ලංකාවෙන් එපිට, පිටරටක ඉන්නවා කියන්නෙ එක අතකින් වේදනාවක්. ඒක තේරෙන්න ඉතින් ටිකක් එළියට ඇවිල්ල ටික කාලයක් ජීවත් වෙන්න ඕනෙ. දැන්නෙ තේරෙන්නෙ විස්තරේ. මේ cream ගෑවිල්ලයි, ගෙවල් දොරවල් අස් පස් කරන එකයි, අල්ලපු ගෙවල් වලට බයේ ඉන්න එකයි, bathroom වල වතුර ගෑවෙන්නෙ නැතුව ඉන්න එකයි, පිළිවෙලකට ඉන්න උත්සාහ කරන එකයි ඉතින් ඇත්තටම මහම මහ වදයක්. නිදහසේ උයන්න බැහැ කෑම සුවඳ ගේ ඇතුලෙ. ඊට හපන් සීත කාලෙට ඇදුම් තුන හතරක් ඇදන් එළියට යන එක. හප්පේ. Glouseදා ගත්තෙ නැත්නම් ඉතින් ඉවරයි. බැරි වෙලාවත් කාළගුණේ බලන්නෙ නැතුව එළියට බැස්සොත් අබ සරණයි. එහෙමද ලංකාවෙ, රබර් සෙරෙප්පු දෙකක් දා ගත්තා, ඕන ඇදුමක් ඇදගත්තා, ඕන වෙලාවක එළියට බැස්සා. සයිවර් කඩේකින් කොත්තුවක් කාලා, tea එකක් බිව්වාම ඉතින් ඊළඟ දවසෙ උදේ ගැන විතරයි බය. සීබ්‍රා ක්‍රොසින්ග්ස් වලින්ම පාර පැනල හරි මහන්සියි දැන්. මම drive කරේ නැති උනත්, පාරක යද්දි ඉරක් එහෙම කපලා නිදහසේ යන්න තියෙන්න ඕනෙ මන් නම් කියන්නෙ.
ළගදි ලංකාවට ගිහින් ආපු අයියා කෙනෙක්ගෙන් මේ කතාව ඇහුවෙ මන්. මොනව උනත් ළඟදි අහපු මසුරන් කතාව. Lindt chocolate එකක් දාන්න ඕනෙ මේ කියපු කටට. ලංකාවට ගිය ගමන් ගෙදර අඩු පාඩු පේන්නා ගන්නවාලු. Bathroom එහෙම පිළිවෙල නැහැ. Body wash, අර wash මේ wash නැහැ. Bathroom එකටම තියෙන්නෙ එක life boy සබන් කෑල්ලක් විතරයි. ඔහොම ටික දවසක් ඉදලා ආපහු එන්න කිට්ටු වෙද්දි අර ගෙම්බෙක් ඉන්න bathroom එකේ, තියෙන එකම එක life boy සබන් කෑල්ල ගාලා, වතුර බැස්සද නැද්ද කියල හිතන්නවත් ඕනෙ නැති bathroom එකෙන් නාලා එළියට එන එක කොච්චර සැපයක් කියලා හිතෙනවලු.
මාත් කල්පනා කරා ඇත්තනෙ යකෝ ඒ කතාව කියලා. මාත් ලංකාවට ගිය දවසෙ ඉදන් කරේ අස් පස් කරන එක විතරයි. ටික දවසකින් මටත් මොකෝ කියල නිකන් ඉන්නවා. එන්න කිට්ටුව තමයි, හපෝ දැන් අර සීතලේ ගිහින් ඉදින්කො, වේලෙන්නෙ නැති වෙන්න cream ගාපන්කො, සීතල නැති වෙන්න ඇඳුම් තුන හතරක් ඇඳපන්කො කියලා හිතෙන්නෙ. අපේ අයියා ගිය සතියෙ ලංකාවට ගිහින් ආවෙ. ඊයෙ සුසුම්ලනවා, හපෝ තව අවුරුද්දක් විතර ඉදින්කො ඉතින් මෙහෙට වෙලා කියලා.
කොච්චර දේවල් පිටරට තිබුණත්, ලංකාවෙ ඉපදිලා හැදුනු වැඩුණු මනුස්සයෙක්ට නම් ජීවිතේට ඕනෙ නිදහස සැනසීම තියෙන්නෙ විතරයි කියලා මට හිතෙන්නෙ. ලංකාවට ගිය මාසේ ගිහින් ආවත් ආයෙත් ඉක්මණටම යන්න ඇත්නම් කියලා හිතෙන්නෙ ඒකයි. මාත් ඇඟිලි ගැන ගැන මේ බලන් ඉන්නෙ ආයෙ කවදද ආපහු යන්නෙ කියලා.. හ්ම්.....
ඒ වුණාට ඉතින් හොරකම් ගැනයි, අපේ බදු වලින් කරන විකාර වැඩ ගැනයි හිතද්දි කලකිරෙනවා. ලංකාවෙ public transport ටික හැදිල, මිනිස්සු කරේ නගින්නෙ නැති වෙන විදිහට ගමනක් බිමනක් වෙලාවට, දාඩිය දාගන්නෙ නැතුව යන්න පුළුවන් නම්, ගෑණු ළමයෙක් ට නිදහසේ පාරක බැහැල යන්න පුළුවන් නම්, රස්තියාදු වෙන්නෙ නැතුව ඕනෙ වැඩක් කරගන්න පුළුවන් නම්, ඉතින් ලංකාව තරම් නිදහස් රටක් තව නැහැ.