Tuesday, November 15, 2016
ඔබ තවම තනියම..
නොහැකිය අමතක කරන්නට..
ඒ අතීතය..
සුන්දර හෝ අසුන්දර කාලය..
ඉඳ හිට පාරයි සියොළගම..
නොහැකිමුත්,
අත් වැල් පටලන්න...
තාමත් එකම තැන දෙදෙනාම..
ආසයි විඳින්නට..
ඔබේ කිරි සුවඳ...
ඒත් නොහැකිය
ඔබ තවම තනියම...
Friday, September 23, 2016
පුංචි කූඹියා..
අම්මා ලෙඩින් නංගිලා හඬයි කුසගිනි වෙලා
එහෙ මෙහෙ යන ගමන් කෑමක් සොයලා
බැලුවෙමි සුවඳ එන පැත්තට ළං කරලා
පෙනෙයි සුවදැති රස බොජුන් මේසය උඩ
දැනෙයි පැණි රස බිත්තියේ සිටින මට
ආසයි ගොස් විදින්නට ඒ රස පහස
ඒත් යන්න බෑනේ
සැර බෙහෙතකින් මේසය වට කරලා ඇත
Sunday, September 18, 2016
හැඟෙයි මට දැන් නම් සක්සුදක් සේම...
හිමිදිරියේ සිටන් රෑ බෝ වෙනතෙක්ම...
අද නොවේ හෙටයි
මගේ සැනසීම යයි සිතමින්...
එකිනෙකා පරයා නැගෙමින්..
හෙලමින් අනෙකා වලෙහි..
දුවයි මිනිසා සදා නොමියෙන සේ..
නොදැනෙයි නොහැගෙයි
මරණය කරා යන බව අපි සැවොම..
අමතක කරයි දහම
එකතු කරන්නට ජීවිතය..
කුමක්ද ඉතිරිය ගෙනියන්න අවසන් ගමන..
වට කරගෙන සිටියත් නෑදෑ හිත මිතුරන්
කෙතරම් පෝෂණය කරත් අඹු දරුවන්
යායුතුය අවසන් ගමන තනිවම...
ධනය වැඩි වෙන අතර තුර
ගුණ දහම් යයි විසිරී සැමතැනම..
සපමි සපමි කිසිදු රසක් නැති
පරණ වූ මස් කටුවක්
ලේ රස දැනෙන තුරු දිවට...
ගලන්නේ අපේ රුධිරය වුවත්
නොහැඟෙයි එය අපේ රුධිරය ලෙස...
සැපයි සැපයි කියමින්
මිනිසා විදියි දුකම ඒ ලෙසින් සැමදාම
නැත මෙහි කෙළවරක්
සංසාරයේ යන තුරුම..
කණ කැස්බෑවෙක් විය සිදුරෙන්
අහස දකින්නාක් මෙන්...
නිවන දුර්ලභ බව
හැඟෙයි මට දැන් නම්
සක්සුදක් සේම...
Wednesday, September 7, 2016
සැමියා සහ බිරිඳ..
සැමියා:
යන මේ ගමන් සිඳු උනි නම් පරමාද
එන තුරු අන් දෙස නොබලන් සිතු පෑද
අල පත පැන් වැකි විලසින් නොව හාද
සිහිව ඉදින් ලඳේ මා දුන් අවවාද
බිරිඳ :
හිමි යන ගම්වල අඟනුන් නොවසාද
එනු විගසින් එහි නොවෙමින් පරමාද
හිමියනි ඔබ දැන් මට දුන් අවවාද
මම ඉවසම් මඳ රඳ ඉවසුම් දේද
ගජමන් නෝනාගේ සැමියා වැඩට යන්න කලින් බිරිඳට අවවාදයක් දෙනවා තනියම එහෙ මෙහෙ යන්න එපා, මම එන්න පරක්කු උනාට කියලා. නෝනා කවි වලට ආස නිසා දෝ මන්දා මේ කවියත් පද බැඳලා කියනවා. බැරිවෙලාවත් මම එන්න පරක්කු උනාට හිත පහද ගෙන වෙන මිනිස්සු දිහා බලන්න එපා, නෙලුම් කොළය උඩට වතුර වැටුනට රැදෙන්නෙ නෑ වගේ වැරදි හැගීම් හිතේ රඳව ගන්න එපා මම කියපු දේවල් හිතේ තියාගෙන පරිස්සමින් ඉන්න කියලා.
ඒකට ගජමන් නෝනා දීපු උත්තරය තමයි, ඔයා යන ගම් වලත් ගැහැණු ළමයි ඉන්නවනේ, ඒ වගෙ තැන් වල පරක්කු වෙන්නෙ නැතුව ගෙදර එන්න. මොකද මම ඔයා කියපු දේවල් මතක තියන් හිටියට මල්සරා ඉවසයි ද දන්නෙ නෑ ඒ නිසා කලින් එන්න කියලා. :D
මෙතනින් ඒ ටෙලි නාට්‍යය බලන්න පුළුවන් කැමති නම්. කවි රස විදින්න කැමති අයට අපූරු කතාවක්..
http://www.rupavahini.lk/sinhala-teledrama/gajaman-nona.html
Sunday, July 31, 2016
දෙහදක කතාවක්..
ඔහු..
නුපුරුදු ඇය මගේ ලඟට විත්
පුරුදු ඔබ දුරස් විය සදහටම..
හදවත හඬා වැටුනත්
සැඟවිය යුතුය එය ලොවට..
ඔබේ හදවත හඬන බව මට ඇසුනත්
නොඇසේ අන් අයට එය..
සිනාසෙන්නට ඔබත් වෙර දරයි
දරාගෙන දුක් කදුළු මහමෙරක්..
සඟවා ගනිමි මගේ කඳුළැල්..
මවා ගනිමි මගේ සිනහව..
දරා ගනිමි සියලු දුක්
එයයි ලෝකයාගේ සතුට..
ඔබත් දනිමි මමත් දනිමි..
කුමක් කරනෙම්ද මෙයයි දෛවය..
කලයුතුය අමතක ඔබේ සෙනෙහස..
දෙන්න අවසර පිය නගන්නට
ඔබෙන් ඈතට ඇය සමඟ..
ඇය..
හිඳියි ඇය ඔබේ අභියස..
දුරස් විය යුතුය මා සදහටම..
සඟවාගෙන කඳුළැල්
සිනාසෙමි දරාගෙන..
ඔබත් දනිමි මමත් දනිමි..
කුමක් කරනෙම්ද
මෙයයි දෛවය...
පතමි ආසිරි
ඔබේ යුග දිවියට..
ඉතින් අවසරයි මගෙන්
පිය නගන්නට..
ඇය සමඟ
නැවුම් ලෝකයකට..
Friday, July 1, 2016
මේ දවස් වල එහෙන් මෙහෙන් කණට ඇහෙන කවි ටිකක්..
සම්මා සම්බුදු සේමයි මා වැදු අම්මා
නම්මා ගෙන දෙතන පුරා රස කිරි පෙව් අම්මා
අම්මේ ඔබේ ගුණ කීමට මට නම් බැහැ නිම්මා
සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා
පෙන්නා සුරතල් කියමින් දෙතනේ කිරි බොම්මා
වම්මා කදුලැල් ඉස ඉස හැදුවයි මගේ අම්මා
අම්මා අපිව හැදුව නිසා මේ වැඩ කර නෙම්මා
සම්මා සම්බුදු සරණයි මා වැදු මගේ අම්මා
ටික ටික වතුර අරගෙන පොල් කටුවකට
නාවපු අයුරු මතකයි ඇගේ උකුල මත
අම්මේ ඔබේ පා පියුමන් සිබින කොට
වැටෙනවා කදුළු මගේ දෑසින් ඔබේ නමට
උයලා බත බිමට බෑ සැටියේම වාගේ
බෙදලා පිගානට දෙන රන් තැටිය මගේ
වෙනදා වගේ නොවෙයි අම්මේ බත රස්නේ
කියපු ගමන් මට කැව්වා අම්මා මගේ
ලේ ටික කිරට හරවා මා හට පෙව්ව
දිව රෑ නොබලා මා වෙනුවෙන් වෙහෙසෙව්ව
මැදියම් රැයේ මා දෝතට ගෙන නැලවෙව්ව
අම්මේ ඔබයි මගේ කප්රුක මගේ හැමදාම
ඇසට නින්ද ඇතිව නොවේලු මා හැදුවේ අම්මා
කුසට අහර ඇතුව නොවේලු මා වැදුවේ අම්මා
කයට නියම සැප නොගෙනලු මා වැදුවේ අම්මා
බුදුන් දැක නිවන් දැකිමයි ආදර මගේ අම්මා
ගියා ඈත පිටිසර ගම් වලට පියා
සොයා ගෙනත් මිල මුදලුත් දුන්නු පියා
මේ ආකාර සැපතක් මට දුන්නු පියා
සම්මා සම්බුදු සරණයි ආදර මගේ පියා
අල්ලා සෙමෙන් සුරතල් වුනු මගේ අත
මිදුල වටේ සෙල්ලං කරනවා ඇත
සිහිවන විටදී පියතුම ඔබේ පුරුදු අත
වාවාගන්නේ කොහොමද මගේ බොළද සිත
Wednesday, June 1, 2016
යායුතුය අප මාවත් දෙකක ඉදිරියට..
ආදරය කලා මමත් පෙර දිනෙක ඔබට,
ඔබේ හදවතට, ඔබේ අහිංසක කමට..
මගේම වරදින් ඔබ අන්සතු වූ පසු
වෙනස් වෙලා ඔබ නොසෑහෙන්න..
වෙනදා තිබුණු අහිංසක කම නෑ දැන් නපුරුයි හුඟක්..
ආයෙත් හමු වුනත් නොසිතූ දිනෙක
වෙනස් වෙලා අප අපිරිමිතව හමු නොවූ කාලය තුල..
යලිත් මිතු දමක් අරඹන්න සිතුවත්
හැඟුනා නොහැකි බව
රේල් පීලි දෙකක් එකතු කරන්නට..
යායුතුය අප මාවත් දෙකක ඉදිරියට
දෙපැත්තකින් සිට..