Netherlands එන්න එන්න එන්න කියලා මගෙන් කනක් ඇහෙන්නේ නැති තැන කෝසලා අන්තිමේ Netherlands එන්න වීසා apply කරා. වීසා approve උනාට පස්සේ, අපි ප්ලෑන් කරා Netherlands ඉදන් කෝච්චියේ පැරිස් යන්න. ගිහිල්ලා දවස් දෙකක් විතර ඉඳලා එතනින් ස්විට්සර්ලන්තයට යන්න. අපිට යන්න ඕන තැන් වල ලිස්ට් එකක් හදලා , අපි යන විදිහ ප්ලෑන් කරා. ඒකට ගොඩක් උදව් කරේ විශ්ව අයියයි, අජානී අක්කයි, පියුමි අක්කායි, Switzerland ඉන්න කෝසලාගේ ඉස්කෝලෙ යාළුවෙක් වුණු කාංචනා අක්කයි. අපි නවතින තැන් book කරලා, train tickets book කරා. වෙනද වගේම අපේ නවතින තැන් වලට උපදෙස් දුන්නේ දිනූෂි අක්කා. ඒ අතරේ කාංචනා අක්ක Switzerland වල day saver pass එකක් දවස් දෙකකට අරන් දුන්නා. කොහොම හරි අන්තිමේ මැයි දහවෙනිදා Schipol airport එකෙන් Netherlands වලට පය තිබ්බා.
මේක දැනගත්තු අපේ එහා ගෙදර ඇන්ටි එයාගේ birthday party එකට අපි දෙන්නටම invite කරා. ඉතිං අපි දෙන්නා ඊළඟ දවසේ Rotterdam වල Spalsh bus එකේ ගිහිල්ලා හවස තුනට එහා ගෙදර ඇන්ටිගේ පාටි එකට ගියා. එයාගේ මුනුබුරු මිණිපිරියෝ නලවලා කේක් කාලා තේ බීලා, ඊළඟ දවසේ අපිට උදෙන්ම කෝච්චිය අල්ලගන්න තියෙන නිසා අපි ඉක්මනට ආවා. ඒ උනාට අපි ටිකක් අපේ ගමේ ඇවිද්දා.
ඊළඟ දවසේ අපි උදේම Rotterdam central station එකට ගියා. අපි Paris යන්න බුක් කරේ EuroStar train එක. අපි EuroStar train tickets book කරේ මේ සයිට් එකෙන්. Eurostar trains හැමතිස්සෙම නවත්තන්නේ Rotterdam central station එකේ දෙවෙනි platform එකේ. පැරිස් යන්න පාස්පෝට් කොන්ට්‍රෝල් එකක් නැති උනත් train එකේ ලන්ඩන් යන්න පාස්පෝට් කොන්ට්‍රෝල් එකක් තියෙනවා. අපි පැය තුනකින් වගේ පැරිස්වලට ගියා. කෝච්චියේ ගමන හරිම සුව පහසුයි. බෑග්ස්වල බර බලන්නේ නැති නිසා ඒකත් පහසුයි.
පැරිස් වල Gare de Lyon station (Netherlands පැත්තේ ඉඳන් යන trains නවත්තන්නෙ මේ station එකේ) එකෙන් බැහැල Metro Station එක පැත්තට ගිහින් අපි Navigo transport cards(2 euro) (How to buy) ගත්තා. Navigo cards කියන්නේ, පැරිස් වල public transport යන්න තියෙන transport card එක. ඒ කාඩ් එකට අපිට Day passes දාගන්න පුළුවන්. ඒ කාඩ් එකට සල්ලි දාලා රීචාර්ජ් කරලා අපිට public transport වල යන්න පුළුවන්. ඊට අමතරව අපිට ටිකට්ස් ගන්නත් පුළුවන්. පැරිස් වල මෙට්‍රෝ ස්ටේෂන්ස් වල ගොඩක් පඩිපෙල් තමයි තියෙන්නේ. ගොඩක් ඇවිදින්න ඕනේ.
එදා දවසේ අපිට ගොඩක් තැන්වල යන්න තිබුන නිසා අපි Day pass(12.5 Euro) එකක් අපේ ට්‍රාන්ස්පෝට් කාඩ් එකට දාගත්තා. ඊට පස්සේ අපි අපේ නවතින හොටෙල් එකට ගියා. එතන Check in වෙන්න තව වෙලා තිබුන නිසා අපි early check in වෙලා අපේ luggages තියලා දවල්ට කෑම කන්න එලියට ගියා. Check in time එකට යන්න ගොඩක් වේලාව තිබ්බෙ නැති නිසා අපි ළඟ තියෙන restaurant එකකින් pizza කෑවා. ඊට පස්සේ අපි ආපහු හෝටල් එකට ගිහිල්ලා අපේ බෑග්ස් තියලා පොඩි bags ටිකක් අරගෙන එලියට බැස්සා. පැරිස් වල ගොඩක් bags හොරකම් කරන, පොකට් ගහන අය ඉන්න නිසා අපි ගොඩක් පරිස්සම් වුනා.
අපි මුලින්ම ගියේ Arc de triomphe බලන්න. එළියේ ඉඳන් බැලුව මිසක් ඇතුලට යන්න ටිකට් ගත්තේ නැහැ. පැරිසියේ ගෙවල් වල balcony ටිකට් සහ දෙපැත්තෙ ගස් පිරුණු පාරවල් ටිකට අපේ හිත් ගියා. අපිට day passes තිබුන නිසා අපි බස් එකේ තමයි එහාට මෙහාට ගියේ මොකද එතකොට වටපිට පේන නිසා. ඊට පස්සේ අපි ගියේ Basilique du Sacré-Cœur de Montmartre බලන්න. එතන ගොඩක් උස තැනක්. එතෙන්ට Eiffel tower එක නම් පෙනුනෙ නෑ. අපි එතනින් එද්දි Nutella crapes රස බලන්න අමතක කරේ නැහැ. ඊට පස්සේ අපි මෙට්‍රෝ එකේ Eiffel tower බලන්න ගියා. ඊට පස්සේ Seine නදියේ Sightseeing Cruise එකක ගියා. අපේ හොටෙල් එක තිබුනේ Eiffel tower එක කිට්ටුව නිසා අපි හොටෙල් එකට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන ආයෙත් එකොළහට විතර Eiffel tower එක ගාවට ආවේ sparkling Eiffel tower බලන්න. Eiffel tower එක, රෑ වුණාට පස්සේ හැම පැයකට සැරයක්ම විනාඩි පහක් දිලිසෙන්න ගන්නවා. ඊළඟ දවසේ උදේම අපිට louver museum එකට යන්න තිබුන නිසා අපි ඉක්මනට නිදා ගත්තා.
ඊට පස්සේ අපි ගියේ Notre-Dame Cathedral of Paris එකට. ලංකාවේ පාස්කු බෝම්බය දවස්වලම මේ පල්ලියත් ගිනි ගත්ත නිසා ටිකක් ප්‍රසිද්ධයි. ජීසස්ගේ කටු ඔටුන්න තියෙනවා කියන්නේ එහේ. අපි ඇතුළට ගිහිල්ලා jesus ගේ රූප දිහා බලාගෙන වාඩිවෙලා හිටියා. ඊට පස්සේ අපිට ඕන උනා පැරිස් වල hot chocolate රස බලන්න. ඒකට අපි ගියා Angelina කියලා restaurant එකකට. මේක හොයාගෙන තිබ්බේ කෝසලා. ඇත්තටම ඒක රසයි. ඒක මාරයි. Staff එකත් හරිම හොඳයි. කඩියෝ වගේ වැඩ. පැරිස් ගියොත් යන්නම ඕනෙ තැනක්.
ඊළඟ දවසේ උදෙන්ම යන්න තියෙන නිසා අපි ආපහු hotel එකට ගියා. යන ගමන් අපි Super market එකකට ගියා වතුර සහ කන්න මොනවහරි ගන්න. ඒකෙදි කෝසලා Europe ආපු දවසෙ ඉඳන් හොය හොය හිටපු cherry අපිට හම්බුනා. ඊළඟ දවසේ උදේම Switzerland යන්න තිබුණ නිසා අපි luggages හදලා තියලා නිදාගත්තා. නිදාගන්න කලින් අපි ඊළඟ දවසේ station එකට යන්න tickets ගත්තා. එතැනදී මට පොඩි වැරැද්දක් වුණා. (Île-de-France Mobilités (IDF Mobilités) is the governmental authority that controls and coordinates all public transportation in the Paris region (Île-de-France)) App එකේ හැටියට ටිකට්ස් දෙකක් එකම iphone එකකින් දෙන්නෙක්ට ගන්න බැහැ. ඊට පස්සේ අපි උදේ metro ස්ටේෂන් එකට ගිහිල්ලා navigo මැෂින් එකෙන් ටිකට් එක ගත්තා. App එකෙන් ගන්නවට වඩා එක ලේසියි.