Wednesday, June 1, 2016

යායුතුය අප මාවත් දෙකක ඉදිරියට..

ආදරය කලා මමත් පෙර දිනෙක ඔබට,
ඔබේ හදවතට, ඔබේ අහිංසක කමට..
මගේම වරදින් ඔබ අන්සතු වූ පසු
වෙනස් වෙලා ඔබ නොසෑහෙන්න..
වෙනදා තිබුණු අහිංසක කම නෑ දැන් නපුරුයි හුඟක්..
ආයෙත් හමු වුනත් නොසිතූ දිනෙක
වෙනස් වෙලා අප අපිරිමිතව හමු නොවූ කාලය තුල..
යලිත් මිතු දමක් අරඹන්න සිතුවත්
හැඟුනා නොහැකි බව
රේල් පීලි දෙකක් එකතු කරන්නට..
යායුතුය අප මාවත් දෙකක ඉදිරියට
දෙපැත්තකින් සිට..


Thursday, May 26, 2016

සොභාදහම කතා කලොත්..

මට දකින්න ලැබුණා අපූරු වීඩියෝවක්. මිනිස්සු පරිසරයට කරන දේවල් කොහොමද සොභාදහම දැනෙන්නේ කියලා සොභාදහම කියන විදිහ. මට නම් ලොකු දෙයක් දැනුණා මේක අහද්දී. ඔයාලත් අහල බලන්න.

මම සොභාදහම..

"සමහරු මට සොභාදහම කියලා කතා කරනවා,
අන් අය මා සොභාදහම් මාතාව කියලා කතා කරනවා
මම අවුරුදු බිලියන හතර හමාරක් ජීවත්ව හිටියා
ඔබට වඩා විසි දෙදහස් පන්සියයකට වරකටත් වැඩියි
මට ඇත්තටම මිනිස්සු අවශ්‍ය නැහැ නමුත් මිනිසුන්ට මාව අවශ්‍යයි
ඔව්, ඔබේ අනාගතය මා මත රඳා පවතිනවා
මම සමෘදිමත් වන විට ඔබත් සමෘදිමත් වෙනවා
මම දුර්වල වන විට, ඔබ දුර්වල වෙනවා
නමුත් මම අනාදිමත් කාලයක් මෙතන හිටියා
මම ඔබට වඩා වැඩි විශාල සතුන් සශ්‍රීක කරා
මම ඔබට වඩා වැඩි විශේෂ කුසගින්නේ තැබුවා
මගේ සාගර, මගේ, පස්, මගේ ගලා යන ජල ධාරාවන්, මගේ වනාන්තර,
මේ සියල්ල ඔබව පිළිගන්න හෝ ප්‍රතික්ෂේප කරන්න පුළුවන්
ඔබ මේ වෙනුවෙන් මට ගෞරව කරනවද නැද්ද කියන එක ඇත්තටම මට ප්‍රශ්නයක් නෙවෙයි
කෙසේවෙතත් ඔබගේ ක්‍රියාවන් මත මගේ ඉරණම නොව ඔබගේ ඉරණම තීරණය කරාවි
මම සොභාදහම,
මම ඉදිරියටම ගමන් කරනවා
මම පරිණාමය වීමට සූදානම්
ඔබ? "

---------------------------------------------------------

If nature can speaks...


“Some call me Nature, others call me mother nature
I’ve been here for over four and a half billion years
Twenty-two thousand five hundred times longer than you
I don’t really need people but people need me
Yes, your future depends on me
When I thrive, you thrive
When I falter, you falter or worse (?)
But I’ve been here for aeons
I have fed species greater than you, and
I have starved species greater than you
My oceans, my soil, my flowing streams, my forests,
they all can take you or leave you
How you chose to live each day whether you regard or
disregard me doesn’t really matter to me
One way or the other your actions will determine your fate not mine
I am nature
I will go on
I am prepared to evolve
Are you?”

Source: Conservation International and youtube.

Sunday, March 27, 2016

කුමුදුනිය ඔබයි මගේ ...



කාලෙකට පස්සේ ඇහුනා අහම්බෙන්. ආදරය... වචන වලින් කවදාවත් කියලා ඉවර කරන්න බැරි හදවතට විතරක් දැනෙන දෙයක්. ලෝකේ තියෙන සුන්දරම දෙයක්. ඒත් ලෝකේ තියෙන භයානකම දේත් ඒක. ආදරය දෙන්න දෙන්න වටිනාකම වැඩි වෙනවා. ලබන්න ලබන්න වටිනාකම අඩු වෙනවා. ජීවිතයක් එළිය කරන්න වගේම අඳුරු කරන්නත් ආදරයකට පුළුවන්. ආදරයේ වටිනාකම වැඩි කරන්නේ විශ්වාසය. එක සැරයක් බිදුනොත් ආයේ හදන්න ගොඩක් අමාරුයි...

සමහරු ආදරය කරනවා. ඒත් ලබන්න පින නෑ. සමහරු ආදරය ලබනවා කරන්න පින නෑ. ජීවිතය එහෙමයි. ආදරය නිසා ජීවිතත් නැති වෙනවා. ආදරයද වටින්නේ ජීවිතයද වටින්නේ ඇහුවොත් ඒ අය කියාවි, ආදරය තමයි ජීවිතය කියලා. මොනා උනත් ආදරය අදුරන්නේ බොහොම ටික දෙනයි. ආදරය අඳුරන හදවතට දැනෙන ගීතයක්....


කුමුදුනිය ඔබයි මගේ පිපුණු හද විලේ
කුමුදු මල මගේ
නැගුණු සඳ ඔබයි රැයේ අඳුරු විජිතයේ
සඳ එලිය වගේ
සඳවතිය මගේ

අඳුර මැද සැරූ ඔහේ ලපටි සිත මගේ
එලිය දුටිමි නතර වී කැල්ම ඔය නෙතේ
මුලු ලෝකෙම මගේ මැයි මට දැනුණෙ ළඳේ
සිසිලයි ඔබේ සෙනේ වදන් ඇසූ ඒ දිනේ
සඳ එළිය වගේ ලැබූ ඔබේ සෙනේ

කුමුදුනිය ඔබයි මගේ...

මිහිර පැතූ මිහිරියේ සුවඳ කුසුමියේ
සිටින විටදි ඔබ ළඟින් සිත නිවී සැලේ
දිවි ගිම් නිවේ ඉතින් මගේ නිසා ඔබ ප්‍රියේ
භව භව පුරා සරමි නෙතින් පතමින් ඔබේ සෙනේ
සඳවතිය මගේ සොඳුරු විජිතයේ

ගායනය - ඉන්දු අමරනාත්
සංගීතය - රංග දසනායක
ගී පද - කසුන් ගුණතිලක


Monday, March 7, 2016

සමාවෙයන් මට ඔබ අත් හැරියට එක මිනිත්තුවකට...


මට කවි ලියන්න බෑ. ඒත් මේක ලියන්න ඕනේ කියලා හිතුනා. මම අහපු ඇත්තම කතාවක්. කවියක්ද මොකද්ද නම් මම දන්නේ නෑ..


බඩගිනියි මහන්සියි මට හොදටම
ඉක්මන්ට එන්න කිව්වත් ආවේ නෑ ඔබ තවම..
දඩු මොනරෙ උඩ මම
තරහෙන් පිපිරි පිපිරි උන්නා මග බලාන..
ඔබෙ ඡායව දුටු සැනින් හිත පිරුනා සොම්නසින්
ඉක්මන්ට නගින්න මම කිව්වෙ නොඉවසිල්ලෙන්
වෙනදා නැති කොල එළි මග දිගටම..
මමත් සතුටින් ඉගිල්ලුනා ඒ අතරින් ඔබ එක්කම..
එසැනින් දැනුනි මට ලොකු අඩුවක්
හැගුනා නොසිටින බව ඔබ පිටුපසින්
ඒ මොහොතෙම මම පෙරලුනා වගේ කන්දකින්
ගිනිගත්ත මුලු ඇගම
කදුලු පිරුණා මගෙ දෑසට..
දහසක් සිතුවම් හිතෙ ඇදෙද්දි ආපසු හැරුනි විදුලි වේගෙන්
මට මොනව උනත් මට කම් නැත දැන් නම් ඔබ මොහොතක් දැක..
කදුළු අතරින් මම දුටුව ඔබේ රුව බස් නැවතුම ඉදිරිපිට..
දැනුනෙ මට වෙන කවදාවත් නැති සහනයක් සැනසුමක්.
නගින්න පෙර ඉගිල්ලුනාලු මගේ කලබලයට..
ඔබත් හඩයි මාත් හඩයි
සමාවෙයන් මට ඔබ අත් හැරියට එක මිනිත්තුවකට...

Thursday, March 3, 2016

ඉස්කොලේ යන්න ආසයි මමත්..



ඉස්කොලේ යන්න ආසයි මමත්..
අප්පච්චි නැති නිසා අම්මව බලාගන්න ඕනෙත් මම..
වෙන ළමයි ඉස්කෝලේ යනකොට
අපේ අම්ම අඩනවා මම බලාන..
අම්මට ඉන්නෙත් මම විතරයි..
මම වෙනුවෙන් ගමත් එක්ක සටන් කරපු අම්මව
බලාගන්න ඕනේ මම හොදට..
ගමේ අය මම ඉස්කෝලේ එනවට අකමැති උනාට
කොහොම හරි හොදට ඉගෙන ගෙන
දොස්තර කෙනෙක් වෙලා
එනවා ගමේ අයගේ දුක සැප හොයන්න...
මට AIDS නැති උනාට
ඒ අසනීපෙ තියෙන අය විදින දුක
මට තේරෙනවා දැන් හොදටම..
කවදා හරි මමත් ලොකු වෙලා
උදව් කරනවා මම වගේ අසරණ වෙන අයට...


Sunday, February 21, 2016

දවසක් දා....



ඔන්න දවසක් මම ගෙදර යනකොට හිතුණා කොහේ හරි trip එකක් යන්න ඕනේ කියලා කාලෙකින් ගියේ නැති නිසා. මම කල්පනා කරලා බැලුවා කොහේද යන්න හොඳ කියල. මට මතක් උනා අනස් ලගදි දවසක මී මුරේ ගියා නේද යාළුවොත් එක්ක කියලා. ඉතින් මම අනස්ට ඒ වෙලාවේම කතා කරලා කිව්වේ එක්කන් යන්න අපිවත් කියලා. තමාලිටත් මම කතා කරලා ඇහුවා යමුද කියලා. එයා කිව්වේ කොච්චර දවසක් ඉදන් කියනවද එක්කන් යන්නේ නෑ කියලා. ඒත් අනස් කොහොම හරි අපිවත් එක්කන් යන්න කැමති උනා. යන්න කට්ටිය හොයාගන්න එක තමයි ඊලගට තිව්න ලොකුම අමාරු වැඩේ. එක එක්කෙනාගෙන් අහල බැලුවා. මම තමාලි තාරායි අනසුයි විතරයි හිටියේ. අන්තිමට කොහොම හරි අනස් (යසිරු)රිටා ව කැමති කරගෙන තිව්නා එයා marry කරන්න ඉන්න කෙනත් එක්කම. අපි fb එකේ post එකක් දාලා අහල බැලුව යන්න කැමති කට්ටිය. තාරාටත් අන්තිම මොහොතේ යන්න බැරි උනා office එකේ හදිස්සි වැඩක් වැටුන නිසා. ඒකට නම් ගොඩක් අවුල් මටයි තමාලිටයි. කොහොම හරි (රුසිරු)පිටායි, නිශාදියිත් එනවා කිව්වා යන්න.

අපේ අදහස උනේ රෑ කැලේ නැවතිලා camp එකක් කරන්න.අනස් කලින් ගිහින් තිව්න නිසා බයක් තිබුනෙ නෑ. ඉතින් මමයි අනසුයි ගෙනියන්න ඕනේ බඩු ගැන කතා කරලා අනිත් අයටත් ගෙන්න ඕනේ දේවල් බෙදලා දුන්නා.කොහොම හරි එදාට කලින් දවසේ අනස්ගේ යාළුවා එන්නේ නෑ කියපු නිසා අපේ office එකේ ක්‍රිශාන්ටත් එන්න කිව්වා. 3 ට විතර තමයි කොට්ටාවෙන් යන්න පිටත් උනෙ. මමත් තමාලිලයි ගෙදර ගිහින් අපි දෙන්නම ත්‍රීවීල් එකක ආවා කොට්ටාවට. ක්‍රිශානුත් යාලුවෙක්ගෙ ගෙදර ඉදන් එතනට ආවෙ හැබයි විනාඩි 10 ක් විතර පරක්කු වෙලා. ඉතින් රිටා මග දිගට බැන බැන යනවා වෙලාව වැරදුනා කියලා. මටයි තමාලිටයි හිනා.

අපි මීගමුවට ගිහින් අනසුයි, චතුයි, නිශියි, දාගෙන වේයන්ගොඩ පැත්තෙන් පිටාත් දාගෙන නුවර පාරෙන් හුන්නස්ගිරියට යන්න පිටත් උනා. කඩුගන්නාව කිට්ටුවදි උදේට තේ බිව්වා. අපේ අදහස උනේ දවල් 1.30 වෙද්දි මී මුරේ ට යන්න. දවල්ට කන්න කොහේවත් නවත්තන්නෙ නැතුව යන්න ඕනෙ නිසා අපි දවල්ට කන්න රොටි ගත්තා හුන්නස්ගිරියෙන්. පොල් රොටියි කොච්චි සම්බලුයි. වෙලාවෙ හැටියට ඔක්කොම පොර කකා කෑවා අනස් ඇරෙන්න. අනස් කෑවෙ මිරිස් සැර වැඩි වෙයි කියලා බයෙන් බයෙන්.

හුන්නස්ගිරියෙ ඉදන් මී මුරේ ට යන්න තිව්නෙ බොහොම දුශ්කර පාරක්. වාහන දෙකක් මාරු වෙන්න හරිම අමාරුයි. ඒ වගේම ලොකු වලවල්. ගොඩක් වෙලාවට අනසුයි ක්‍රිශානුයි බැහල ගිහින් පාර බලනවා. බොහොම පරිස්සමෙන් තමයි ඒ ටික ගියේ.













කොහොම හරි එක අන්තිමට phones වලට සිග්නල් තියෙන තැනින් බැහැලා ගෙවල් වලට කතා කරා. ආයෙත් තේ බොන්න, ඒ ගමේ තිව්න පොඩි කඩයක් ගාවින් නැවැත්තුවා.එතනින් තේ බීලා එහෙම ආයෙත් යන්න පටන් ගත්තා. අපි හවස 2.30 වගෙ වෙද්දි අපේ ගමනාන්තයට ආවා.














ගමනාන්තය කිව්වට වාහනේක යන්න පුලුවන් දුර ඉවර කරා. අනස් කලින් ගිහින් තිව්න නිසා ගමේ ගෙදරක් අදුරනවා. එහෙන් අපේ වෑන් එක දාලා අපිට අවශ්‍ය බඩු මලුත් උස්සන් ලකේගල කන්ද නගින්න පටන් ගත්තා.








හැමෝම ගාව බඩු ගොඩයි. බුමිතෙල් ලිප, tent දෙක, කන බොන දේවල්, ලණු, ඇදුම්, පොල් කටු වගේ ගොඩක් දේවල්. අපිට අපේ වාහනේ ළග ඉදන් 2 km වගේ යන්න තිබුනා කන්ද පාමුලට. එතන ඉදන් වතුර පාරවල් දිගේ, ගස් වැල් අස්සෙන් රිංග රිංග තමයි යන්න තිව්නෙ. එදා එහෙට වැස්ස නෑ. ඒ නිසා අපිට තිව්න ලොකුම හිසරදයක් අඩු උනා. කැලේ ඇතුලට යද්දී කූඩැල්ලො දෙතුන් දෙනා එල්ලුනා. කූඩැල්ලොත් අයින් කර කර ඉතින් හෙමින් හෙමින් කන්ද නැග්ගා. හෙමින් කිව්වට හෙමින්ම නෙවෙයි අපි පැය 2ක් ඇතුලත කුඩාරම් ගහන්න තැනක් හොයාගන්න ඕනේ නිසා ටිකක් වේගෙන් ගියා. ඔහොම යද්දී මගේ bag එක බර වැඩි නිසාද මන්දා මට ගොඩක් මහන්සි උනා. තව නම් අඩියක් වත් යාගන්න හයියක් තිව්නෙ නෑ. පිටා මගේ අතේ තිව්න කැමරාව අතට ගත්තා. අනස් එයාගේ බර bag එකත් එක්කම මගේ බර bag එකත් උස්සගත්තා. තමාලි අනස් අතේ තිබුණ බුමිතෙල් ලිප අතට ගත්තා. ටික දුරක් යනකං මම අතේ මුකුත් නැතුව නැග්ගා ඒ කට්ටියට පින් සිද්ද වෙන්න. ඒකෙන් ටිකක් හයිය ඇවිත් ආයෙත් bag එක අතට ගත්තා. කැමරාවට මොනවා උනාද කියලා මතක නෑ. නැවතුන තැන නම් ඒක තිබුණා.









අපි වතුර පාරක් ගලාගෙන යන තැනක කණ්ඩියක් උඩට වෙන්න අපේ කුඩාරම් ටික ගහන්න තෝරාගත්තා රෑ වෙන්න කලින්. එතන ටිකක් සුද්ද කරලා පොළව සමතලා කරගත්තා. පිරිමි ළමයි ටික tent ටික ගහන කම් ගැහැණු ළමයි දර හොයන්න ගත්තා ගිනි මැලයක් ගහන්න කළුවර වැටෙන්න කලින්.





දර හොයල ඉවර වෙලා රෑට කෑම හදන්න එළවලු කැපුවා. අපිට ලොකුම ප්‍රශ්නේ උනේ තෙත දර වලින් ගිනි මැලය පත්තු කරගන්න එක. බුමිතෙල් තිබුණත් දර ඇවිලෙන්න ගොඩක් වෙලා ගියා. එත් කොහොම හරි කළුවර වැටෙන්න කලින් ගිනි මැලය අවුළුවා ගන්න අපිට පුළුවන් උනා.














බූමිතෙල් ලිප අරන් ගිය නිසා උයන්න අමාරුවක් උනේ නැහැ. අපි එළවලු දාලා නුඩ්ල්ස් හැදුවා. තව ඇපල්, පිපිඤ්ඤා කපලා ගත්තා. අනස් මස් හැදුවා. ඔක්කොම ලේස්ති කරලා අපි ඇඟ සෝද ගත්තේ අයිස් වගේ සීතල වතුරෙන්. ඒ වෙලාවේ හැටියට පුදුමාකාර බඩගින්නක් තිබුනේ හොදටම මහන්සි වෙලා හිටපු නිසා. කට්ටියම බඩ පිරෙන්න කෑවා. ඒ අස්සේ පිටාට පුෂ් ගාන සද්දෙකුත් ඇහුණා ;). ගැහැණු ළමයි ටික කලින්ම තෝර ගත්තු කුඩාරමට ගිහිං හොඳට නිදාගෙන ඇහැරෙද්දී ටිකක් එළිය වැටිලා.

උදේට කන්න හදන්න තිබුනේ මඤ්ඤාක්කා. අපි ඉතිං වතුර පාර ගාවට ගිහිං මඤ්ඤාක්කා සුද්ද කරා. ඒ අතරෙදි ක්‍රිෂාන් තේ හැදුවා. මමයි පිටයි ඡයාරූප පාඩමක් කරා ;). අපි ළූණු එක්ක චිලි පේස්ට් එකතු කරලා සම්බලක් හැදුවා මඤ්ඤාක්කා කන්න.






















මොනවා උනත් කට්ටියගෙන් ඉහලම ප්‍රතිචාර ලැබුණා ඒ කෑම වේලට. අනස් සීනී දාගෙන ගොඩාක් සැරට කෑවා ;).








ඊට පස්සේ අපි ගඟ උඩට ගියා නාන්න පුළුවන් තැනක් හොයාගන්න. ඇත්තටම අපේ ඇස් අදහා ගන්න බැරි උනා ඒ ලස්සන දැකලා. අපි ගල් උඩින් පැන පැන ටිකක් උඩටම ගියා. ගොඩාක් නිස්කලංක ගොඩක් ලස්සන තැනක්. ඒ හරිය එච්චරටම ලස්සන වෙලා ඇත්තේ මිනුස්සු වැඩිය ඇ පැත්තේ නොයන නිසා වෙන්න ඇති. තාම මිනිස් පුළුටක් නොගැටිච්ච මීටත් වඩා ලස්සන තැන් ලංකාවේ තව කොච්චර ඇත්ද කියලයි මට හිතුනේ.

















අපි හිතේ හැටියට නා ගත්තා. ඒ හරියේ විශේෂත්වය උනේ පුංචි උසකින් වැටෙන දියපාරවල්. ඒ නිසා ගිලෙයි කියලා බයක් නැහැ. දණහිස මට්ටම වගේ තමයි වතුර. ඒත් ගල් නිසා අපේ කව්රුවත් වැඩිය ඈතට ගියේ නැහැ. බොහොම පරිස්සමින් තමයි අපි සතුටු උනේ.














අපි ආයෙත් කුඩාරම් තිබුණු තැනට ඇවිත් ඔක්කොම අස් පස් කරලා ආපහු යන්න ලේස්ති උනා. ඒ වෙද්දී කාගේත් හිතේ තිබුණේ අයියෝ අපි ආයෙත් ඝෝෂාවෙන් පිරිලා ඉතිරිලා ගිය,කලබලෙන් එහෙට මෙහෙට දුවන්න වෙන ලෝකයට යන්න අකමැත්තක්. ඒත් අපේ ජීවිතය ඒක නිසා ආයේ එන්න උනා. එන්න කලින් අපි හිටපු තැන, අපි එන්න කලින් තිබුණ විදිහටම අපි හැදුවා. අඩුමගානේ එක කඩදාසි කොලයක් වත් එතන දාලා නොඑන්න අපි වග බලාගත්තා.















ඉතිං අනස් ඇරෙන්න ගියපු හැමෝගේම ජීවිතේටම විඳලා නොතිබුණ අත්දැකීමක් විඳගන්න ලැබුණේ අනස් නිසා. ගියපු හැමෝම අනස්ට ස්තූති කරා මේ වගේ දෙයක් plan කරාට. ඒ වගේම රීටා අපිව පරිස්සමින් එක්කන් ගිහිං ආයෙත් පරිස්සමින් එක්කන් ආවා. එච්චර දුරක් වාහනයක් අරන් ගිහිං ඒ මහන්සියත් එක්කම එක දිගටම වාහනයක් පදින එක ලේසි නෑ. ඒ ඇරෙන්න ගියපු හැමෝම එක එක්කෙනාට උදව් කරගෙන සහයෝගෙන් වැඩ කරපු නිසා කාටවත් කිසිම කරදරයක් නොවී ආපහු එන්න පුළුවන් උනා. කූඩැල්ලො කාපු ඒවා නම් තාම රිදෙනව

අපි ආපහු එනකන් කිය කිය ආවේ "ජීවිතය ඉතිං අපේ සිහිනයාක් නොවේ. හෙට උදේම අවදි වී යා යුතුව තිබේ..." සිංදුව ;)
ආ.. අනස් එන ගමනේදී සංගීත ප්‍රසංගයකුත් පැවැත්තුවා."ස්තුතියි..තියි තියි..තියි.., මීලගට ට ට..ට.. සුනිල් ටී ටී..ටී..." ;)




අපිත් එක්ක යන්න එන්න අහපු උපේක්ශ්‍යා, උත්පලාවී දෙන්නට එන්න ඉඩක් නොතිබුණු එකට ගොඩක් කණගාටු වෙනවා. ඒ වගේම තාරා. ඒත් අපිට වෙන කරන්න දෙඅක් තිබුනේ නෑ කණ්ඩායමක් විදිහට පටන් ගත්තු වැඩේ ඉවර කරනවා මිසක. ඉතිං අපි දැකපු දේවල් බොහොමයි. ඒක වචන වලින් විස්තර කරන්න ගොඩාක් අමාරුයි. ආයෙත් ගොඩක් අයත් එකතු කරන් මේ වගේ සුන්දර ගමනක් යන්න අපි හැමෝටම ඉඩ ලැබෙන්නත් මේ සහෝදරකම් හැමදාම එක විදිහටම තියෙන්න කියලත් මම හදවතින්ම පාර්ථනා කරනවා.

ඡයාරූප අනුග්‍රහය පිටා සහ මගෙන්..






මේක ලැබුණේ අනස්ගෙන්...



Sunday, January 31, 2016

මුදලින් මැනිය නොහැකි මිනිසත් බව



දවසක් ඔන්න මම මගේ සුපුරුදු බෑග් එකත් උස්සගෙන ගමනක් යනවා. මගේ බෑග් එක ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බරම බරයි. හැමදාම ඒක එහෙමයි (දන්නෝ දනිති). ඔන්න මම බස් එකකට ගොඩ උනා. එතකොට වෙලාව උදේ 8 ට විතර ඇති. කට කපලා සෙනඟ. මට බස් එකේ foot board එකෙන් උඩට නැග ගන්න විතරයි පුළුවන්. මගේ බෑග් එක කරෙන් පහලට අරගෙන උස්සගත්තා මම. එක අතකින් කණුවක් අල්ලාගෙන අනිත් අතෙන් බෑග් එක එල්ලගත්තා. මගේ අත්දැකීම් වල විදිහට බස් වල වාඩි වෙලා ඉන්න, clean suits ගහල make up දාල, සුවඳ ගහ ගහ වැඩට යන අය නම් ගොඩක් අඩුවෙන් තමයි බර බෑග් එකක් අතට ගන්නේ. මම ඉතින් තත්වේ දන්නා නිසා කාටවත් දෙන්න ගියෙත් නෑ. දෙන්න ඉඩක් තිව්නෙත් නෑ. උඩට උස්සල දෙන්න ගිය නම් 90% ක් විතර ශක්තිය වැය වෙලා කලන්තේ දාලත් වැටෙන්න තිව්නා. කොන්දොස්තර අයියා මම අමාරුවෙන් උස්සන් ඉන්න බෑග් එක දැක්කා. එයා foot board එකේ හිටියේ. දැක්ක ගමන් එයාගේ කකුල උඩට මගේ බෑග් එකේ බර එන විදිහට කකුල තියාගත්තා. මම උඩින් එල්ල ගෙන, ඒත් එයාගේ කකුල උඩ තමයි මගේ බෑග් එකේ සංපූර්ණ බර. මට පුදුමයි. අනේ අර බස් එකේ වාඩි වෙලා යන කව්රුත් බෑග් ගන්නේ නෑ. ඒත් අර මනුස්සයා ඒ වෙලාවේ හැටියට මට කරේ කියන්න බැරි තරම් උදව්වක්. මට හිතුනේ දුක විදලා තියෙන මනුස්සයා ට විතරයි අනිත් මිනිස්සුන්ගේ දුක දැනෙන්නේ කියලා. දුක් විදින මිනිහා විතරයි දන්නේ අනිත් මිනිහගේ දුක. තත්වය යි , රස්සාවයි මිනිස්සුන්ගේ මනුස්සකම නැති කරනවාදෝ කියලත් මට වෙලාවකට හිතෙනවා.

පාරේ ඉන්න දුප්පත් මනුස්සයෙක් හදිසියෙවත් වැටුනොත් කවදාවත් වැදගත් විදිහට ඇඳන් ඉන්න මහත්තයෙක් කවදාවත් නැවතිලා උස්සන්න යන්නේ නෑ. ඒ උස්සන්න බැරි කම නිසා නෙවෙයි තත්වෙට හරි නැති නිසා. ඒත් අසරණ මනුස්සයෙක්ට උදව් කරන්න බැරි තත්වයෙන් ඇති වැඩේ මොකද්ද?? ඒ උගත්කමෙන් ඇති වැඩේ මොකද්ද. අපිට උගන්නන්න ඒ මනුස්සයා බීපු තේ කෝප්පෙනුත් කීයක් හරි දායක වෙන්න ඇති කියලා අමතක වෙන තත්වෙන් ඇති ඵලේ මොකද්ද?? පාර පනින්න ගියාම සුපිරි කාර් නවත්තලා පාර පනින්න ඉඩ දෙන්නේ බොහොම අඩුවෙන්. එත් මගේ අත්දැකීමේ හැටියට ත්‍රීරෝද රථ නම් ඕනේ වෙලාවක ඉඩ දෙනවා. ඒ වාහනේ පොඩි නිසාද ඒ මනුස්සයාගේ හිත හොඳ කම නිසාද කියලා මම දන්නේ නෑ.

තවත් දවසක් මම උදේ පාන්දර ගෙදර යන දවසක මට නිකන් වමනේ යන්න වගේ. කෝකටත් කියල සිලිං බෑග් එකක් ගන්න කියල රුපියල් පහකුත් අතේ තියන් පිටකොටුවේ ඇපල් කඩේකට ගියා. එත් අවුරුදු 35 ක වගේ මනුස්සයෙක්. අනේ සිලිං බෑග් දෙකක් දීලා සල්ලි ගත්තෙත් නැහැ. මම ඉතින් ස්තුති කරලා බස් එකට නැග්ගා. මම වෙන ලොකු කඩේකට ගියා නම් මොකද්ද වෙන්නේ කියල මම හොදටම දන්නවා. Clean suits ඇඳපු, ලාච්චුව පිරින්න සල්ලි තියෙන කඩවල් වල මුදලාලිලාට වඩා වැදගත්කමක් මම ඒ මුදලාලිගෙන් දැක්කා. Clean suits ඇඳපු හැමෝම මෙහෙමයි කියනවා නෙවෙයි. ගොඩක් අය පොළවේ පය ගහල ඉන්න අය නෙවයි. ගොඩක් අය ඇවිත් තියෙන්නේත් පහලම තැනක ඉදලයි. ඒත් පුප්පන ගතිය, මාන්නේ, සහ පොළවෙන් උඩ ඉන්න ගතිය ලොකුයි කියන රැකියාවත් එක්ක වෙන දෙයක්ද, සමාජේ වැරද්දක්ද, සිතුවිලි වල වරදක්ද, ඉගෙන ගෙන තියෙන විදිහේ වැරද්දක්ද, එහෙම නැත්නම් වෙන දෙයක්ද කියලත් මම නම් දන්නේ නෑ. මම ගාවත් ගොඩක් වැරදි ඇති. ඒත් මම ගොඩාක් අයට උදව් කරනවා හොඳ හිතින් කියල මම දන්නවා.

මේක මම අහපු ලංකාවේ වෙච්ච ඇත්ත කතාවක්.
ස්කොලේ යන කාලේ නාහෙට අහන්නේ නැති මහා ඇට්ටර ළමයෙක් හිටිය සිරිසේන කියලා. සිරිසේන ට වැඩිය ඉගෙන ගන්නත් බැහැ. ඉතින් ස්කොලේ ගුරුවරුනුත් මේ ළමයට කැමති නැති නිසා හරියට එක එක ඒවා කියනවා. එත් එකම එක මිස් කෙනෙක් විතරක් මේ සිරිසේන ට ආදරෙයි. පුතේ කියල කතා කරනවා. කවදාවත් බනින්නේ නැහැ. ආදරෙන් සලකනවා. දැක්ක තැන කතා කරනවා. ඉතින් මෙහෙම ස්කෝලේ ගිහින් ඉවර උනාට පස්සේ මේ සිරිසේන ත්‍රීවීල් එකක් අරන් ඉතින් හයර් යනවා. ඒකෙන් එදා වේල හම්බ කරන් හිටිය. ටික දවසකින් මෙයාගේ ස්කොලේ යාළුවොන්ට ආරංචි වෙලා මෙයා ඒ ත්‍රීවීල් එකත් විකුණලා කියල. ඉතින් යාළුවොත් දුක් වෙලා හරියට ඉගෙන ගන්න බැරි උන නිසා පාලනයක් නෑ කියල. එත් දවසක් එක යාළුවෙක් ට මේ සිරිසේන මුණ ගැහිලා විස්තර අහල. දැන් මොකද කරන්නේ ඒවා මේවා. එතකොට මේ සිරිසේන කියල තියෙනවා “උඹට මතකද අර මට හරිම ආදරේ මිස් කෙනෙක් හිටියා, එයාගේ වකුගඩු දෙකම නරක් වෙලා සනීප නැතුව හිටියා. එයාට වකුගඩුවක් අරන් දෙන්න මම මගේ ත්‍රීවීල් එක වික්ක බන්. මොනවා උනත් මට පුතේ කියල හරි ඒ දවස් වල කතා කරන්න හිටියේ ඒ මනුස්සයා විතරයි ” කියලා. ඉතිං‍ අර යාළුවටත් මොනවා කියන්නද කියල හිතාගන්න බැරි වෙලා. එයාල ඉගෙන ගත්තට සිරිසේන ගාව තිබුන මනුස්සකම ඉගෙන ගන්න අමතක වෙලා කියල එයාට හිතුනලු.