| වහින්නට හැකි නම් ගිගුම් දී |
| වියලි ගම් බිම් වලට ඉහලින්.. |
| ඉදෙන්නට හැකි නම් බතක් වී |
| බතක් නොඉදෙන පැලක රහසින්... |
| රැදෙන්නට හැකි නම් ළමා කැල |
| හඩන දෙතොළග සිනා වක් වී... |
| පිපෙන්නට හැකි නම් තුරින් තුර |
| නෙලා ගත හැකි වන මලක් වී.... |
| නිදන්නට හැකි නම් දෙනෙත් තුල |
| සැබෑ වෙන සුභ සිහිනයක් වී... |
| ගැයෙන්නට හැකි නම් දොරින් දොර |
| ලොවම පුබුදන ගීතයක් වී.... |
like the thought mam...:)...:)....nice
ReplyDeletemage newei habei... ;)
ReplyDelete