන්න දෙයක් නෑ,  හැමදේම නෑ බෑ නොකිය ට්‍රයි කරා. අපි කද්දි Di වටේ දැවටි දැවටි හිටියා. ටික වෙලාවකින් බැලුවහම Di අතේ ෆෝන් එකක්.   අම්මට සිරි. ඒ මගේ ෆෝන් එකනේ.

ඊළඟ දවසේ උදේ අපි නැගිටිද්දී Di අපේ දොර ළඟ.  උදේ පහේ ඉඳන් නැගිටගෙන අම්මගෙන් ගුටිත් කාලා තමයි එතන  ඉඳලා තියෙන්නේ අපි නැගිටිනකම් කාංචනා  අක්කා උදේම නැගිටලා කිරිබත් හදලා. උදේට කිරි බතුයි, කට්ට සම්බලුයි,  සැරම සැර චිකන් curry එකකුයි.   අරේ වා !  උදේටත් හොඳට සප්පායම් වෙච්ච අපි, Rhine falls ට බලන්න යන්න පිටත් වුනා. 

කාංචනා අක්කා තමයි නඩේ ගුරා.  ගෝලයා තමයි  Di.  සිංදු දාන්නේ, phone charge කරන්නේ Di.  එදා හොඳටම අව්ව දවසක්. අපි Rhine falls  ළඟටම ගියා.  අර පැත්තට මේ පැත්තට බිත්තිය පැත්තටම උඩට යටට හැම පැත්තටම ෆොටෝස් ගැහුවාදිය ඇල්ල ළඟටම යනවනම් වෙනම ටිකට් ගන්න ඕනේ.  අපේ දිය ඇල්ල යටටම ගියත් බෝට් එකේ ගියේ නැහැ.  යන්න වෙලාව තිබුනේ නැහැ.  අපි  ආපහු වාහනයට නඟින්න එද්දී Crêpes අරගෙන කකා ආවා. Di  අපි VIP service දෙනවා කියලා කාංචනා අක්කා බැන බැන ආවා.  අපිට හවස Lindt museum යන්න තිබුන නිසා  අපි ආපහු  Steinmaur වලින් Zurich  වලට ට්‍රේන් එක ගත්තා. අපි ට්‍රේන් එකට නගිද්දී Diට හොඳටම නින්ද ගිහින්.  එදාට අපිට ට්‍රැවල් පාස් තිබුනෙ නැති නිසා අපිට train ටිකට් එක ගන්න වුණා.  ටිකට් එක ගත්තෙ SBB app එකෙන්.  Lindt museum එක හොයාගන්න අමාරු උනේ නැහැ. යන පාර දිගටම මේ signs තිබුණා. 
ඒකෙ හිතපු තරම් දෙයක් තිබුණෙ නැහැ. චොක්ලට් ඕනේ තරම් රස බලන්න නම් තිබුණා. Lindt musuem එකේ හිතපු තරම් දෙයක් බලන්න කියවන්න තිබුණෙ නැහැ. චොක්ලට් ඕනේ තරම් රස බලන්න නම් තිබුණා. Lindt museum එකට ටිකට් ගත්තෙ මේ සයිට් එකෙන් https://www.lindt-home-of-chocolate.com/en/tickets-and-prices. අපි musuem  එක බලලා ආපහු Zurich පැත්තට යන්න එළියට බැස්සා.  අපි පැය විසිහතරටම ටිකට් එක අරගෙන තිබුණ නිසා  Zurich යන්න අපි Ferry එකට නැග්ගා.  ඊළඟ දවසේ කාලගුණය කොහොම වෙයිද දන්නෙ නැති නිසා Ferry එකෙන් බැහැලා Zurich lake  ගාව අපි  ගොඩක් වෙලා වාඩිවෙලා හංසයෝ  දිහා බලාගෙන හිටියා. 

ඊලඟ දවසේ shopping වලට ලේසි වෙන්නයි, airport යන්න ලේසි වෙන්නයි, අපි  Zurich වල hotel එකක් book කරලා තිබ්බේ.   කාංචනා අක්කා අපේ බෑග්ස් ටික hotel එක ළඟටම ගෙනත් දුන්නා.  අක්කා අපිට  රෑට කන්න කෑමත් හදල ගෙනැල්ලා තිබුණා. Di ත්  ඇවිල්ල හිටිය නිසා අපිට හරියටම bye කියන්න හම්බුනා.   
ඊළඟ දවසේ උදේම අපි  අපේ bags ටික හදලා check out වෙලා bags ටික hotel එකේම තියලා  shopping යන්න පිටත් වුනා.   අපි ඊළඟට හොයාගෙන ගියේ  Läderach චොකලට්. ආ ඒ යද්දි අපි අපේ  tickets check කරා.  බැලින්නම් අපේ tickets ඒ  route එකට valid නෑ කිව්වා.  තව පොඩ්ඩෙන් 125 CHF  fine එකක් ගහනවා.  හොඳ වෙලාවට ට අපි අපිට ticket එකක් අරගන්න help එකක් දුන්නා. 

Zurich HB station එකේ  chocolate shop එකක් තිබුනා.   අපි ඒකට ගිහිල්ලා  ගණන් බල බල හිටියා.   අපිට මොන chocolate එක ද ගන්නේ කියලා තෝරගන්න බැරි නිසා අපි එහාට මෙහාට ඇඹරී ඇඹරී හිටියා.  shop එකේ හිටපු lady අපිට රස බලන්න පොඩි chocolate කෑලි දුන්නා.  අපේ රස බලලා chocolate  තෝරලා ගත්තා.  අපි  එයත් එක්ක පොඩි වෙලාවක් කතා කරා.  එයාගේ ජොබ් එක ගැන. 
එයා happy කිව්වා එයාගේ ජොබ් එක ගැන. අපි ඊට පස්සේ Zurich old town එක පැත්තෙ ඇවිදින්න ගියා.  Souvenir shop එකකුත් හොය හොය.  ඊට පස්සේ අපි ට හොඳ කඩවල් ටිකක් තියෙන bahnhofstrasse  street එකේ ඇවිද්දා, කඩවල් ඇතුලටත් ගියා.  කෝසලා ඒකට කිව්වෙ shopping therapy කරනව කියල. shopping therapy ඉවර වෙලා අපි ආපහු  hotel එකට ගියේ හවස ෆ්ලයිට් එක ගන්න airport  එකට යන්න.  අපි airport එකෙත් shopping therapy කරා.   අන්තිමේදි අපි ආපහු Netherlands වලට ගොඩ බැස්සා.

 කෝසලාගේ ඕලන්ද සංචාරය පටන් ගත්ත ඊට පස්සේ.

Sunday, July 6, 2025

Gift of Shelter [“Turning generosity into a shelter”]

 

මේක ටිකක් දිග කතාවක්. හැමදේම පටන් ගත්තෙ මෙහෙමයි…


අපේ අක්කගේ යාළුවෙක්ට ඕන උනා බබෙක් හම්බෙන්න ඉන්න අම්මා කෙනෙක්ට මොනවා හරි උදව්වක් කරන්න. ඉතින් ඒකට අපේ අක්කා ගමේ Midwife කියපු ගෙදරකට කෑම බීම බඩු අරගෙන ගියා.

ඒ වෙලාවේ, ඒ Midwife ඉල්ලීමක් කරලා තිබ්බා පුළුවන් නම් මේ ගෙදර හදන්න උදව්වක් කරන්න කියලා. අපේ අක්කලටත් ගොඩක් දුක හිතලා තිබුණා ඒ ගෙදර ළමයි තුන්දෙනා ඉන්න විදිහ දැකලා. මටත් ඕන වෙලා තිබ්බා පොඩි ගෙදරක් හදන්න උදව් කරන්න. මං කොයි ගොන් වැඩේ කරත් ළඟින් ඉන්න දිනූෂි අක්කයි අමල් අයියයි දෙන්නා දෙන්නත් වැඩේ කරන්න කියලා මාව උනන්දු කරා. ඒ නිසා මං මගේ යාළුවොන්ටත් කියලා ගෙදර හදන වැඩේ පටන් ගත්තා. මොන වැඩේ කරත්, නෑ බෑ නොකියා උදව් කරන මගේ යාළුවෝ හැමෝම වගේ “හා කරමු” කියලා කිව්වා.


මේ එදා තිබ්බ විදහ





“Many hands working together can accomplish what one
cannot alone..”


ඉතින් ඊට පස්සේ..


මං දන්න architect අක්ක කෙනෙක්ට කියලා ප්ලෑන් එකක කටු සටහනක් ඇඳගත්ත අපිට ලක්ෂ දහයකින් විතර ඉවර කරන්න පුළුවන් විදියට. ඊට පස්සේ අපේ අක්කා දන්න අයියා කෙනෙක්ට කියලා ඒ plan එක හොඳට ඇඳ ගත්තා. අපේ අක්කගේ මහත්තයා (බන්දු අයියා) ඒක හදන්න ඕන බඩු බාසුන්නැහේ කෙනෙක්ගෙන් අහගෙන අඩිතාලමට අවශ්‍ය බඩු ටික ගෙනහින් දැම්මා. ගෙදර අයට කියලා වෙලාවක් බලලා මුල්ගල තිබ්බා. දවස් දෙකකින් වගේ අඩිතාලම දාලා ඉවර වුණා.


   

ඒ තිබ්බගේ කඩලා තමයි අලුත් ගෙදර හදන්න පටන් ගත්තේ. ඒ නිසා ඒ ගෙදර අය පොඩි ගෙදරක් ලී වලින් හදාගෙන තිබ්බ.


ඊට පස්සේ ටික ටික..


ඊට පස්සේ ටික ටික බිත්ති බඳින්න පටන් ගත්තා.  බාස්ල හොයලා බඩු ඕන දේවල් අහගෙන, බඩු අරගෙන ගිහිල්ලා, බඩු ලාභ තැන් හොයලා, ඒ බඩු ගෙනැල්ලා, ඒ හැමදේම මට වාර්තා කරලා තමන්ගේ වැඩත් පාඩු කරගෙන දේටම දුවලා පැනලා කරේ අපේ බන්දුල අයියා.  ඒ උදව් කරන බාස්ල වගේම හාඩ්වයර් වලින් සෑහෙන්න උදව් කරල තිබ්බා.  Market එකේ තියෙන ගානට වඩා අඩුවෙන් තමයි හැමදේටම  සල්ලි අරන් තිබ්බේ අපේ Fund එකට ලක්ෂ එකොළහක් මේ වෙද්දී හම්බෙලා තිබ්බා. 


“Unity is the foundation of strength; just as a bundle of sticks is hard to break.”


ඊළඟට තිබ්බේ…


ඊළඟට තිබ්බේ වහල ගහන වැඩේ. ඒකට ඕන ලී අරගෙන පාට ගාලා වේලෙන්න තිබ්බා. අපිට වැස්සෙන් ගොඩක් බාධා ආවා. කොහොමහරි කොහොමහරි වහල ගහන වැඩෙත් පටන් අරගෙන ඉවර කරා.


“When hands join together, even the heaviest roof can rise.”


ඉතින් ඉතින්…


දැන් ඒ ගෙදර මූලික කොටස් ඉවරයි. දැන් තියෙන්නේ ලස්සන කරන වැඩ ටික. ගෙදර කපරාරු කරන්න කලින් වයරින් කරලා පොළවට කොන්ක්‍රීට් දැම්මා. ඒ අතරේ අයියා ජනෙල් දොරවල් හදන්න දීල තිබ්බා.

 

ඊට පස්සෙ පොළොවට සිමෙන්ති දැම්මා.


With heartfelt gratitude, we sincerely appreciate the generous contributions from the following kind-hearted individuals.
Your support made a big difference.


මේ උදව් කරපු අය…


Priyani Akka Meenu
Dinushi Akka Ajanee Akka
Geethi Himali Akka
Hasara Devmali Akka
Kosala Asith Ayya
Piyumi Akka Waruni
Warunika Thathsarani


මීට අමතරව අපේ අක්කටයි, බන්ධුල අයියටයි, අපේ තාත්තටයි, මේකට මහන්සි වෙච්ච හැමෝමයි, වචනෙකින් හරි උදව් කරපු, අහලා සතුටු වෙච්ච හැම දෙනෙක්ටමයි ගොඩාක් පින්.


මේ ගියපු වියදම්:

Description Amount (LKR)                      
Foundation                               231,820
Door frames77,000
Walls307,599
Roof253,872
Setup electricity50,441
Doors and windows105,806
Lay concrete on the floor49,900
Change electricity meter8,850
Lay Cement on the floor42,000
Total1,127,288


ඉතින් අපිට මේ වෙලාවෙ සම්පූර්ණ කරන්න වුණේ මෙච්චරයි. අපිට තව කපරාරුව, ඒ වගේම ජනෙල් වල ග්‍රිල් දාන්න තියෙනව. ඒත් මේ වෙලාවෙ ඒක කරන්න බැරි නිසා ඒ ගෙදර අය ගෙට 2025 ජූලි 06 වෙනිදා ගෙවදුනා. ඉතින් දැන් ඉදන් ඒ ගෙදර ළමයි හතර දෙනාට තෙමෙන්නෙ නැතුව පහසුවෙන් ඉන්න පුළුවන්. 😊











Sunday, August 11, 2024

සරත් සෘතුවේ එංගලන්ත සංචාරය

ත්‍රිශාලිගෙ වෙඩින් එක දවසේ ඉඳන්ම  මම බලාගෙන හිටියේ England බලන්න යන්න.  Covid නිසා කාලයක් තිස්සේ ඒක මග ඇරුණා.  ඊට පස්සේ මම  Netherlands එන දවසේ ඉදන්ම  ත්‍රිශාලි කිය කිය හිටියේ  එහේ එන්න කියලා.  ඉතින් කොහොමහරි සල්ලි ටිකක් ලෑස්ති කරගෙන මම visa apply කරා. එයින් process  එක ගැන කිව්වොත්  Visa apply kare https://www.gov.uk/browse/visas-immigration/tourist-short-stay-visas. Biometrics  දෙන රට ඉස්සෙල්ලම අහනවා.  එතනින් පස්සේ  විස්තර පුරවන්න තියෙන්නෙ. Netherlands  වල තැන් දෙකක  biometrics දෙන්න පුළුවන්. Den Hague  සහ Amsterdam  වල. එතැනින්  Den Hague වල තියෙන්නෙ premium service එකක්.  එක ගණන් වැඩියි.  හැබැයි අපිට ඕන දවස select කරගන්න පුළුවන් . Amsterdam  තැන මං හිතන්නේ,  ඉක්මනටම date එකක් ගන්න බැහැ.  ටිකක් කල් යනවා. visa apply කරද්දී ඒක කියන්නේ නැහැ.  ඒ නිසා  මීට පස්සේ Amsterdam ම  select කරන්ඩ ඕනේ. Visa  form එක fill කරන වෙලේ ඉදන්  ත්‍රිශාලිටයි  එයාගෙ මහත්තයා විදුරටයි  මං සෑහෙන්න  වධ දුන්නා. documents ප්‍රින්ට් කරන්න කියලා mail  එකේ තිබ්බත්   එයාලා කිව්වේ Netherlands වල කොල බලන්නේ නැහැ කියලා. Documents  ටික අප්ලෝඩ් කරහම ඇති කියලා කිව්වා. කොහොමහරි සති දෙකක් ඇතුළත වගේ වීසා එක ආවා.  

මං කලින් හිතාගෙන හිටියේ ඔක්තෝම්බර් වල යන්න. ඒ උනාට වීසා කලින් ආව නිසා  විදුර කිව්වා සැප්තැම්බර් එන්න කියලා.  මොකද Buckingham palace එක සැප්තැම්බර් 24  න් පස්සේ වහනවා ලු. අලුතළුත්වැඩියා  වැඩ වලට.  ඊට පස්සේ අපි දවස් ටික plan කරලා ඔක්කොම ඉවර උනාට පස්සේ තමයි මම  දැක්කේ මගේ වීසා එක valid වෙන්නේ ඔක්තෝම්බර් 13 හින්දා මොකද මම දැම්මේ ඔක්තෝම්බර් 13 fly  කරනවා කියලා. මෙයාලා ඒක සීරියස් අරන් මගේ වීසා එක දීලා තියෙන්නේ  එදා ඉදන්.  ප්ලෑන් කරපු ඔක්කොම ටික කල් දාලා නිවාඩුත් cancel කරා. Reserve  කරපු tickets  ඔක්කොම  වගේ කල් දාගන්න පුළුවන් වුණා  flight ටිකට් එක ඇරෙන්න.

කොහොමහරි ඔක්තෝම්බර් 13 හවස මම  Amsterdam වලින් KLM ෆ්ලයිට් එකට නැග්ගා.  මම ලයිට් එකේ වාඩිවෙලා හිටියේ window seat  එකේ.  මගේ එහා පැත්තේ සීට් එකට ආවෙ ටිකක් මහත lady   කෙනෙක් එද්දි මම  එයාගෙ සීට් එක උඩ තිබ්බ  seat belt  එක එහාට කරලා එයාට වාඩි වාඩිවෙන්න ඉඩ හදලා දුන්නා.  එතනින් පස්සේ එයයි මායි හොද යාලුවෝ වුණා.   එයා මැලේෂියන් කෙනෙක්.  හැබැයි England ඇවිල්ලා අවුරයි දහයකට වැඩි  කිව්වා. එයා  electronic engineer කෙනෙක්. බහිනකම්ම අපි දෙන්නා ගොඩාක්  විස්තර කතා කරා.  Birmingham වල  කරන්න පුළුවන් දේවල්,  කන්න පුළුවන් කෑම, culture එක ගැන, පව්ලේ විස්තර  ඒ වගේ ගොඩාක් අනං මනං කතා කරා.  ෆ්ලයිට් එකේ පැයම යනවා තේරුනේ නෑ.   පස්සේ එයා මට  හග් එකක් දීලා wish කරලා  සමු අරගෙන ගියා. 

මම බහිද්දි ත්‍රිශාලිලා ඇවිල්ලාා හිටියා එයා පෝට් එක ගාවට. මල් boquet එකකුත් අරන් ඇවිල්ලා තිබ්බා.  එයා ඉතිං මගේ යාලුවනේ.  

 ඊට පස්සේ  අපි  එයාලගේ ගෙදර ගියා.  මම බඩගිනියි කිය කිය කෑ ගගහ හිටපු නිසා එයා බනිස් එකකුත් අරං ඇවිල්ලා තිබ්බා.   ගෙදර ගියපු ගමන් එයා හදලා තිබුණ බතුයි පරිප්පුයියි කරවලයි, පොල් සම්බල් කෑවා.  අම්මෝ රස දැනුත් කටට කෙල උනනවා. 



ඊළඟ දවසෙ උදේ මම උදේ  පාන්දරම  නැගිටලා  රබර් සෙරෙප්පු දෙකක් දාගෙන  එළියෙ ඇවිදින්න ගියා.   ආවට පස්සෙ හොඳවයින් දෙක තුනක් අහගත්තා. Husband & wife දෙන්නම බැන්නා.  එදා දවල් අපි ගියා කඳු පන්තියක් බලන්න.  ඇත්තටම කිව්වොත් ඒක සානුවක්.  එක සැරයක්  එතනින් ගියාට හොදටම මදි.  ආයෙ යන් කියලා කිව්වහම විදුර  ආයෙ උඩට ගිහිල්ලා ආයෙ  පහලට  එක්කන් ගියා.  ඒ වගේ  කීප සැරයක්ම අපිව උඩට පහලට එක්ක ගියා.  එක සැරයක,  මම කන්ද මුදුනේ  වාහනයෙන් බැස්සා.  මම හැදුවේ පහලට ඇවිදගෙන යන්න.  යද්දි තමා තේරුනේ ලිස්සනවා කියලා. දෙසැරයක් විතර ලිස්සුවා  වහින නිසා.  එතකොටම වගේ  ත්‍රිශාලි ලා වගේ වාහනෙන් ඇවිල්ලා මාව ගත්තා.







එද්දිත් ලස්සන තැන් කීපයක්ම  තිබුණා.  එදා රෑ කෑමට විදුරගෙ අම්මලාගේ  ගෙදර එන්න කියලා තිබ්බා. 





 අපි හෙට යනකොට රෑ හත හමාර විතර වෙලා.  විදුරගේ නංගිලත් ඇවිල්ලා හිටියා.  අම්මගේ රසම රස බත් එකක් කෑවා ලංකාවේ ගිහිල්ලා වගේ. කොහේ ගියත්  හාන මම  එහෙදි වතුර එකකුත් හැලුවා.  ඊළඟ දවසේ ලන්ඩන් යන්න ඕන නිසා අපි ඉක්මනටම ආවා.  


ඊළඟ දවසේ උදේ අට වෙද්දී අපි පිටත් වුණා. අට කිව්වට නමය වගේ වුණා.  මාමා ප්ලෑන් කරගෙන හිටියේ , ලන්ඩන් වල දවස් තුනක් නවතින්න.  අපි ලන්ඩන් වලට යද්දි එක වගේ වුණා.  අපි plan කරගෙන හිටියේ  boat ride එක ගිහිල්ලා cable car එකේ Greenwich යන්න.  ඒ උනාට boat එකේ ගිහින් එද්දි ටිකක් රෑ වුණා.  










































ඊට පස්සේ අපි යන ගමන්,  කෑම අරගෙන  මම නවතින තැනට ගියා. බබා මහන්සියිට ද කොහෙද හොඳටම අඬ   අඬ හිටියේ.  ඒ වුණත් විදුර මාත් එක්ක ඇවිල්ලා, තැනත් බලලා මාව room  එකට ඇරලලා  තමයි ගියේ. Cash ටිකකුයි  විදුරගේ bank card  එකකුයි  දෙකක්ම  මට දුන්නා හදිසියක් වුණොත්  කියලා. 

ඊළඟ දවසේ උදේම මම book කරලා තිබ්බේ  Sherlock Holms Museum. මම ඒක බලන්න ගොඩක් ම ආසාවෙන් හිටියේ ඉස්සර පොත් කියවද්දී හිතේ මැවිලා තිබ්බ දේවල් ඇත්තද කියල බලන්න ගොඩක් ඕන කම තිබ්බා.   ලන්ඩන් එන්නම ඕන කියල හිතුනෙ මේකට.   මට එතෙන්ට යන්න තිබ්බේ 9.30 ට.  මම කෝකටත් කියලා ටිකක් කලින් එළියට බැස්සා අටට වගේ. එතනම තිබ්බා Indian cafe  එකක්.   මටම කියල වගේ නිසා මම එතැනින් කොෆි එකකුත් ගත්තා.  මට නිදාගන්න තිබුණෙ single ඇඳක්.  රෑ   මැද්දෙ   පෙරලෙන්න ගිහින් මාව දඩෝං ගාලා බිමට වැටුණ. හොඳ වෙලාවට වැටුණේ බ්ලැන්කට් එක උඩට.  නැගිටලා ඇඳට ගිහින් ආයේ නිදා ගත්තා.

මම ගියේ underground train එකේ . Tube කියලා තමයි ඒකට කියන්නේ. Netherlands වල තියෙන Metro වලට වඩා ඒවා හයියෙන් යනවා. underground නිසා වෙන්න ඇති  baker street ස්ටේෂන් එකෙන් තමයි මට  බහින්න තිබ්බේ.  එතනින් බැහැල එලියට එද්දි මම දැක්කා පාර අයිනේ පත්තර තියෙන තියෙනවා.  ඒවා ඕන කෙනෙකුට  අරගෙන කියවන්න හරි අරන් යන්න හරි පුළුවන්. 

 මම බේකර් වීදියේ අංක 221 ගෙදර ගාවට ඇවිදගෙන ගියා.  museum එක වහලා තිබ්බේ.  ඒක අරින්නෙ නමේ  හමාරට. මං මම ඉතින් එතන වටේ ඇවිද ඇවිද හිටියා.  ගොඩක් කට්ටිය තව ඇවිල්ලා පෝලිමේ හිටිය.  අපි ඇතුලට යන යනකොටම Mrs.Hudsen වගේ ඇදගත්ත  ලේඩි කෙනෙක් ඉන්නවා අපිව පිළිගන්න. එයා හරිම ෂෝක්.  එතන ඉන්න staff එක ඔක්කොම  ඇඳගෙන ඉන්නේ පරණ  විදිහට.  හරියට ෂර්ලොක් හෝම්ස් පොත් වල  හිටපු අය වගේ.  ඇතුලේ තියෙන්නේ පොඩි ඉඩක් හැබෑ හැබැයි පොත්වල visit විස්තර කරලා තියෙනවා වගේම බඩු සේරම තියලා තියෙනවා.  ෂර්ලොක් හෝම්ස්ගේ makeup box එක,  doctor Watson ගේ දුම් පයිප්ප,  ෂර්ලොක් හෝම්ස්ගේ ඉටිරූප,  ඒ වගේම කතාවල එන නඩු භාණ්ඩ තැන්පත් කරලා තියෙනවා.  එතන කෙනෙක් ඔක්කොම විස්තර කරනවා  විනාඩි දහයක් වගේ.  ඊට පස්සේ අපිට  ඕනේ තරම් ෆොටෝ ගන්න  වෙලාව දෙනවා  ඇතුලේ අපිට කැමති විදියටට ඇවිදින්නත් පුළුවන්. මම 10.30  වගේ විතර වෙනකම් එතන හිටිය.

 මම එතන 10:00 විතර වෙනකන් හිටියා.  මට ඊලගට යන්න තිබුණේ Windsor castle. London Waterloo  ඉඳන් තමයි ට Windsor castle යන train එක ගන්න තිබුණේ. Windsor & Eton Riverside  එකෙන් තමයි බහින්න තිබුණේ.  Waterloo station එක ටිකක් ලොකුයි.  එතන කීප දෙනෙක්ගෙන්ම  මම  විස්තර අහගත්තා. මගේ QR code  එක වැඩ කෙරේ නැහැ එක වෙලාවක. එතන හිටපු  gate keeper මගේ ටිකට් එක බලලා එයාගෙ කාඩ් එකෙන් ගේට් එක open කරලා දුන්නා.  අන්තිමේදී මම Windsor castle river side ස්ටේෂන් එකෙන් බැස්සා.  එතනටත් කාසල් එක පේනවා. Castle entrance  එකේ security point එකක් තියෙනවා. Sharp දේවල් ඇතුළට ගෙනියන්න බැහැ.  ඇතුලට යන තැනින් multi multimedia guide එකක් collect කරගන්න  පුළුවන්

කාසල් එක ඇතුලට ගියාම ෆොටෝ ගන්න බැහැ.  ඒක ඇතුළෙ තියෙන රාජ්කීය බව නම් මම කොහෙවත් දැකලා නැහැ.  හරිම ලස්සනයි.  ඒත් මට හිතුනා මේවා හදලා තියෙන්නේ වෙන රටවල්  වලින් බලෙන් අරන් ආපු දේවල් වලින් නේද කියලා. ඒකෙ ඇතුලෙ බලන්න දේවල් ගොඩක් තියෙනවා.

ඒක බලලා ඉවර වෙලා මම ආපහු ලන්ඩන් යන්න train  එකේ නැග්ගා. මට හිතුනා ලන්ඩන් බස් එකක ආයෙේ නවතින තැනට යන්ඩ ඕන කියලා.  මම waterloo වලින් බැහැලා බස් එක ගත්තා. මම නැවතිලා හිටපු තැන් තිබුණේ තව bridge  එක ගාවම නිසා මට හිතුනා එතනින් බැහැල bridge එක උඩින් පයින් ඇවිදගෙන යන්න.  ඔහොම යද්දි ී මට එකපාරටම සිංහලෙන් කතා කරන සද්දයක් ඇහුනා බලන් යද්දි ලංකාවේ ගෑනු ළමයෙක් ද කොහෙද සිංහලෙන් කතා  ෆෝන් එකෙන් කතා කර කර යනව.  මට කතා කරන්න හිතුනත් එයා කෝල් එකක නිසා මම කතා කරේ නැහැ.  ඒ විදියට මගේ ලන්ඩන් වල පළවෙනි දවස ඉවර උනා.

ඊළඟ දවසේ මට තිබුණේ big bus tour එකයි sea life එකයි Shrek adventure එකයි. මම උදේම ගිහිල්ලා ළඟම තිබුණ  big බස් එකට නැග්ගා. බස් එකට නගිද්දිම head set එකකුයි මැප් එකයි ගන්ඩ ඕන. උදේ පාන් පාන්දර නිසා මාර සීතලයි.  මාව දන්න කවුරුත් නැති නිසා හොඳට කැප් එක දාල hoodie එකත් දාගත්තා. 

මම බිග්බෙන් එක ගාවින් බැස්ස.  parliament එක හරිම ලස්සනයි. මම west minister abbey එක ගාව තියෙන statues ටික බැලුවා. ඊට පස්සේ මම ගියේ Shrek adventures. මගේ ටිකට් එකේ time slot  එකක් තිබුණට ඒක එයාල බැලුවේ නෑ. එකේ ගොඩක්ම තිබ්බේ Shrek එකේ  චරිත රඟපාන අය එක්ක තිබ්බ activities.  පොඩි ළමයින්ට තමයි ගොඩක් හොඳ.  අන්තිමට Shrek  හම්බුනා. 

එතනම තමයි Sea life  එකත්.  මගේ book කරපු time slot එකට තව වෙලාව තිබුනණත් මම හිතුවා කෝකටත් ට්‍රයි කරල බලනවා කියලා මම හිතුව වගේම එයාලා time slot එක බැලුවෙ නෑ. ඒක aquarium එකක්. ඇතුලේ මාළු ගොඩක් හිටියා.  හැබැයි මට හිතුණේ Singapore aquarium එක ටිකක් මේකට වඩා ලස්සනයි කියලා. 

ඊට පස්සේ මම ආයෙත් big bus  එකකට නැගලා uckingham palace එක ගාවට ගියා. සැප්තැම්බර් 24 න් පස්සේ ඇතුලට යන්න දෙන්නෙ නෑ.  ඊට පස්සේ ආයෙත්  hide park corner  එකට ගියා. ඒ හරියේ දැකපු විශේෂම දේ තමයි යුද්දෙදි මැරුණ සත්තු වෙනුවෙන් ඉදිකරලා තිබුනා ස්මාරකය. 

එදා හොටෙල් එකට යද්දි  රෑ 8 විතර වුණා. 

ඊළඟ දවසේ මම යන්න හිටියේ  British museum. වෙලාව තිබුනොත් යන්න කියලා Natural history museum එකත් reserve කරලා තිබ්බා.  එදා හවස තමයි මම ආපහු බර්මින් හෑම් යන්න හිටියේ.   මට යන්න එක තිබ්බේ හතහමාරට.  මම නගින්න ඕන ස්ට්‍රේෂන් එක නැවතිලා හිටපු තැනට වඩා දුර නිසා   සහ  මගේ බෑග් එක අරගෙන හැමතැනම ඇවිදින්න යන්න බැරි නිසා,  මම බෑග් එක තියන්න location (https://usebounce.com/) එකක් හොයාගත්තා.  පැය ගානට තමයි ඒකෙ ගෙවන්න  තියෙන්නෙ. උදේම ස්ටේෂන් එකට ගිහින්  බෑග් එක තියලා , Kings station, London  එකට ගියා හැරී පොටර් ගේ 9 3/4 Platform එක බලන්න.  එතන ෆොටෝ ගහන්න ගොඩක් පෝලිම.  මගේ පිටිපස්සෙ හිටිය තැඹිලි පාට කොණ්ඩෙ තියෙන  ගෑණු  ළමයෙක්.  අපි දෙන්නා කතා කර  පෝලිමේ හිටිය. එනිසා එයාගේ ෆොටෝ එකක් මම ගත්තා, මගේ ෆොටෝ එකක් එයා ගත්තා. නැත්නම් අපේ ෆොටෝස් අපේ ෆෝන් එකෙන් ගන්න බැහැ.

 ඊට පස්සේ මම ගියේ British museum එකට. ඒක  ලොකුම ලොකු බිල්ඩින් එකක්.  ලංකාවේ ඒ වගේ බිල්ඩින් එකක් නැහැ.  පිටරට වල ගොඩාක් දේවල්  ඒකෙ තැන්පත් කරලා තියෙනවා. මම  ඊජිප්තුවේ , ග්‍රීසියේ  දේවල් බලලා  ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ බඩු තියෙන පැත්තට ගියා. ඉන්දියාවේ බෞද්ධ ශිෂ්ටාචාරයට අයිති  ගොඩක් දේවල් තිබුණා. . ඒ අතරින් තිබ්බා විශේෂ දෙයක් තමයි බුදුහාමුදුරුවන්ගේ පිරිනිවන් පෑමෙන් පස්සේ  ධාතු බෙදන කැටයමක්.  ඒ අවස්ථාව මම ලංකාවෙ තියෙනවා දැකලා නෑ.  වගේම  අමරාවතී සම්ප්‍රදායට අයිති  චෛත්‍යයකින් වටදාගේ නටබුන් එක කාමරයකින් පිළිවෙලකට තියලා තිබුණ.  සිදුහත් කුමාරයා ගිහි ගේ හැර යාම , මහාමායා දේවිය ගේ සිහිනය,  බුදු වීම,  වගේ ගොඩක් දේවල් වල කැටයම්  චෛත්‍යය වටදාගේ කෑලිවල තිබුණා. ඒ වගේම නටරාජා මූර්තියකුත්  තිබුණා.  ලංකාවෙන්  ගෙනිච්ච ඇද්දලවලින් හදපු කැටයම් ටිකක් තිබුණා. මං හිතුවා ඊට වඩා ඇති කියලා.  ඒත් තිබ්බෙ ටිකයි. හැබැයි ඉන්දියාවෙන් නම් ගොඩක් දේවල් තිබුන.  ලංකාවේ අය ඉන්දියාවේ බෞද්ධ නටබුන් බලන්න ගියාට  ඉතුරු ඒවා බලන්න British museum  එකට යන්න ඕනේ කියල හිතුණා ගොඩක් දේවල් එහේ  තමයි තියෙන්නෙ. 

ඊට පස්සේ මම ගියේ natural history museum එකට. ඒකෙ ගොඩක්  පරිසරයට සම්බන්ධ දේවල් තමයි තියෙන්නෙ.  ගිනි කඳු ඇති වෙන්නේ කොහොමද,  පාෂාණ,  සත්තුන්ගේ ඇට සැකිලි වගේ ගොඩක් දේවල් ඒකෙ තිබුනා.   අවුරුදු 1500 ක්   වගේ පරණ ලොකු ගහක හරස්කඩක් තිබුණා. 

ඊට පස්සේ මම මගේ බෑග් එකේ ගන්න Euston train station එක කිට්ටුවට ගියා.  එතනින් මම බෑග් එක අරගෙන Euston train station එකේ Starbucks එකේ වාඩිවෙලා හිටිය මගේ train එක එනකං.  Departure  time එකට විනාඩි පහළොවක් තියලා, platform announce  කරහම එතෙන්ට යන්න ඕන.  ගොඩක් අය හිටගෙන තමයි එතන platform එක දානකංම් බලන් ඉන්නෙ.  ඒ දවස් ටිකේම මම කිලෝමීටර් 14 ක් වගේ දවසකට ඇවිදලා.

කොහොම හරි මම train එකේ නැගලා වාඩිවෙලා හිටියා.  train එක Birmingham  වලට යද්දි නවය විතර වුණා මතක විදිහට.   මාව ගන්න විදුර ඇවිල්ල හිටිය.  ගෙදර ගිහින් හොඳට කෑවා.  ඊළඟ දවසේ අපි shopping ගියා.   ඉතුරු දවස් ටිකේ කළේ රෙස්ට් කරන එක බබා එක්ක සෙල්ලම් කර කර හිටිය.

මට හැරී පොටර් (Warner Bros. Studio) එක බලන්න යන්න ඕනකම තිබුණට ටිකට් තිබුණෙ නෑ.  ඒත් මම නිකමට චෙක් කරල බලද්දි  time slots  දෙකක් තිබුණා.  ඒක තියෙන්නෙ London කිට්ටුවම.  එදා train ටිකට්ස් තියෙනවද කියලා බලලා ටක් ගාලා අර timeslot   දෙකෙන් එකක්  reserve  කරා.  train tickets බලද්දි නම් පිස්සු හැදුනා.  හරිම අමාරුයි තෝරගන්න. විදුරගේ කාඩ් වලින් තමයි ඔක්කොම book කරේ.  මගේ ඒවා වැඩ කළේ නෑ. 

 24 උදේ ට්‍රේන් එක තිබුණෙ හතට.  විදුර මාව ස්ටේෂන් එකට ඇරලුවා.    උදේ 9 වෙද්දි මම Watford Junction  එකේ. ඉඳන් හැරී පොටර් studio එකට Bus service  එකක් තියෙනවා.  studio එකේ ටිකට් තියෙන අයට නොමිලේ බස් එකේ යන්න පුළුවන්.  බස් එකේ යන අතරේ studio එකට ගිහිල්ලා කරන්න ඕන දේවල් ගැන විස්තරයක් කියන Draco Malfoy  ගේ video එකක්  යනවාා. ඒක හරිම Helpful. 

 ඇතුලට යද්දි පාස්පෝට් එකක් දෙනවා එක එක තැන් (උදාහරණයක් විදිහට  Forbidden Forest, Hogwarts' Great Hall, and Diagon Alley, station) වලට ගිහිල්ලා  seal එකක් ගහගන්න ඕනි. 

මුලින්ම පටන් ගත්තෙ Hogwarts' Great Hall එකෙන්.   ඊට පස්සේ හැරී පොටර් ෆිල්ම් එකේ තියෙන ගොඩක් locations  බලාගන්න පුළුවන්. ඒ වගේම animations කරපු විදිහ,   රොන් වීස්ලි ගෙදර ඇඳුම් ඉබේ මැහෙන විදිහ,  ඉබේ පිඟන් හේදෙන විදිහට එහෙම මැෂින්ස් වලින් හදල තියෙන විදිහට බලාගන්න පුළුවන්.  ඇත්තටම අපි දකින දේට වඩා කොච්චර දේවල් ඇතුලෙන් වෙලාද කියල හිතා ගන්නත් බැහැ. අපිට පේන්නෙ ඇත්තටම පොඩි දෙයයි ඒක පිටිපස්සේ ගොඩක් දේවල් කරලා තියෙනවා උදාහරණයක් විදිහට harry potter ගේ Gringotts Wizarding Bank එක. ඒකෙ Philosopher's Stone එක store කරල තිබුන දොර ඔක්කොම හදලා.  ඒවා ඩිසයින් කරන්න කොච්චර මහන්සියක් වෙන්න ඇද්ද කියල හිතාගන්න බෑ.  ඇත්තටම මායාකාරයෝ ඉඳලා තියෙන්නේ ෆිල්ම් එකෙන් පිටිපස්සේ.  මම ඉතින් ඔක්කොම බලලා හවස හතරට විතර එළියට ආව.  මගේ train එක තිබුණේ පහමාරට Watford Junction එකෙන්. එදා ත්‍රිෂාලිලට  birthday part එකක්. එනිසා මාව ගන්න එන්න බැරි උනා. මම තනියම ගෙදරට ගියා.   යතුර තියල ගිහිල්ල තිබුනා. මගේ කෑම එක ගෙනල්ල තිබුනා.  එයාලා ආව ගමන් මං කෑවා.  ඒකෙ ෆොටෝ ගන්න අමතක උනා. 

 ඊළඟ දවසේ අපි Sherwood forest  බලන්න ගියා. ඒකටත් මට යන්න වුනේ පුංචි කාලේ රොබින්හූඩ් බලපු ආසාවට.  ඒක හරියට කන්නෙලිය වගේ.  අපි ඇවිදල හවස Halloween  එකට pumpkin  කඩන්න ගියා.  තැඹිලි පාට කහපාට වට්ටක්ක ගොඩක්. අපි ඇතිවෙනකම් ෆොටෝ ගහලා හොඳ වට්ටක්ක ගෙඩි ටිකකුත් තෝර ගත්තා.  අපේ summer  පුංචි වට්ටක්කා ගෙඩිය තමයි cute ම.  එදා රෑත් කන්න අපි විදුරගේ අම්මලගෙ ගෙදර ගියා. බඩ පිරෙන්න කාලා ආවා.  ලංකාවේ ගිහින් කනවා වගේ.

අපේ England  වල ඉන්න  ඉස්කෝලෙ යාලුවෝ ටික හම්බෙමු කියලා කතා කරගත්තා.    මහේෂියි,  සඳුපමයි   දෙන්න  ත්‍රිශාලි ලගේ ගෙදර  එනවා කියලා අපි  පැදුරු පාටියක් දාන්න ලේස්ති  ආප්ප,  වඩේ,  Cutlets  හැදුවා. පැදුරු පාටියට ගිටාර් එකක් හොයාගන්න try කරා.  ඒ උනත් හරිගියේ නෑ.  බැරිම තැන විදුර එකක් ඕඩර් කරා. 

 එදා උදේ ඉඳන් කෑම හැදුවා. සඳුපමා ආවත්, මහේෂිට එන්න බැරි වුණා.   ත්‍රිශාලි ආප්ප හද හද අපට කන්න දුන්නා.   හවස අපි සිංදු කියන්න පටන් ගත්තා.  ඔක්කොම ඉවරවෙලා සඳුපමාලා යද්දි නමය විතර වුණා මං හිතන්නේ. 

ඊළඟ දවසේ අපිට Wolverhampton  යන්න හිතුවා.  විදුරට  වැඩ නිසා මායි  ත්‍රිශාලි  බබාව අම්මලාට බලා ගන්න  දීලා ට්‍රේන් එකේ Wolverhampton   ගියා. අපි shopping mall එකකට ගිහිල්ලා Shopping කරා.  ඇවිදලා ඇවිදලා ෆොටෝස් ගහලා Library එක පැත්තෙත් ගියා.  ගෙදර එනකොට විදුරගේ අම්මා උයලා තිබ්බා.  අපි කාලා ඉවර වෙලා ගෙදර ගියා. ඊළඟ දවසේ birthday party  එකට ready උනා.  

අපි උදේ  Shakespeare's Birthplace එකට යන්න ප්ලෑන් කරන් හිටියේ.  හවස හය වෙද්දි ගෙදර එන්නත් ඕන party  එකට.  විදුරලා මාව Shakespeare's village එකෙන් දාලා car එක පාක් කරගෙන හිටිය බබාට සනීප නැති නිසා. 

 මම Shakespeare's Birthplace බලලා museum එකත් බලලා මාව ගන්න එන්න කියලා කිව්වා.  අපි ඒ හරියෙම තිබ්බ  lake එක boat ride එකක් ගියා.   ඒක ඉවර වෙලා  අපි කෑමත් අරගෙන ගෙදර එනකොට විදුරලාගේ අම්මා නංගිලා ඇවිල්ල හිටියා.  අපි කේක් කපලා සිංදු කියලා birthday එක සැමරුවා.  

ඊළඟ දවසේ flight එක.  අපිට සිංදුවක් record කරන්ඩ ඕන උනා. ඒ වුණාට වෙලාවක් වුණේ නැහැ. අපි හිතුවා උදේ කොහොමහරි ඒක කරන්න.විදුර setup එක හදලා දුන්නා. flight එකට යන්න ලෑස්ති වෙලා රෙකෝඩ් කරා.  හවස එකට විතර මාව එයාපෝට් එකට ගෙනල්ල ඇරලුවා  කට්ටියම. මම හය විතර වෙද්දි වගේ Netherlands වලට ආපහු  ආවා. ඉතින් ඒක තමයි මගේ එංගලනන්ත සංචාරය.

 මගේ මගේ ගමනට සෑහෙන්න මහන්සි වුණේ ත්‍රිශාලි සහ විදුර.  මං වෙනුවෙන් ගොඩක් දේවල් කරා.  කන්න බොන්න දුන්නා. තැන් තැන්වල එක්කන් ගියා. ඉතින් ඒ හැම එකටම ගොඩක් පින්.