Sunday, December 16, 2018

අනුරාධපුරයේ දවස් දෙකක්...

කාලෙක ඉදලා මට ඕනේ කමක් තිබුණා තනියම පාරවල් හොයාගෙන trip එකක් යන්න.රුවන්වැලි මහා සෑයේ යන්න ඕනේ කමක් තිබුණ නිසා අනුරාධපුරේ හොදයි කියලා තීරණය කරා. කොයි adventure එකටත් නෑ බෑ නොකියන පියුමි අක්කා මේ පාරත් තනියට හිටියා. ඉතින් අපි මුලින්ම කරේ හොඳ නවතින්න තැනක් බලපු එක. Booking.com එකේ හොඳ reviews තියෙන තැනක් බලලා book කරා. අපිට ගොඩක්ම යන්න ඕනේ වුණේ රුවන්වැලි මහා සෑය ගාවට නිසා වැඩිය plan කරෙත් නෑ. එන එන විදිහට යනවා කියලා හිතා ගත්තා. අපි උදේ 6 ට වගේ කොළඹින් පිටත් වුණා. අපි වාරියපොල හරියෙන් නවත්තලා උදේට පානුයි සීනි සම්බලුයි කෑවා පියුමි අක්කගෙ නැන්දා හදලා දීපු. ඒ වෙද්දි 8 විතර වෙලා.



අපි අනුරාධපුරයට යද්දි උදේ 11 විතර වෙලා. අපි නවතින තැනට කතා කරල ඇහුවා අපි early check in වුණාට කමක් නැද්ද කියලා. කමක් නෑ එන්න කියලා කිව්වා. අපිට ඉතින් welcome drink එකකුත් හම්බ වුණා. අපි wash එකක් දාගෙන හොදට නිදා ගත්තා මහන්සි නිසා. සහ දවල් ඇවිදින්න යන්න බැරි නිසා. රුවන්වැලි මහා සෑයට යන්න හොඳ හවස නිසා අපි 3 ට වගේ එළියට බැස්සා දවල්ට කන්නත් එක්ක.
ඒ හරියේ කන්න තැන්  බලද්දී හම්බ වුණා පැල් හේන කියල කඩයක් අපි නැවතිලා හිටපු හරියෙම වගේ. හොඳ reviews තිබුණ නිසා අපි එතෙන්ට ගියා. එතන සම්පූර්ණයෙන්ම ගමේ විදිහට තමයි හදලා තිබුණේ. එතන සම්පූර්ණයෙන්ම කාබනික එළවලු වලින් තමයි කෑම හදන්නේ රසකාරක නැතුව. කෘෂිකාර්මික උපදේශක මහත්මයෙක් තමයි එතන අයිතිකාරයා. අපිත් එක්ක ඒ කෑම හදන අම්මත් කතා කරා. ලොකු ගානකුත් නැහැ. කන්න කලින් කෑම පිගාන දැක්ක ගමන්ම බඩ පිරෙනවා. පලවෙනි බත් කට කටට ගද්දිම පුදුම රසක් දැනුණා. 






ඉතින් අපි එතන වට පිටාවත් රස විදලා ශ්‍රී මහා බෝධියට යන්න පිටත් වුණා 4.30 ට විතර. 

අව්ව ටිකක් තිබුණ නිසාද මන්දා ශ්‍රී මහා බෝධිය ගාව සෙනඟ ගොඩාක් අඩුයි. අපි ගිහිල්ල නිවී හැනහිල්ලේ ගාථා කියලා වැදලා ටිකක් භාවනා කරා. ඊට පස්සේ එතනින් අපි රුවන් වැලි මහා සෑය පැත්තට ගියා. රුවන්වැලි මහා සෑයට යන අතරමග අක්කල වගයක් අපිට එයාලගේ අටවිසි බුද්ධ පූජාවට සහභාගී වෙන්න කියලා ගිලන්පස එකක් දුන්නා ගිහින් පූජා කරන්න කියලා. මගේ අතේ බඩු තිබුණ නිසා පියුමි අක්ක ගේ බඩු ටිකත් මම අරගෙන එයාට ගිලන්පස එක ගන්න කිව්වා. ඔහොම යන අතරමග අනේ ආච්චි කෙනෙක් ගිලන්පස එකයි  එයාගේ බෑග් එකයි ගෙනිය ගන්න බැරුව මග නැවතිලා. මම ඉතින් එයාගේ බෑග් එකත් අරන් එයාට ගිලන්පස එක ගෙනියන්න දුන්නා. 






අපි රුවන්වැලි මහා සෑයට ගිහින් ගිලන්පස පූජා කරලා හොඳ තැනක් බලලා වාඩි වුණා. වාඩි වෙලා අපි බුදුන් වැදලා පිරිත් කියලා භාවනා කරා. පියුමි අක්ක කප් රුක් පූජාවකටත් සම්බන්ද වුණා.


  

හවස 7.30 ට වගේ අපි රුවන්වැලි මහා සෑයෙන් ආපහු නවතින තැනට ආවා. එද්දී අපි Mango Mango restaurant එකෙන් රෑට කෑවා. ඒකෙ නම් ගොඩාක් සෙනඟ. ගොඩක් වෙලා ඉන්න වුණා order කරලා. 


ඉතින් ඔන්න එහෙම එදා අපේ පළවෙනි දවස ඉවර වුණා.එදා දවසටම අපි කරේ රුවන්වැලි මහා සෑයයි, ශ්‍රී  මහා බෝධියයි හොඳටම  වැඳපු එකයි විතරයි. අපි ඇවිත් හොදට නිදාගත්තා.

ඊළග දවසේ උදේම නැගිටලත් භාවනා කරා. උදේම tea බීලා ඒ හරියට ළග යන්න තැනක් බැලුවම ඉසුරුමුණිය තියෙන්නේ 4 km වගේ ඈතින් කියලා දැක්කා. අපි නැවතුනු තැන foot cycles තිබුණා. මට හිතුණා foot cycles වල ඉසුරුමුණියට යන්න ඕනේ කියලා. අපි උදේට එතනින් කෑම කාලා බයිසිකලෙන් ඉසුරුමුණියට ගියා.  කෑම ගැන කිව්වොත් ඒකත් මාරම රසයි. 




ඒ staff එකත් මාරම හොඳයි. අපි බයිසිකලේ බෑග් එක දාගෙන යන්න හදද්දී එයාලා කිව්වා බෑග් දාගෙන යන්න එපා මිනිස්සු උදුරන් යනවා කියලා. අපි ඉතින් මුකුත්ම අරන් ගියේ නෑ  phone එක ඇරුනම. අපි 8 විතර වගේ වෙද්දී එතනින් පිට වුණා. අපි google map එකත් දාගෙන හති දාගෙන බයිසිකලෙන් ඉසුරුමුණියට ගියා. 



කාලෙකින් පැද්දේ නැති නිසා මහන්සියි. අපි ඉසුරුමුණි පන්සලට ගිහිල්ලා මිනිසා සහ අශ්ව හිස ,අත් රූප එහෙම බලලා කෞතුකාගාරයට ගිහින් ඉසුරුමුණි පෙම් යුවලත් බැලුවා.



එතනින් පස්සේ චෛයත්‍යය ට ගිහිල්ල වැඳලා ආවා.



ඊට පස්සේ අපි ගියේ රන්මසු උයනට. එතනට මං කලින් ගිහින් තිව්නත් පියුමි අක්ක ගිහින් තිබුණේ නෑ. ඉතින් අපි ඒකෙ තියෙන තාරකා දොරටුව, බිසෝ වරුන්ගේ සහ රජවරුන්ගේ පොකුණු සහ ඇත් රූප කැටයම් බලල ආපහු ආවා.




එද්දී බයිසිකලේ පැදන් ඇවිත් මහන්සියි. පොඩි කඩයක් ගාවින් නවත්තලා milo එකක් බිව්වා. අපි ආපහු එනකන් නවාතැනේ කට්ටිය මග බලන් ඉදලා. ආපු ගමන් විස්තර ඇහුවා.අපි ආපහු එද්දී උදේ 10.30 විතර වෙලා. අපි ඊට පස්සේ අපි හිතුවේ අභයගිරිය පැත්තට යන්න. මොකද එහේ බලන්න ගොඩක් දේවල් තියෙන නිසා. අපි ඉතින් නැවතුණු තැනෙන් check out වෙලා අභියගිරිය පැත්තට යන්න පිටත් වුණා.

අපි මුලින්ම ගියේ කුට්ටම් පොකුණට.




අපි ගිහිල්ල කුට්ටම් පොකුණ වටේම ඇවිදලා ඊට පස්සේ ඒ කිට්ටුවම තියෙන ගල් පාලම බලන්න ගියා. ඒකත් පුදුම නිර්මාණයක්. ඒක තමයි ඉස්සර තිබ්බ A9 එක. උතුරට බඩු ප්‍රවාහනය සඳහා මල්වතු ඔය හරහා ඉදි කරපු පාලම තමයි ඒ. අදටත් ඒකෙ නටබුන් ඉතුරු වෙලා තියෙනවා. මං හිතන්නේ අලි ඇත්තුත් ඒකෙන් එගොඩ වෙන්න ඇති ඒ කාලේ.





ඉස්සරත් අභියගිරි විහාරය ගාව ඇවිදලා තිබුණට ඒ පැත්තට කවදාවත් මම ගිහින් තිබුණේ නෑ. මං හිතන්නේ ගොඩක්  මිනිස්සු ඒ පැත්තට යැවෙන්න නෑ. එතන තිබුණ කඩ පේලියෙන් මට මොනවා හරි ගන්න ඕනේ වුණා, ගන්න ඕනේ කමකට නෙවෙයි, ඒ මිනිස්සුන්ට උදව්වක් විදිහට.
ඒ කඩ වල හිටපු ඇන්ටිලා අපිට කොමඩු කපල දුන්නා. අපි එතන තිබ්බ වහල තිවන කඩයක් ඇතුලේ ඉදන් අපි කොමඩු කෑවා. අපි එතනින් දිවුල්, ගස්ලබු කොමඩු වගේ දේවල් ගත්තා ගෙදර ගේන්න.





අපි එතනින් පස්සේ පන්කුලියේ සමාධි පිළිමය බලන්න යන්න හිතාගත්තත් එතෙන්ට යන පාර පහු වුණා. පස්සේ ඒක අමතක කරලා සමාධි පිළිමය බලන්න ගියා.


එතනින් පස්සේ ඇත් පොකුණ, වජ්‍රාසනය, සඳකඩපහණ, කොරවක්ගල බලන්න ගියා.






ආපහු ඇවිත් අපි දොඩම් බිව්වා මහන්සි නිසා. මේ වෙද්දී වෙලාව දවල් 1.30 විතර වෙලා. අපි එතනින් පස්සේ ආපහු එන්න පිටත් වුණා මගින් කමු කියල. අපි අනුරාධපුරේ town එකේ කඩේකින් දවල්ට කාලා කොළඹ එන්න පිටත් වුණා. දිගටම පැය 3ක් විතර එක දිගටම drive කරා. අපි ආපහු වාරියපොළ කිට්ටුවෙන් කඩයක් ගාවින් නවත්තලා තේකක් බීලා එහෙම ආපහු යන්න පිටත් වුණා. අපි කොළඹට එද්දී රෑ 7 විතර වෙන්න ඇති. බොහෝම relax එකේ ගිහින් ආපු ගමනක්. Google map එකට පින් සිද්ද වෙන්න තමයි අපිට එහෙම ගිහින් එන්න පුළුවන් වුණේ.



3 comments:

  1. Lassanai mchoo....unplanned trips are the best memoroes..♡

    ReplyDelete
  2. Niyama gamanak. Philgrimage Saha adventure dekama aduwak ne. Bag mankolla kema gena siyalu dena denuwat wiya yutui.

    ReplyDelete